• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

තරුණ වුණාට ලැබෙන්නේ වියපත් චරිත කියලා දුකක් නෑ

February 7, 2021
in Heart
Reading Time: 3 mins read
A A
තරුණ වුණාට ලැබෙන්නේ වියපත් චරිත කියලා දුකක් නෑ
Share on WhatsAppShare on Facebook

⬤ ලැබෙන එකට උපරිම සාධාරණයක් කරනවා…

⬤ මං ගැන මට විශ්වාසයි…

⬤ ළඟදීම සී.ඩී. එකක් එළියට දානවා…

ශ්‍රී ලාංකේය වේදිකා නාට්‍ය කලාවෙහි සුවිශේෂීම සංධිස්ථානයක් වූ ආචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ’ නාටකයෙහි මනමේ බිසව ලෙස කිරුළු දරන්නට භාග්‍යය ලද රංගවේදීන් අතර මාධිනී මල්වත්තගේද එක් අයකු වූවාය. එයට පසුව කැලණි පාලම, සුභ සහ යස, සිංහබාහු වැනි වේදිකා නාට්‍යය සමඟ රංගනයෙහි යෙදුණු මාධිනී එම ‘කඩඉම්’ චරිතයන් හරහා සම්මානනීය වූවාය. ටෙලි තිරය ගැන කතාබහ කරන විටද මෑතකදී දෙවැනි වරටද විකාශනය වූ ‘මද්දහන’ නැරැඹූ සුවහසක් ප්‍රේක්‍ෂකයනට මාධිනී මල්වත්තගේ නම් අති දක්‍ෂ චරිතාංග නිළිය ගැන තව පාරට්ටු කීම අවැසි නැත. එය එසේ වූ නිසා ඈ සමඟ සරල කතාබහකට ලකලැහැස්ති වෙන්නට අප හරිබරි ගැහුණෙමු.
🔴 කොහොමද මාධිනී, මේ දවස්වල ජීවිතේ?
වරදක් නැහැ… මම සුවෙන් ඉන්නවා… කොරෝනා උවදුර නිසා වේදිකා නාට්‍ය රංගනයෙන් තාවකාලිකව හෝ ඈත්ව සිටීමට සිදුවීම ගැන තමයි හිතට දුකක් දැනෙන්නේ. සියල්ල සමථයකට පත්වූ වහාම වේදිකාවට නැවැත වසන්තය උදාවේවිය කියා හිතනවා.
🔴 ටෙලි රංගනය ගැන කතා කරනවා නම්?
අලුත් ටෙලිනාට්‍ය කිහිපයක් ලැබී තිබෙනවා. ඒ වාගේම ශේන් ආර්යන් විසින් නිර්මාණය කරන රාවන් චිත්‍රපටයෙහි ප්‍රධාන චරිතය සඳහා ආරාධනා ලැබුණා. එහි රූගත කිරීම් ඉදිරියේදී ආරම්භ වෙනවා. ටෙලි නිර්මාණ අතර සරත් කොතලාවලගේ පිටපතකට අනුව සමන් කුමාර ලියනගේ අධ්‍යක්‍ෂණය කරන ‘නව සිළු වැස්ස’ සමඟ නාලක විතානගේ අධ්‍යක්‍ෂණය කරන ‘අක්වැහි’ හී රූගත කිරීම්ද ඉදිරියේදී ඇරැඹීමට නියමිතයි. ඒ වගේම රනිල් කුලසිංහගේ ‘පානාමංකඩ’ ටෙලිනාට්‍යයෙහි අවසන් අදියර නිමවෙමින් පවතිනවා.
🔴 ‘පානාමංකඩ’ ටෙලිනාට්‍යයෙහි ඔබ රඟන්නේ වියපත් චරිතයක්?
ඔව්… රනිල් කුලසිංහගෙන් මට ආරාධනා ලැබුණේ ලක්‍ෂ්මන් මෙන්ඩිස්ගේ බිරිය ලෙස රඟන්නටයි. හොඳ චරිතයක පෙර නිමිති පැහැදිලිව වැටහුණු නිසා මම එය සතුටින් බාරගත්තා.
🔴 ඔබ තවම තරුණයි. වියපත් චරිත සඳහා ආරාධනා ලැබෙන හේතුව?
