• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අමුතු සාත්තරයකින් මාස හතරෙන් රහත් වුණු රහතන් වහන්සේ

January 24, 2021
in Exclusive
Reading Time: 1 min read
A A
අමුතු සාත්තරයකින් මාස හතරෙන්  රහත් වුණු රහතන් වහන්සේ
Share on WhatsAppShare on Facebook

රහත් බව උතුම් බුද්ධ දේශනාවට අනුව උත්තරීතර වූ ලැබීමකි. ජීවිතයේ සත්‍ය අවබෝධයෙන් පසුව රහත් බව ලැබූ ආර්යයන් වහන්සේලා ගැන බුද්ධ කාලයට සාපේක්ෂව කොතෙකුත් අසා ඇතත් ඉන් මෙපිට ඉතිහාසයේ එවන් පින්වත් පුවත් ඇසුණේත්, ඇසෙන්නේත් කලාතුරකිනි. ඒ ජීවිතයේ සත්‍ය නිසි ලෙස අවබෝධ කර නිවන් මග සපුරා ගන්නා ආර්යයන් වහන්සේලා අඩු බැවිනි. එහෙත් විටින් විට හෝ එවැනි පින්වත් පැවිදි උතුමන් පිළිබඳව අසන්නට ලැබීම බෞද්ධ ජනයාගේ හිතසුව පිණිසම හේතුපාදක වන කාරණාවන්ය.

මෑත කාලයේ එවන් රහතන් වහන්සේලා ගැන විවිධ රටවලින් වාර්තා වුවද බුරුමයේ සුන්ලුන් මහා රහතන් වහන්සේ සුවිශේෂී වෙයි. උන්වහන්සේ ගිහිකල ගොවියෙකි. මනා අධ්‍යාපනයක් නොලද සරල, සාමාන්‍ය ගොවියකු ලෙස ජීවත් වූ ඔහුගේ නම උ. ජෝඩින් නම් විය. උ. යනු බුරුමයේ පිරිමි අයට යොදන ගෞරව නාමයකි. සුන්ලග් ග්‍රාමයේ ජීවත් වූ ජෝඩින්ට උ. සන්ටින් නම් සාස්තරකාරයකු මුණගැසුණේ වගා කටයුතු කරමින් සිටින අතරතුරදීය. උ. සන්ටින් එහිදී ජෝඩින්ට සාස්තරයක් කීවේය. එම සාස්තරයට කියැවුණේ මිනිසුන්ට අමතක වී තිබූ බුදු දහම යළිත් නැවත කලඑළි බසින බවත් එයින් මිනිසුන්ට මහා වටිනා ඵල ප්‍රයෝජන ලබාගත හැකි බවත්ය.

ඔය කාලයේ ජෝඩින් බිරිඳ සමඟ එක්ව ඉඩමක් මිලයට ගෙන තල වගා කරමින් සිටියේය. සුන්ලුන් ගමේ වැඩිම තල අස්වැන්නක් ලැබුණේ ඔවුන්ගේ වගාවෙනි. ඔය අතරේ ඔහු ගමේ දාගැබට තෙල්, මල්, පහන් පූජා කළේ සිය කැමැත්තෙන්මය. යමකු ලෞකික සම්පත් ශීඝ්‍රයෙන් බුක්ති විඳීනම් ඔවුන් ඉක්මනින් මියයන බවත් ජෝඩින් අසා තිබිණි.

මේ කාලයේ ජෝඩින් ජීවත් වූ ප්‍රදේශයේ වසංගත රෝගයක්ද පැතිරී යමින් තිබුණේය. ඔය අතරේ ඔහු දිනක් රාත්‍රියේ නිදා සිටියදී බුදු රුවක් පෙනී මා නැවත ඔබ සමඟ කතා නොකරමි යනුවෙන් පවසා ඇත. මේ සිදුවීමත් සමඟ ජෝඩින්ට මරණය ගැන බිය දැනී තිබිණි. මේ පුවත නිතර නිතර සිහිපත් කළ ඔහු ඒ බව සිය මිතුරන්ට පවසා චෛත්‍ය වන්දනා කරන්නට ගියේය. ඔහු නිතරම පැවැසුවේ අප සියල්ලන්ම අතරමං වෙලයි ඉන්නේ. අපිට හරියන මාර්ගය ලැබුණොත් ඒ මාර්ගය ලබාගන්න මා සූදානම් යනුවෙනි.

ඔය අතරේ ඔහුගේ සිත තුළ මහා බියක් වර්ධනය වෙමින් තිබුණු අතර, ගමේ පිරිස් සමඟ එක්ව ධර්ම මණ්ඩපයක් සකසා ධර්ම සාකච්ඡාවල යෙදෙන්නට ඔහු තීරණය කළේය. ඔහුගේ අදහස සාර්ථක වූයෙන් තුන්වන දිනයේ උ. බාසන් නමැති ලිපිකරුවා ආරාධනා රහිතවම එහි පැමිණ ආනාපානාසති භාවනාව ගැන කතා කළේය.

