නෙස්ටමෝල්ට් ඉකුත් වසරේදී ආරම්භ කළ තම අසමසම ප්‍රවර්ධන වැඩසටහන වන ‘SALARY for LIFE’ වැඩසටහන දෙවැනි වරටත් සංවිධානය කරමින්, තරගයේ කොන්දේසි හා නියමයන්ට අනුව, වයස අවුරුදු 55 සම්පූර්ණ වනතුරු මාසිකව රුපියල් 50,000 බැගින් ලබාගන්නා තවත් නෙස්ටමෝල්ට් පාරිභෝගිකයෙකු සොයාගැනීමේ මෙහෙයුම දැන් ආරම්භ කර තිබේ. මෙම වැඩසටහන දියත් කිරීම හරහා නෙස්ටමෝල්ට් අපේක්ෂා කරන්නේ, තමන්ට ළබැඳි පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ඉලක්ක ජයගනිමින්, ජීවිතයේ ඉහළට යාම සඳහා සවියක් වීමය. වයස අවුරුදු 18ත්, 50ත් අතර ඕනෑම නෙස්ටමෝල්ට් පාරිභෝගිකයෙකුට මෙම වැඩසටහනට එක්විය හැක. ඒ සඳහා ඔවුන් කළ යුත්තේ ග්‍රෑම් 400 නෙස්ටමෝල්ට් පැකට්ටුවක උඩු පියන්පත් හැකි තරම් ප්‍රමාණයක් යොමු කර කුසපත් ඇදීමේ තරගයට ඇතුළු වීමයි. එවන ලද කුසපත් සියල්ල අතුරින් අහඹු ලෙස එක් ජයග්‍රාහකයෙකු තෝරා ගනු ලැබේ.
නෙස්ටමෝල්ට් ඉකුත් වසරේදී පළමු වරට සංවිධානය කළ SALARY for LIFE තරගයෙන් ජයගැනීමට පිළිමතලාවේ පදිංචි 20 හැවිරිදි අවිශ්කා කොස්වත්ත මෙනෙවිය සමත්වූවාය.











