• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මම පාඩුවෙ ඉන්න අහිංසක කොල්ලෙක්

February 14, 2021
in Heart
Reading Time: 2 mins read
A A
මම පාඩුවෙ ඉන්න අහිංසක කොල්ලෙක්
Share on WhatsAppShare on Facebook

⬤ ශනුද්‍රිගෙන් ලොකු සපෝට් එකක් ලැබුණා…

⬤ වෘත්තීය රංගන ශිල්පියකු වෙන්න අදහසක් නැහැ…

‘සත්‍යා’ තුළින් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගත් අධ්‍යක්ෂ චරිත් පෙරේරාගේ නවතම ටෙලි නිර්මාණය ‘තාදි’ මේ වෙනකොට බොහෝදෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා. ‘තාදි’ ටෙලිනාට්‍ය තුළ අපට දැකගන්නට ලැබෙන්නේ පරපුරේ ජනප්‍රිය නිළි ශනුද්‍රි සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට අලුතින්ම හඳුන්වා දුන් සෙනුර පීරිස්. ‘තාදි’ තුළ නිමන්ත ලෙසින් රංගනයට අත්පොත් තබන සෙනුර පීරිස් ‘තාදි’ ගැන මෙන්ම තම ඉදිරි බලාපොරොත්තු ගැන කියන්න අපිත් එක්ක එක්වුණේ මේ විදිහට.
🔴 ‘තාදි’ නාට්‍යයේ නිමන්ත ඇත්ත ජීවිතයේ කවුද කියල හඳුන්වල දීලම කතාබහ පටන්ගමු?
ඇත්තටම සෙනුර පීරිස් කියන්නෙ අම්මයි, තාත්තයි, අක්කයි ඉන්න පවුලක අහිංසකව ජීවත් වෙන කොල්ලෙක් කියල කිව්වොත් තමයි හරියටම හරි. ඒ අතර මම මගේ උසස් අධ්‍යාපන කටයුතුවල නියැළෙනවා.
🔴 ‘තාදි’ නාට්‍යයට සම්බන්ධ වෙන්න සෙනුරට අවස්ථාව ලැබෙන්නෙ කොහොමද?
‘තාදි’ නාට්‍ය අධ්‍යක්ෂණය කරන චරිත් අබේසිංහගෙ ආරාධනයක් අනුව තමයි මට නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නෙ. එයා මාව දැකල තමයි මගෙන් ඇහුවෙ අලුත් නාට්‍යයක් තියෙනව වැඩ කරන්න කැමැතිද කියල. ඒ අනුව තමයි මට මේ අවස්ථාව ලැබෙන්නෙ.
🔴 පළමු රංගනය ලෙස ටෙලිනාට්‍යයක ප්‍රධාන චරිතයකට ආරාධනා ලැබීම ඔබට චකිතයක් ඇතිකළේ නැද්ද?
මම ඒ වෙනකොට රංගනය පිළිබඳ කිසිම හැදෑරීමක් කරල තිබුණෙ නෑ. මට මුලින්ම නාට්‍යයේ තිර පිටපත ලැබුණට පස්සෙ මම චරිත් අයියත් එක්ක කතා කළා මට තිබුණ අඩු අත්දැකීම් එක්ක මේක කරන්න පුළුවන් වෙයිද කියල. ඊට පස්සෙ අපි කරපු ස්ක්‍රීන් ටෙස්ට් එකෙන් පස්සෙ මාස දෙකක විතර වර්ක්ෂොප් එකකුත් කළා. එයින් පසු තමයි මට විශ්වාසයක් ඇතිවුණේ මේ චරිතය මට කරන්න පුළුවන් කියල.
🔴 ඇත්ත ජීවිතයෙත් සෙනුර, ‘තාදිවල නිමන්ත වගේ නිසාද මේ චරිතය කරන්න ඔබට පහසු වුණේ?
ඇත්තෙන්ම තාදි නාට්‍යයේ නිමන්තගේ චරිතයට බොහෝදුරට මගේ ජීවිතයත් සමානයි කිව්වොත් හරි. මම තිර පිටපත කියෙව්වට පස්සෙ මට ඒක හොඳටම තේරුණා. ඉතින් ඒකත් මට ලොකු පහසුවක් වුණා නිමන්තගෙ චරිතය සාර්ථක කරගන්න.
🔴 ඔබට මේ ආභාෂය ලැබෙන්නෙ කලාවට සම්බන්ධ පවුලක සාමාජිකයෙක් වීම හරහාද?
ඇත්තටම චරිත් අයිය මීට පෙර අධ්‍යක්ෂණය කළ ‘සත්‍යා’ කියන ටෙලිනාට්‍ය හා ‘ගින්නෙන් උපන් සීතල’ කියන චිත්‍රපට නිෂ්පාදය කළේ මගේ සහෝදරිය. ඊට අමතරව මගේ තාත්ත විශාල ටෙලිනාට්‍ය ප්‍රමාණයකට නිෂ්පාදනයෙන් දායක වෙලා තියෙනවා. ඔවුන්ගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනව මගේ වැඩකටයුතුවලට.