වයස අවුරුදු 28දිත් මට මීට පෙර ලැබුණේ තරුණ දූදරුවන්ගේ මවු ලෙස රඟපාන චරිතයි. සමහර විට මම එය සාර්ථකව කළා යැයි අන් නිර්මාණකරුවනට හැඟුණු නිසා ඔවුන් මට එවැනි චරිත බාර දෙනවා වෙන්නට පුළුවන්.හැබැයි මම ඊට අමනාප නැහැ… පිටපතක් තුළින් මම අපේක්‍ෂා කරන්නේ ප්‍රේක්‍ෂකයාගේ හිතට දැනෙන චරිතයක් සහ මට එය හොඳින් කරන්නට පුළුවන්ය කියන හැඟීම පමණයි. ඒ වගේම චරිතයට අවැසි සාධාරණය ලබා දෙන්නට හැකි නම් ‘මම තරුණයිනේ.., ඇයි මම අම්මලාට තෝරන්නේ’ කියන කනගාටුව මට කවදාවත් දැනිලා නැහැ. එතැනදී මගේ චේතනාව වන්නේ මා ගැන විශ්වාසය තැබූ, නිර්මාණකරුවාට සාධාරණ අගයක් ලබා දීමයි.
🔴 ‘මද්දහන’ තුළින් සුමිත් රත්නායකට ලබාදුන්නේ ඒ සාධාරණ අගයද?
‘මද්දහන’ කතාවේ සුමිත්ට විතරක්ම නෙවෙයි. මා කළ බොහෝ රංගනයන් හරහා මම ඒ ඒ නිර්මාණකරුවනට මගෙන් විය යුතු සාධාරණය ඉටු කළා. එයින් කිහිපයක් සඳහන් කරනවා නම්, ඇබෑර්තු ඇත, රන්ගිර, මිරිඟු දිය, අසංවර වැස්සක්, සත්පතිනී සහ මහ පොළොව දැක්විය හැකියි.
🔴 ‘මද්දහනෙහි,’ ‘කලහාකාරී පොඩි දුව’ ගැන ප්‍රේක්‍ෂකයා වැඩිපුර කතා කළා කියලා ඔබට හැඟෙන්නේ නැද්ද?
බොහෝ දෙනා ඒ ගැන කතා කළ බව ආරංචියි. ඒ වාගෙම මඟතොටේදීද මට එයට හොඳ ඇගැයීමක් ලැබුණා. නමුත් මං ගැන පාරට්ටු මා විසින් පැවැසීම මම අනුමත නොකරන්නක්, එලෙසම රඟපෑ චරිතයන් වර්ග කිරීමටද මම කැමැති නැහැ. නමුත් මෙතැනදී ‘මද්දහන’ ගැන ඔබ පුන පුනා පවසා සිටි නිසා මම එහි නිර්මාණකරු සුමිත් රත්නායක ගැන යමක් පවසන්නම්. සුමිත් රත්නායක කියන්නේ තමා අතට හසුවන ඕනෑම රංගනවේදිනියක හෝ වේදිනියකගෙන් උපරිම ඵල නෙළා ගන්නට නිර්මාණශීලී අධ්‍යක්‍ෂවරයෙක්, මද්දහනෙහි සියලුම චරිතයන් හරහා ඔහු උළුප්පා දැක්වූයේ ගැමිකම, පරිසරය, ස්වරූපය, කතාබහ සහ හැසිරීම යන සියල්ල තුළින් ඔහු එය අපූරුවට කළා. සුමිත් වැනි නිර්මාණකරුවකු අභියසදී ඕනෑම කලාකරුවෙකුට ලෝබ නැතිව තමා සතු උපරිමය තිළිණ දෙන්නට පුළුවන්. අන්න ඒ නිසා ‘මද්දහනේ’ පොඩි දුව කියන්නේ මම හරිම කෑදර කමෙන් කළ චරිතයක්. හොඳම සහාය නිළියට පවා මම සම්මාන උළෙලකදී ඒ වෙනුවෙන් නිර්දේශ වුණා.
🔴 අපි මොහොතකට වේදිකාවට ගොඩවෙමු මාධිනී?
හොඳ අදහසක්.., මාගේ ගමන ආරම්භ වූයේද මීට විසි අවුරුද්දකට පෙර වේදිකාවෙන් තමයි.
🔴 ඒ ආරම්භයේදීම ඔබට ‘මනමේ’ බිසවගේ කිරුළ හිමි වුණා?
ඇයි… ජයලත් මනෝරත්න මහත්තයගේ කනේරු මල් වේදිකා නාට්‍යය. එය අමතක කරන්නෙ කොහොමද? මහරගම තරුණ සේවා සභාවේ ‘නාට්‍ය සහ රංග කලා’ පාඨමාලා හැදෑරීමෙන් අනතුරුව ජයලත් මනෝරත්නයන් මාව ‘කනේරු මල්’ සඳහා තෝරා ගත්තා. එයට පසු ලලිතා සරච්චන්ද්‍ර මහත්මියගෙන් ‘මනමේ’ බිසවට ආරාධනා ලැබුණා.
🔴 ඒ මොහොතේ ඔබට දැනුණු විමතිය ගැන කියනවා නම්?
විමතියක් නම් මට දැනුණේ නැහැ. වේදිකාවට මම පැමිණියේ ඊට අවැසි රංගනය, ගායනය, නර්තනය යන සියලුම හැකියාවන් ප්‍රගුණ කිරීමෙන් අනතුරුවයි. හොඳ අභ්‍යාසයන්හි කල් ගෙවීමෙන් පසුව ප්‍රේක්‍ෂකයාට හොඳ ඵල නෙළා දෙන්නට පුළුවනැයි’ යන ආත්ම විශ්වාසය තුළයි මම වේදිකාවට පය තැබුවේ. අන්න ඒ නිසා මනමේ බිසවගේ චරිතය මට ලැබෙන විට ගෞරවයක්, අභිමානයක් මිස මට මවිතයක් දැනුණේ නැහැ. ඒ වගේම එය මා සතු රංගන ජීවිතයේ සුවිශේෂී කඩඉමක්.
