ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩසටහන යටතේ ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රා සෙනෙකා එන්නත් ලක්ෂ 16ක් මේ මස අවසානයේ ශ්‍රී ලංකාවට ලබාදෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දී ඇත.
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 20%කට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත්වීමෙන් එන්නත් ලබාදීමට නියමිතව ඇත.
පළමු අදියර යටතේ ලැබෙන එන්නත් ලක්ෂ 16ට පසු සෙසු එන්නත් වසරක් ඇතුළත ලබාදීමට කොවැක්ස් ආයතනය එකඟත්වය පළකර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්ගේ දකුණු සහ අග්නිදිග ආසියානු රටවල විශේෂ නියෝජිත විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා පවසා ඇත.
මීට අමතරව චීනයෙන් එන්නත් ලක්ෂ තුනක්ද ලැබීමට නියමිතය.
ඉන්දියාවෙන් නොමිලේ ලබාදුන් ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලක්ෂ පහ මේ වනවිට සෞඛ්‍ය සේවකයන්ට සහ පොලිස් හා හමුදා සාමාජිකයන්ට ලබාදීම සිදුකරයි.









