කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (10) දින පාර්ලිමේන්තුවට හෝ පැමිණ නැති බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සදහන් කරයි.
අද දින විමල් වීරවංශ මහතාගේ අමාත්‍යංශයේ වාර්තාව පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවට ඉදිරිපත් කළ යුතුව තිබූ අතර වීරවංශ මහතා පැමිණ නොසිටි බැවින් ප්‍රේමලාල් ජයසේකර මහතා විසින් එය කාරක සභාවට ඉදිරිපත් කළේය.
සාමාන්‍යයෙන් එම වාර්තාව ඉදිරිපත් කරනුයේ අමාත්‍යවරයා විසිනි.
කෙසේවෙතත් ඊයේ පාර්ලිමේන්තුවේ පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී විමල් වීරවංශ මහතා කර තිබූ ප්‍රකාශයක් මන්ත්‍රීවරුන්ගේ දැඩි විවේචනයට ලක්විය.










