• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ගොඩක් අය බැන්න මම කරගත්තු ලොකුම මෝඩකම කියලා

February 13, 2021
in Heart
Reading Time: 2 mins read
A A
ගොඩක් අය බැන්න මම කරගත්තු ලොකුම මෝඩකම කියලා
Share on WhatsAppShare on Facebook

⬤ සුදු නංගි හින්දා මම ගොඩක් දේවල් නැතිකර ගත්තා…

⬤ අපි හිතන්නෙ නැති දේවල් වෙන්නේ…

‘ජීවිතය ලස්සනයි’ ටෙලිනාට්‍ය හරහා කාගෙත් ආදරය දිනාගත් ‘සුදු නංගීව’ ඔබට මතක ඇති. ඇය තමයි අයෝමි ශානිකා. දිගු නිහඬියාවකට පසු ඔබ ආදරය කළ ඒ සුදු නංගී නැවැත රඟපෑමට ඇවිත්. ඉතින් කාලෙකට පස්සේ සුදු නංගි සමඟ කතා කළා.
🔴 ‘සුදු නංගි’ කොහොමද ඉතින්?
හොඳින් ජීවිතය ගලාගෙන යනවා.
🔴 ඔබව ගොඩදෙනෙක් දැන හඳුනගත්තේ ‘සුදු නංගි’ ලෙසට නේද?
‘ජීවිතය ලස්සනයි’ ටෙලිනාට්‍ය හරහා තමයි ‘සුදු නංගී’ව ගොඩදෙනෙක් හඳුන ගත්තේ. එදා ඒ හඳුනගත්ත ‘සුදු නංගී’ ලෙසට තමයි අදටත් මට කතා කරන්නේ. ‘සුදු නංගි’ට ගෞරවාන්විතව ආදරය කළා. ඒ ආදරයට මමත් ආදරය කළා. මම හිතන්නේ මගේ ජීවිතයට ලැබුණු වාසනාවක් ‘සුදු නංගී’ව.
🔴 ඔබට මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වීමට මේ ක්‍ෂේත්‍රයේ සිටින හිරෝ කෙනෙක්ගෙන් සහායක් ලැබුණා නේද?
ඔබ ඔය කියන්නේ පුබුදු චතුරංග ගැන වෙන්න ඇති. අපි දෙන්නා හොඳ මිතුරන්. ඒ කාලේ මම රූපවාහිනීවල නිවේදිකාවක් ලෙසට කටයුතු කළා. ඔය අතර තමයි පුබුදු කිව්වේ වෙනසකටත් එක්ක රඟපෑමට සම්බන්ධ වෙන්න කියලා. අලුත් ටෙලිනාට්‍යයකට රංගන ශිල්පිනියක් තෝරනවා කියලා. ඔහු මම ගැන රවින්ද්‍ර විජේරත්න අයියාට කියලා. ඔය විදියට තමයි මම ‘සුදු නංගි’ වුණේ.
🔴 දිගු නිහැඬියාවකට පසු ඔබ නැවැත ‘ඕෂා’ ලෙසින් රඟපෑමට සම්බන්ධ වෙනවා නේද?
ජාතික රූපවාහිනියේ විකාශය වන ‘රෑනගල වලව්ව’ ටෙලිනාට්‍යයට මම සම්බන්ධ වන්නේ අවුරුදු පහකට විතර පස්සේ තමයි. ඒ ටෙලිනාට්‍යයට මම සම්බන්ධ වෙලා සෑහෙන කාලයක් වෙනවා. දැන් තමයි විකාශ වෙන්නේ. ‘රෑනගල වලව්ව’ වෙනස්ම විදිහේ නිර්මාණයක් ලෙසට තමයි මගේ හිතට දැනුණේ. මම රඟපාපු පරණ ටෙලිනාට්‍ය කිහිපයක්ම තිබෙනවා විකාශය වීමට. ඒවා කවදා විකාශ වෙයිද කියලා දන්නේ නැහැ.
🔴 ‘සුදු නංගි’ චරිතය වගේ ‘ඕෂා’ ජනප්‍රිය වෙයි කියලා හිතනවද?