🔴 ‘මනමේ’ බිසවගෙන් පසුව එවැනි කඩඉම් චරිත සඳහා දිගින් දිගට ඔබව තෝරා ගත්තා?
ඔව්… ‘කැලණි පාලම’ සුභ සහ යස, ගජමන් පුවත, මධුර ජවනිකා, සිංහබාහු, බක්මහ අකුණු යන වේදිකා නාට්‍යවල ප්‍රධාන භූමිකාවන් මට ලැබුණා.
🔴 එතරම් විශිෂ්ටත්වයක් ඔබට ලැබෙතැයි ඔබ සිතුවාද මාධිනී?
ඉහතකදී මම ඔබට දුන්නේ ඔය ප්‍රශ්නයට උත්තරයයි. මා ගැන මගේ හැකියාව ගැන මට අගයක් ලැබේය යන්න ගැන මා තුළ විශ්වාසයක් තිබුණා. ඒ වගේම ඔවුන් මා කෙරෙහි තැබූ විශ්වාසයද පලුදු වූයේ නැහැ. වේදිකාවේ රඟදැක්වූ චරිත කිහිපයක් හරහා මා සම්මානනීය වූයේ ඒ නිසයි මම හිතන්නේ.
🔴 ‘සුද්දෙක් ඔබ අමතයි’ වේදිකා නාට්‍ය ඔබට යම් විශේෂ නිර්මාණයක් වුණා?
ඔව්… උදයසිරි වික්‍රමරත්න නිර්මාණය කළ එම නාට්‍යයෙහි තිබුණේ, චරිත තුනක් වෙන වෙනම වේදිකාවට පිවිසිලා ප්‍රේක්‍ෂකයන් සමඟ කරන ගනුදෙනුවක්. සරලව කියනව නම් එය ‘වන් ඇක්ට් ප්ලේ’ අංගයේ නාට්‍යයක්. විදේශීය රටවල එය සාමාන්‍ය දෙයක් වුණාට ශ්‍රී ලාංකේය වේදිකා නාට්‍ය කලාවට එය අලුත් දෙයක්. ජයලත් මනෝරත්න සහ ප්‍රදීප් උඩුවෙල රඟපෑ එහි මගේ චරිතය වූයේ මා නිරූපණය කළේ, ස්ත්‍රියක් ඔබ අමතයි කියන භූමිකාවයි. ස්වාධීන රූපවාහිනියේ නාට්‍යකරුවන් වෙනුවෙන්ම කළ දුක්ගන්නා රාළගේ සොඳුරු ආඥාව ඔස්සේ ‘ස්ත්‍රියක් ඔබ අමතයි’ යන මගේ භූමිකාව හරහා ‘පිරිමි ලියපු ගෑනු කවි’ යන නමින් විශේෂාංගයක් නිර්මාණය වූවා. ‘යූ-ටියුබ්’ හරහාද එය ප්‍රචාරය වුණා. සතුටුයි කියන්න මිලියන ගණනක් අනුගාමිකයන් එය නරඹා තිබුණා.
🔴 ගායනයට දක්‍ෂ ඔබ ඒ හැකියාව ප්‍රගුණ කරන්න පටන් අරගෙනලු?
ඔව්… ගීත කිහිපයකම එකතුවකින් සමන්විත සී.ඩී. තැටියක් කරන්න බලාපොරොත්තු වෙනවා. දැනටත් ගීත 3ක් නිර්මාණ කර අවසානයි.
🔴 කතාබහට තිත තැබීමට පළමුව කියන්නට යමක් ඇත්නම් ඒ සඳහා ඔබට ඉඩ?
පුංචි බලාපොරොත්තුවක් තියෙනවා. වේදිකා නාට්‍යයක් අධ්‍යක්‍ෂණය කරන්න. ඒ වාගේම යම් චරිතයක් සඳහා මාව තෝරා ගන්නා නිර්මාණකරුවන්ගෙන් මම හැමදාමත් ඉල්ලා සිටින්නේ එකම වර්ගයේ චරිත තුළ මාව කොටුකරන්නට එපාය කියලයි. වෙනසක් සමඟ විවිධ චරිත නිරූපණයන් නියැළෙන්න මා තුළ වන කැමැත්ත අසීමිතයි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මාකඳුරේ මධුෂ් හොල්මන් කිරීම අරඹයි

Next Post

ජැටිය ආණ්ඩුව දෙකට බෙදයි: ඉන්දියාවෙන් පිට පිට ප්‍රහාර 2ක් (රාජ්‍ය රහස්)

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.