• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ඕන දේකට ඔට්ටු අප්පච්චිට නොදැවෙනි පුතණ්ඩියා

February 13, 2021
in Heart
Reading Time: 3 mins read
A A
ඕන දේකට ඔට්ටු අප්පච්චිට නොදැවෙනි පුතණ්ඩියා
Share on WhatsAppShare on Facebook

⬤ මට සරාගෙන් ගැලවීමක් නැහැ…

⬤ මම හිතන තරම් තරුණයෙක් නෙමෙයි…

‘නාඩගමක්’ සමඟ සජිත අනුත්තර නැවතත් ටෙලි කරළියට පැමිණ ඇත.සජිත ටෙලි හටන ඇරඹුයේද තාවකාලිකව එයට තිත තැබුයේද ‘බොහිමියානුවා’හි රස්තියාදුකාර පෙම්වතා තුළින්ය. එකී පළමු රංගනය තුළින්ම එදා විචාරයටත් ජනතා ප්‍රසාදයටත් පත්වූ මේ අපූරු තරුණ රංගවේදියා අද නාඩගම්කාරයෝහි සරා තුළින්ද අසීමිත කතාබහකට බඳුන්ව සිටින්නේ ස්වර්ණවාහිනි තිරය අසල 9.30 හෝරාවට ප්‍රේක්ෂක පිරිස ආලින්දයට රැස්කරවමිනි. කොහොමත් සජිත අනුත්තර සිය අප්පච්චි වාගේම කතාබහට දක්ෂය. අප සමගද හෙතෙම කතාබහට එක්වූයේ ඉතාම සුහදවය.
🔴 ඉතින් කාර්යබහුල කාලවකවානුවකයි සජිත මේ දවස්වල ඔබ දවස ගෙවන්නේ?
කියලා වැඩක් නැහැ. මේ කතා කරන්නෙත් බොහොම පරෙස්සමට ඉතුරු කරගත්ත විනාඩි ගණනක් ඔයාලා වෙනුවෙන්ම වෙන්කරගත්ත නිසයි.
🔴 ලහි ලහියේ දුවන්නේ ‘නාඩගම්කාරයෝ’ ෂූටින්වලටද මේ?
අද මේ දුවන්නේ නම් දෙරණ එකේ රියැලිටි වැඩක ෂූටිංවලටයි. නාඩගම්කාරයෝ ෂූටින්වලටද සූදානමවයි ඉන්නේ.
🔴 වැඩ ගොඩක හිරවෙලා ඉන්නවා වාගේ?
එය හිරවීමක් නෙමෙයි. කාර්යබහුල බව කියන්නේ කලාකරුවකුට සතුටක්, ආත්මතෘප්තියක්. පසුගිය දවස්වල කොරොන්ටයින් නිසා ගෙවල්වලට කූඩුවෙලා හිටිය කලාකරුවන් ආයේම ෆීල්ඩ් එකට බැහැලා ඉන්න එක ඇත්තෙන්ම ලොකු සතුටක්. වැඩේ කියන්නේ පවුලේ අය එක්ක කතාබහ කරන්නවත් විවේකයක් නැති එක තමයි අඩුපාඩුව.
🔴 මොනවද ඉතින් ඔය හැටි තියෙන වැඩ ඔබට?
ඉන්නකො මම ස්ටෙප් බයි ස්ටෙප් කියන්නම්. මේ දවස්වල දෙරණ ටීවී එකේ ‘සරිගම ක්‍රොස් ඕවර්’ කියන රියැලිටි වැඩක් කරනවා ‘ලිට්ල් ස්ටාර්’ වැඩසටහනට සහභාගි වූ සහ එයින් ජයගත් ළමා ගායක ගායිකාවන් සමඟ. ඒ අතර අඳුන්ගිර සහ නාඩගම්කාරයෝ ෂූටින්වලටත් දුවනවා. ඒ වැඩ ටික ඒ විදියට ගොඩගැහෙද්දි තරුණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු වූ ඉන්දික කරන ලස්සන ටෙලියක වැඩකටත් ආරාධනා ලැබිල තියෙනවා. ඒකෙ ෂූටිනුත් ළඟදිම ආරම්භ වෙනවා. දැනට එච්චරයි.
🔴 ‘සච් ක්‍රියේෂන්’ (Such Creation) ගැන රහස නොකියන්නේ ඇස්වහ ගනියි කියලද සජිත?
අයියෝ නැහැ. ඒක ගැනත් කියන්න තමයි හිටියේ. එය මගේම නිර්මාණයක්. මම තනියෙන් කරන වැඩක්. (Such Creation) කියන නම තිබ්බෙත් ‘සජිත’ කියන මගෙ නමේම කොටසක් අරගෙනයි. ීමජය ක්‍රු්එසදබ ආයතනය තුළ මම කරන්න බලාපොරොත්තු වෙන්නේ මියුසික් වීඩියෝ, කෙටි චිත්‍රපට වැනි දෑ නිෂ්පාදනය කිරීමයි. එහි කුලුඳුල් නිර්මාණය වූයේ මගේම ගීතයක් වූ ‘කළුවර’ නම් මියුසික් වීඩියෝවයි. දෙවැනි පියවර ලෙස නදීමාල් පෙරේරාගේ ආදරියේ ගීතයෙහි මියුසික් වීඩියෝවද (Such Creation) ආයතනය තුළ නිර්මාණය වූවා.
