අනෙකුත් යටත්විජිත රටවල මෙන් වර්ජන ගර්ජනවලින් තොරව ලංකාව ඉතා සන්සුන් පිළිවෙතකට නිදහස ඉල්ලීම බි්‍රතාන්‍යයේ හොඳහිත දිනා ගැනීමට රුකුලක් වූ අතර මෙම කාරණයේදී ඩී.එස්. සේනානායක, සර් බාරොන් ජයතිලක වැන්නවුන් මූලික වී කටයුතු කළහ. ඉන්දියාවේ මෙන් සාමාන්‍ය ජනයා ඊට අනවශ්‍ය ලෙස මැදිහත් නොවිණි. එහෙයින් අන් රටවල් ලෙසින් දහදියෙන්, යකඩෙන් නිදහස දිනා ගන්නට උත්සාහ කරද්දී ලංකාව නිදහස දිනා ගත්තේ පෑනෙන් සහ තීන්තෙන් යැයි කිව හැකිය. එහිදී ඩී.එස්. සේනානායක මහතා ප්‍රමුඛ කණ්ඩායම කළ කාර්යය අතිමහත්ය. ඒ අතරතුර ජාතිය අවදි කරන්නට කටයුතු කළ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි කර්නල් ඕල්කට්, අනගාරික ධර්මපාල, වලිසිංහ හරිස්චන්ද්‍ර වැන්නවුන් සිහිපත් කිරීමද වැදගත් වේ.