ඒ කාලේ මම හිතුවේ නැහැ ‘සුදු නංගි’ මේ තරම් ජනප්‍රිය චරිතයක් බවට පත්වෙයි කියලා. අපි නොහිතන දේවල් තමයි සිදුවන්නේ. ‘ස්වයංජාත’ ටෙලිනාට්‍යයේ මම ලොකු චරිතයක් නිරූපණය කළේ නැහැ. නමුත් අහවල් ටෙලිනාට්‍යයේ හිටියා නේද කියලා ප්‍රේක්‍ෂකයන් මගෙන් අහනවා. එය තීරණය කරන්නේ ප්‍රේක්‍ෂකයන් තමයි.
🔴 ඉන්දියාවට යෑමට තිබුණු අවස්ථාවක් ප්‍රතික්‍ෂේප කළේ ‘සුදු නංගි’ නිසාමද?
මගේ අධ්‍යාපන කටයුතු සඳහා ඉන්දියාවට යෑමට ශිෂ්‍යත්වයක් හිමිවුණා. මම එයත් ප්‍රතික්‍ෂේප කළේ ‘සුදු නංගි’ නිසාමයි. ඒකට නම් මට ගොඩදෙනෙක් බැන්න මම කරගත්තු ලොකුම මෝඩකමක් කියලා. හැබැයි මම එදා තීරණය වෙනස් කරලා ඉන්දියාවට ගියා නම් මම කලා ක්‍ෂේත්‍රයට කවදාවත් සම්බන්ධ වෙන්නැති වෙයි.
🔴 ඕනෑම කෙනෙක්ගෙ සිහිනයක් තිබෙනවානේ, ඔබේ හිතේ තිබුණු ආශාවක්ද මේ?
පුංචි කාලේ ඉඳලා මගේ හිතේ ලොකු ආශාවක් තිබුණා රංගන ශිල්පිනියක් වීමට වගේම වෛiවරියක් වීමට. ඉතින් මම ‘සුදු නංගි’ ලෙසට කලා ක්‍ෂේත්‍රයේ ජනප්‍රිය වුණා. ඊට පස්සේ මම මගේ අනෙක් සිහිනය සැබෑ කරගන්නට මහන්සි වුණා.
🔴 ඒ නිසාමද ඔබ කලා ක්‍ෂේත්‍රයෙන් දුරස්වෙලා හිටියේ?
ඔව්… මගේ අධ්‍යාපන කටයුතුවලට මහන්සි වෙලා කටයුතු කරන්න ඕන නිසා මම නිර්මාණවලට සම්බන්ධ වුණේ නැහැ. ඒ මහන්සියෙත් ප්‍රතිඵල මම භුක්ති විඳිනවා. නුවර – පන්විල ආයුර්වේද රෝහලේ වෛiවරියක් ලෙසට මම දැන් කටයුතු කරනවා
🔴 ඔබේ තිබෙන කාර්යබහුලත්වයත් එක්ක නැවැත ඔබ හිටිගමන් අතුරුදන් වෙයිද නිර්මාණවලින්?
දැන් එහෙම ලොකු කාර්යබහුලත්වයක් නැහැ. මම වෛiවරියක් වගේම දරුවො දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්. ඒ හැම වගකීමක්ම මම අකුරට කළ යුතුයි. ඒ වැඩකටයුතු කරන අතර හොඳ නිර්මාණයකින් ආරාධනාවක් ලැබුණොත් මම සම්බන්ධ වෙනවා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

විවාහයේදී නොගැළපෙන ලග්න ඇවිළෙන හැටි

Next Post

අධිවේගය වෙනස් කරන්න හදන මොකක්ද මේ ගම්පහ ගහ

MORE NEWS

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News
Heart

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

Load More
Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව තුළ දුම්කොළ පාලනය සඳහා ක්‍රියාත්මක වන ප්‍රධානතම නීතිමය රාමුව වන 2006 අංක 27 දරන දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ...

Read more
ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.