🔴 හිතුවට වඩා (Such Creation) හිට්වෙලා නේද?
ඇත්තටම බොහෝ ආරාධනා ලැබෙනවා විවිධ නිර්මාණයන් සඳහා. වැඩේ වෙලා තියෙන්නේ මට කාලය නැතිකමයි. මම හිතන්නේ මගේ කලා ජීවිතය තුළ මම වැඩිපුරම අවිවේකී වූ කාලය මෙයයි.
🔴 නාඩගම්කාරයොත් නොසිතූ විදියට හිට් වුණා කිව්වොත් හරි නේද සජිත?
හරියටම හරි. අසීමිත ප්‍රතිචාරයක් තුළ නාඩගම්කාරයෝ ජයග්‍රාහී ගමනක් යන්න අරන්. ෆේස්බුක් හරහා එයට ලැබෙන කමෙන්ට්ස් හරිම අරුත්බරයි. ඒ වගේම ජනප්‍රිය චිත්‍ර ශිල්පීන් එහි චරිත විවිධ ආකාරයට චිත්‍රයට නඟන්නට අරගෙන තියෙනවා.
🔴 සරාගේ පෝස්ටර්ස් ත්‍රීවීල්වල පිටුපස වීදුරුවල අලවලා කියලත් ආරංචියි?
ඔව්. සරාගේ චරිතය ඔවුනට ලොකු වින්දනයක් වෙලා. සමහර ත්‍රීවීලර රියැදුරු මහතුන් ඔවුන් එම පින්තූරය තම ත්‍රීවීලර් එකේ අලවා ගත් ඡායාරූප පවා මට වට්ස්ඇප් කරනවා. ඇත්තටම මට එය සතුටක්. මගේ රංගනය ඔවුන්ගේ හිතට එහෙම වැදුණු එක මට එක අතකින් ගෞරවයක්.
🔴 මෙගා නාට්‍ය කලාව ප්‍රතික්ෂේප කළ ඔබ නාඩගම්කාරයන්ට එක්වුණු හේතුව?
මම මෙගා කලාව ප්‍රතික්ෂේප කළේ නැහැ. මම අකමැති වුණේ දින නියමයක්, සීමාවක් නැතිව නාට්‍ය ඇදී යෑමේ කලාවටයි. බලන්න ඒ දවස්වල අපේ අප්පච්චිලා රඟපෑ පළිඟු මැණිකේ, කඩුල්ල වැනි ටෙලිනාට්‍යවල යම් සීමාවන් තිබුණා. වැඩිම වුණොත් නාට්‍යයක් විකාශනය වන්නේ දවස් 20යි, නැත්නම් 25යි. එතැනින් ඒ විදියට අවසන් වූ ඒ ටෙලි කලාවට ප්‍රේක්ෂකයා ආදරෙයි. සීමා සහිතව විශාල අගයක් සමඟ නිමවූ ඒ ටෙලි නාට්‍ය අද කොයි මොහොතේ විකාශනය වුණත් ප්‍රේක්ෂකයෝ ඒ වටා අසුන් ගන්නවා.මෙගා රැල්ල නරක නැහැ. හැබැයි ඒවාටද අර කොටස් ගණනේ සීමාව එනවා නම් ඇත්තටම එය කාලෝචිතයි. වැඩිම වුණොත් කොටස් 30ක, 50ක සීමාවක් හෝ එයට අඩු කාලයකට මෙගා නාට්‍ය කරනවා නම් මෙගා කලාව විහිළුවක් වන්නේ නැහැ.
🔴 ප්‍රශ්නයකට අවශ්‍ය උත්තරය ලැබුණේ නැහැ සජිත?
හොඳයි ඒ උත්තරය මම දෙන්නම්. නාඩගම්කාරයෝ ටෙලි පිටපත මගේ අතට ලැබුණාම මම එය කියවගෙන ගියේ එක හුස්මට. පිටපත දුරකතන ඇමැතුමක් නිසාවත් පැත්තකින් තියන්න මට හිතක් තිබුණේ නැහැ. ලස්සන නවකතාවකට වාගේ මම එයට සමවැදුණා. ‘සරා’ මටත් නොදැනිම මගේ හිතට ඇතුළු වෙලා ඔහු වෙතට මාව ඇබ්බැහි කරවාගත්තා. කෙටියෙන් කිව්වොත් මට සරාගෙන් ගැලවීමක් තිබුණේ නැහැ. අනික මේක ශිවගුරුනාදන් මාමාගේ වැඩක්. ‘බොහිමියානුවාට’ මාව තෝරා ගත්තේ ඔහුයි. පළමු ටෙලියෙන්ම මාව සම්මානනීය රංගවේදියකු කළ ඔහුගේ ආරාධනය මම කොහොම ප්‍රතික්ෂේප කරන්නද. තවදුරටත් කියනවා නම් ශිවගුරුනාදන් සහ සද්දාමංගල සූරියබණ්ඩාර කියන්නේ හරිම අපූරු සුසංයෝගයක්. ඒ වාගේම කලා ලෝකයේ මම ගරු කරන පිරිස අතර ඔවුන් මූලිකයි. ඉතින් ඒ නිසා මම නාඩගම්කාරයෝහි සරාට මනාපය දුන්නා. මං හිතන්නේ උත්තරයට ඒ ටික සෑහේවි කියලයි.
🔴 නිසැකවම එය සෑහෙනවා සජි. දැන් කියන්න බලන්න ඔබ බොහිමියානුවාගෙන් පසුව කලාවෙන් ඈත්ව ගියේ ඇයි?
කලාවෙන් ඈත්වුණේ නැහැ. විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිසා මට නිර්මාණවලට සම්බන්ධ වීමට නොහැකි වුණා. හැබැයි විශ්වවිද්‍යාල මට්ටමෙන් මම ඒ දවස්වල වේදිකා නාට්‍ය සඳහා රංගනයෙන් දායක වුණා. ඒ අතර ‘සිටි ඔෆ් ඩාන්ස්’ රියැලිටියටත් සහභාගි වී ජයග්‍රාහී කුසලානයට හිමිකම් කිව්වා.
🔴 කෙටි කාලෙකට යෞවනයකු ලෙස ඔබ දැක්වූ ශිල්ප හරඹය විස්මිතයි?
ඔබ හිතන තරමටම නම් මම යෞවනයෙක් නොමෙයි. මං හිතන්නේ බොහොමයක් දෙනකුට මාව පෙනෙන්නේ වයසට වඩා පුංචි විදියටයි. අබාහි රඟපාන විට කවුරුත් වාගේ හිතුවේ මම වයස අවුරුදු 8-10ක පොඩි එකෙක් කියලයි. හැබැයි අබාට පෙනී හිටින විට මට අවුරුදු දහසය සම්පූර්ණ වී තිබුණා.
🔴 ඒ කියන්නේ ඔබ වයඃකල්‍යාණයකට හිමකම් කියනවා?
එහෙම කල්‍යාණයක් ගැන මමත් අහලා තියෙනවා තමයි.
🔴 රංගවේදියකු ලෙස අඩු වයස් පෙනුම ලොකු වාසියක් නේද සජිත?
ඔව්. ඉතින් අපි එහෙම හිතමු. ඒත් ඉතින් වයසට යන සත්‍ය අත්දැකීමට අපි හැමෝම මුහුණ දෙන්නට එපැයි.
🔴 හැකියාවන් කිහිපයකින්ම ඔබ පරිපූර්ණයි. ලස්සනට ගැයීමේ හැකියාව දියුණුකර ගන්නෙ නැද්ද?
ඇයි නැත්තේ. දැනටමත් මම සින්දු 4-5ක් කියලා තියෙනවා. එම ගීතවලට යූටියුබ් ටේ‍රන්ඩින් ලිස්ට් එකේ ඉහළම ප්‍රතිචාරත් ලැබී තිබෙනවා.
🔴 ඔබ කලාකරුවකු ලෙස ඔබ ගැන තෘප්තිමත්ද?
මෙහෙමයි. දැන් මම හැම අතින්ම ඕකේ කියා මම පාරම්බාන්නේ නැහැ. ඒ වගේම මොනවද මං කරල තියෙන්නේ කියලා මා ගැන අවතක්සේරු කර ගන්නේද නැහැ. සජිත අනුත්තර ලෙස මම මා ගැන හිතන විදිය මෙහෙම කියන්නමම් මා. පැමිණි දුර ගැන මට ඉතාම සතුටුයි. හැබැයි මට තව යන්න තියෙන දුර බොහොමයි. පැමිණි දුරට වඩා යන්නට තිබෙන ඒ දුර ගැන මම වඩා හිතට ගන්නවා.
🔴 රංගනය, ගායනය, නර්තනය අතර ඔබ වඩා මනාප නර්තනටයි?
ඔව්. මම නර්තනය තුළ තව බොහෝ දුර යන්නට ප්‍රිය කරනවා. ඒ වාගේම ඒ සඳහා අවැසි පසුබිම සකසමින් සිටිනවා.
අප්පච්චිගේ ‘එකගෙයි සොකරි’ සහ ප්‍රසන්න විතානගේ නම් ප්‍රවීණ කලාකරුවාගේ ‘ගාඩි’ චිත්‍රපටය හරහා යම් ආකාරයකට මගේ නර්තන හැකියාවන් ඉදිරිපත් කිරීමේ අවකාශය මට ලැබුණා. එවැනි ප්‍රවීණයන් යටතේ මා ලද ඒ ආභාෂය සහ වරප්‍රසාදය මට විශාල පිටිවහලක් කියා නොකියාම බැහැ.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ගැබිනි සමයේ ගෙයක් හැදුවොත් මොකද වෙන්නේ

Next Post

දිය රෙද්ද ඇඳලා හැඩ වැඩ දාන ගමේ කෙල්ල

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.