ප්‍රමුඛ පෙළේ ජීවිත රක්ෂණ සේවා සැපයුම්කරුවෙකු වන HNB ඇෂුවරන්ස් PLC (HNBA) සහ එහි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන හා ශීඝ්‍රයෙන් වර්ධනය වන සාමාන්‍ය රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් (HNBGI) එක්ව 2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා එහි පිරිවැටුම රුපියල් බිලියන 10 සීමාව අබිබවන ලදී.
මේ පිළිබඳව සිය අදහස් දැක්වූ HNBA සහ HNBGI හි ප්‍රධාන විධායක නිලධාරි වන ප්‍රසන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ “අප මේ නව වසරට පා තබන්නේ ගෝලීය වසංගත තත්වයක් තුළ හට ගත් අහිතකර බලපෑම් මධ්‍යයේ පවා විශිෂ්ට ප්‍රතිඵල අත්පත් කර ගනිමින් වේ. සැබවින්ම පසුගිය වසරේ මෙවැනි දළ ලිඛිත වාරික (GWP) කඩයිමක් පසු කර යෑමට සමූහයට හැකිවූයේ අධිෂ්ඨානයෙන් සහ උනන්දුවෙන් එකා මෙන් ක්‍රියා කරන්නා වූ කාර්ය මණ්ඩලයෙන් බල ගැන්වූ ව්‍යාපාරික ක්‍රමවේද, සේවා විශිෂ්ටත්වය, සේවාලාභී අවශ්‍යතාවයන් සපුරන විශිෂ්ට විසඳුම් සහ කාර්යක්ෂම හිමිකම් ලබා දීමේ ක්‍රියාවලියන් සියල්ලේ සංකලනයයි. මෙවැනි අභියෝගාත්මක කාලයක් තුළ අමතක නොවන කඩයිමක් පසු කර යෑමට හැකි වීම පිළිබඳව සමූහයේ කළමනාකාරිත්වය ඉතා කෘතඥ වන්නෙමු”.
HNBA හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි වන ලසිත විමලරත්න මහතා තම අදහස් දක්වමින් පැවසුවේ, “ඉහළ තරගකාරිත්වයක් ඇති රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු ලෙස අපගේ සේවාලාභීන් හා කාර්ය මණ්ඩලයට ඉහළ වටිනාකමක් එකතු කිරීම හා සේවය සැලසීම යන අපගේ පොරොන්දු ඉටු කිරීමට හැකි වීම පිළිබඳ අපි බෙහෙවින් සතුටට පත් වෙමු. සේවා ගුණාත්මකභාවය ඉහළ නැංවීම, නවතම රක්ෂණ විසඳුම් හඳුන්වාදීම සහ කාලෝචිත ව්‍යාපාරික ක්‍රමවේද යොදාගැනීම මගින් අපගේ සියලුම පාර්ශ්වකරුවන්ට විශිෂ්ට ප්‍රතිඵල ලබා දීමට අපට පුළුවන් වී ඇත. මේ අවස්ථාවේ අපගේ කණ්ඩායමටත් ඔවුන් දැක්වූ නොපසුබට වීර්යය පිළිබඳවත් මාගේ ස්තුතිය පුද කිරීමට කැමැත්තෙමි”.