🔴 පවුල් පසුබිමක් තියෙද්දිත් ඇයි මේ තරම් කල් ගත්තෙ කලාවට සම්බන්ධ වෙන්න?
ඇත්තටම රංගන ශිල්පියෙක් වෙන්න මගේ කිසිම අදහසක් තිබුණෙ නෑ. මේ ක්ෂේත්‍රය මම කැමැත්තෙන් හිටපු ක්ෂේත්‍රයක් නෙමෙයි. හැබැයි තිර පිටපත කියෙව්වට පස්සෙ මට හිතුණ මේක ටිකක් වෙනස් වැඩක්. ඒ හින්ද මේකට සම්බන්ධ වෙන්න ඕනෙ කියල. ඒ අනුව අහම්බයකින් වගේ තමයි මම මේ ක්ෂේත්‍රයට පිවිසෙන්නෙ.
🔴 ඔබේ රංගනය පිළිබඳව අධ්‍යක්ෂවරයා සෑහීමකට පත්වුණා කියල ඔබ හිතනවද?
අපි මේ වෙනකොට එපිසෝඩ් විස්සකට ආසන්න ප්‍රමාණයක් තමයි ඉවර කරල තියෙන්නෙ. ඒ ප්‍රමාණය තුළ මම හිතනව මම සෑහෙන සාධාරණයක් මේ චරිතයට කළා කියල. චරිත් අයිය බලාපොරොත්තු වුණාට වැඩි දෙයක් මගෙන් ලැබුණ කියල ඔහු මට කියල තියෙනව. ඒ වුණාට ඒ පිළිබඳව මම සෑහීමකට පත්වෙන්නෙ නෑ. තව තවත් හොඳින් මේ චරිතය නිරූපණය කරන්න තමයි මම හැම විටම උත්සාහ ගන්නෙ.
🔴 ප්‍රධාන චරිතය නිරූපණය කරන ශනුද්‍රිගෙන් ලැබෙන සහයෝගය මොන වගේද?
ඇත්තටම ඇයගෙන් ඉතාම හොඳ සපෝට් එකක් මට ලැබුණා. ඒ වගේම මේ සඳහා සම්බන්ධ වෙලා ඉන්න හැමෝගෙන්ම මට ඒ සහයෝගය ලැබුණ. ප්‍රවීණ ශිල්පීන් පවා මම නවකයෙක් කියල කිසිම වෙනසක් නොකර මගෙත් එක්ක හොඳින් වැඩකටයුතු කළා. ඉතින් ඔවුන්ගෙන් ලැබුණු මේ සහයෝගයත් එක්ක තමයි මට මේ චරිතය ඉතාම හොඳින් ගොඩනගාගන්න පුළුවන් වුණේ.
🔴 නිමන්ත කියන චරිතයට මේ වෙනකොට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
සාමාන්‍ය ප්‍රතිචාර තමයි මේ සඳහා ලැබෙන්නෙ. හොඳම ප්‍රතිචාර ලැබෙනව කියල මට කියන්න බෑ. හොඳ වගේම මගේ අඩුපාඩු ගැන කියල ලැබෙන ප්‍රතිචාරත් තියෙනව. ඉතින් ඒ හැම දෙයක්ම හොඳින් භාරගෙන මගේ අඩුපාඩු හදාගෙන ඉදිරි වැඩ කරගෙන යන්න තමයි මගේ බලාපොරොත්තුව.
🔴 නව නිර්මාණ සඳහාත් මේ වෙනකොට ආරාධනා ලැබිල තියෙනවද?
ඔව්. අලුත් නිර්මාණ කිහිපයකටම මේ වෙනකොට ආරාධනා ඇවිල්ල තියෙනවා. තාදි නාට්‍යයේ වැඩකටයුතු අවසන් වුණාට පස්සෙ මට ඉඩ ලැබෙන විදිහට ඒ නිර්මාණ සඳහා දායක වෙන්න තමයි හිතාගෙන ඉන්නෙ.
🔴 රංගනය පිළිබඳ වැඩිදුර හැදෑරීමක් කරන්න ඔබේ අදහසක් නැද්ද?
රංගනය පිළිබඳ වැඩිදුර හදාරන්න මේ වෙනකොට බොහෝ කටයුතු සූදානම් කරලයි තියෙන්නෙ.
🔴 ඒ කියන්නෙ ඉදිරියෙදි සෙනුර වෘත්තීමය රංගන ශිල්පියෙක්?
වෘත්තීමය රංගන ශිල්පියෙක් වෙන්න අදහසක් නෑ. මම පවුලේ ව්‍යාපාර කටයුතු සඳහා තමයි මුල්තැන දෙන්නෙ. ඒ අතර ඉඩ ලැබෙන විදිහට පුළුවන් විදිහට හොඳ නිර්මාණ හරහා ප්‍රේක්ෂකයන් අතරට යන්න තමයි මගේ බලාපොරොත්තුව.
ඉන්දික වික්‍රමරත්න

SendShareShare
Previous Post

මියුරු රුඟුම නිමාවුණා…

Next Post

සනී තිබ්බ පොල්ල

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.