මෙය ඇසූ සැණින් තමාට නිවැරැදි මාර්ගය ලැබුණු බව ජෝඩින්ට සිතුණේය. එහෙත් තමා වැනි නූගතකුට එය කළ හැකිද යන්න ඔහුට ගැටලුවක් විය. ඔහු ඒ බව ලිපිකරුට පැවැසීය. එහිදී ලිපිකරු පැවැසුවේ උගත්, නූගත්කම් අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ ශ්‍රද්ධාව සහ වීර්යය පමණයි යනුවෙනි. ඒ අනුව තමා කළ යුත්තේ කුමක්ද යන්න ලිපිකරුගෙන් අසන්නට ජෝඩින් අමතක කර නැත. ඔබට කරන්න තියෙන්නේ හුස්ම ගන්න සහ පිට කරන විට සිහියේ සිටීම පමණයි යන්න ලිපිකරු පහදාදී ඇත. එසේම වැඩ කරද්දීද සතියෙන් සිටිය යුතු බව ජෝඩින් අවබෝධ කරගෙන ඇත.

ගොවිපළේ සියලු කටයුතුවලදී ඔහු ඉතා සිහියෙන් කටයුතු කර තිබේ. එයින් ඔහුගේ සතිය වර්ධනය වී තිබේ. ගොවිබිමේ කාර්යයන්ද වේගවත් සහ සාර්ථක වී තිබේ. ගොවි බිමට තරමක් දුරින් මා උංයින් පව් නමැති ප්‍රදේශයේදී ඔහු පූර්ණ සතිය ප්‍රගුණ කළේය. එහිදී ඔහුගේ ශ්‍රද්ධාවත් වීර්යයත් නිසාම සමාධිය ඇතිවිය.

ඔහු භාවනාවෙන් සත්‍ය අවබෝධ කරගත්තේය. මිනිසුන් නිතරම සැප, සතුට පසුපස යන බව තේරුම් ගියේය. තමා භාවනානුයෝගීව සිටින විට අවධි වූ අධි මානසික බලයෙන් නිරයේ සත්වයන් දුක් විඳින අයුරු දුටු බව මිනිසුන්ට පෙන්වා දුන්නේය. ඔහු සිය අසල්වැසියන්ට ඔවුන් මියයන දින පවා කීවේය. ඒ අනුව 1920 ජූලි මස 13 රාත්‍රී 10.00 පමණ උතුම් සෝතාපන්න මාර්ගඵල ලැබූ බව පැවැසේ. එසේම අගෝස්තු මස 13 රාත්‍රි සකුදාගාමී පලයත්, සැප්තැම්බර් 13 අනාගාමී පලයත්, ඔක්තෝබර් මස 13 සියලු කෙලෙසුන් නසා උතුම් අරහත් භාවයටත් පත්ව ඇත.

අනාගාමී වී සති දෙකකින් පසුව සික් කවි නමින් පැවිදි වී යයි-ලයි සයැඩෝ ෂින් කවි ස්වාමීන්වහන්සේගෙන් ප්‍රශ්න ඇසීය. එම ප්‍රශ්නවලට ලැබුණු පිළිතුරු අනුව උන්වහන්සේගේ සත්‍ය අවබෝධය පැහැදිලි වී ඇත.

මේ ආරංචිය ලද උං ලුන්ටි ස්වාමීන් වහන්සේ පැමිණ දින දෙකක් එක දිගට ප්‍රථම ධ්‍යානයෙන් සිට සියල්ල අවබෝධ වූ ආකාරය ගැන විමසුවේය. පසුව යළි තම ආරාමයට ගොස් සූත්‍ර පිටකය පරීක්ෂා කරද්දී සියල්ල සත්‍ය බව තහවුරු විය.
පසුව උන්වහන්සේ සුන්ලුන් ගමට වැඩම කොට ගිහියන්ට අවශ්‍ය දහම් අවබෝධය ලබාදී ඔවුන්ව අපායෙන් මුදවා ගන්නට කටයුතු කළහ. ඉන් පසු කලෙක 1952දී උන්වහන්සේ දිවි ගමන නිමවා පිරිනිවනට වැඩි බව සඳහන් වේ.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

සෙලාන් ටිකිරි වෙතින් ශිෂ්‍යත්ව හපනුන්ට තෑගි

Next Post

පවිත්‍රා එදා පාර්ලිමේන්තුවේදී නිරෝධායනය ගැන කියපු කතාව (VIDEO)

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper