• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මියුරු රුඟුම නිමාවුණා…

February 14, 2021
in Heart
Reading Time: 1 min read
A A
මියුරු රුඟුම නිමාවුණා…
Share on WhatsAppShare on Facebook

නිරන්තරයෙන්ම සොඳුරු සිනහවකින් මුව සරසාගත් ප්‍රවීණ රංගණ ශිල්පිනියක වූ මියුරි සමරසිංහ මහත්මිය මුළු කලා ලෝකයම කඳුළේ ගිල්වමින් පසුගියදා දැයෙන් සමුගත්තා. වසර ගණනාවක් පුරා වේදිකාව, ටෙලිනාට්‍ය සහ සිනමාව යන ත්‍රිවිධ මාධ්‍යයෙන්ම සම්මාන ලැබූ ප්‍රතිභා පූර්ණ නිළියක් ලෙස ඇය සෑම දෙනාගේම ආදරය දිනා ගෙන සිටියා.
1939 වසරේ මාර්තු 15 දින මොරටුවේදී උපත ලද මියුරි සමරසිංහ මහත්මිය මුල් වරට රංගන ශිල්පිනියක් බවට පත්ව ඇත්තේ 1966 වසරේදී. ඒ අලුත් දවසක් වේදිකා නාට්‍යය හරහා. එහෙත් ඊට පෙර කුඩා අවධියේ සිටම උඩරට සහ පහතරට නර්තන ශිල්පිනියක් ලෙස ඇය කලාව සමඟ සම්බන්ධ වී තිබෙනවා.

රන් කන්ද, ඔතෙලෝ, සිවම්මා ධනපාල, නැට්ටුක්කාරයෝ, ඇතුළු වේදිකා නාට්‍ය තුන්සියයකට අධික ප්‍රමාණයකට තම දායකත්වය ලබා දුන් මියුරි සමරසිංහ මහත්මිය පසුව වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරියක සහ නිෂ්පාදකවරියක ලෙසද කටයුතු කළා. 999 වේදිකා නාට්‍ය සඳහා 1981 වසරේදී හොඳම නිළියට හිමි ජනාධිපති සම්මානය දිනා ගැනීමට හැකි වීම ඇයගේ කලා ගමනේ සුවිශේෂී සංධිස්ථානයක් ලෙස හඳුන්වන්න පුළුවන්.

අමරසේන කුමාරසිංහ අධ්‍යක්ෂණය කළ මිරිඟුව චිත්‍රපටය හරහා සිනමාවට පිවිසි ඇය ඉන් පසු අධිෂ්ඨානය, මඩොල්දූව, විරාගය, යහළු යෙහෙළි වැනි සිනමා නිර්මාණ රැසක් හරහා ප්‍රේක්ෂක ආදරය දිනා ගැනීමට සමත් වුණා.

මිය යන තුරුම රූප පෙට්ටිය හරහා ජනතාවට සමීප වුණු මියුරි සමරසිංහ මහත්මිය ඉරට හඬන මල්, ඉරපායා, සන්නාලියනේ, දූ දරුවෝ, නැදෑයෝ, සිහින නිම්නය, සුර අසුර, දාමිණී, කෙම්මුර වැනි ටෙලිනාට්‍ය පන්සියයකට වැඩි ප්‍රමාණයකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒ අතරින් බන්දුල විතානගේ අධ්‍යක්ෂණය කළ එරබදු මල් ටෙලිනාට්‍යයට සුවිශේෂී ස්ථානයක් හිමි වෙනවා. අවසනාවන්ත ලෙස පිළිකා රෝගයට ගොදුරු වීමෙන් කලක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය පසුගියදා ඒ සොඳුරු සිනහව සඟවා ගනිමින් සදහටම දෙනෙත් පියා ගත්තා. ඒ ප්‍රවීණ කලාකාරිනියට අපි නිවන් සුව ප්‍රාර්ථනා කරමු.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

කොරෝනා හැදී කොටි දෙන්නක් මරුට

Next Post

මම පාඩුවෙ ඉන්න අහිංසක කොල්ලෙක්

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.