• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සමහර නිළියෝ චරිත ගන්නේ වෙනත් මාර්ගවලින්

January 23, 2021
in Heart
Reading Time: 2 mins read
A A
සමහර නිළියෝ චරිත ගන්නේ වෙනත් මාර්ගවලින්
Share on WhatsAppShare on Facebook

⬤ එහෙම කළා නම් මට දවස් හතේ හැම චැනල් එකේම ඉන්න තිබුණා…

⬤ මගේ පෙනුමට ඕනෑම එකක් අඳින්න පුළුවන්…

හෙක්ටර් ඩයස් විසින් නැවත නිර්මාණය කළ නිල්වන් මුහුදු තීරේ ගීතයට ලැබෙන ප්‍රතිචාර දිනෙන් දිනම ඉහළ යන බව පේනවා. ඒ ගීතයට ලැබෙන ජනප්‍රියත්වයට ඒ වෙනුවෙන් කළ මියුසික් වීඩියෝවත් හේතු වුණු බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒ හින්දම ඒ වීඩියෝවට රංගනයෙන් දායක වන ටීනා ශනෙල් ප්‍රනාන්දු ගැනත් බොහෝ දෙනෙක් කතා කරනවා. නිරූපණ ශිල්පය, ටෙලිනාට්‍ය සහ සිනමාව යන හැම පැත්තෙන්ම රසිකයන්ගේ ආදරය දිනා ගත්ත ටීනට කතා කරන්න අපි තීරණය කළේ ඒ හින්දමයි.

🔴 නිල් වන් මුහුදු තීරේ වීඩියෝවට ලැබෙන ප්‍රතිචාර ගැන කියලම අපි කතාබහ පටන් ගමු?
ඇත්තටම ප්‍රතිචාර නම් හුඟක් හොඳයි. මේ වෙද්දි මිලියන 2කට වැඩි පිරිසක් අන්තර්ජාලයේ ඒක නරඹලා තියෙනවා. මම කරපු මියුසික් වීඩියෝවලින් කැමැතිම එක කිව්වත් වැරදි නැහැ. මං හිතන්නේ ඒ වීඩියෝ එකේ හැම දෙයක්ම හොඳටම ගැළපුණා. හෙක්ටර් අයියයි මායි විතරක් නෙවෙයි කැමරාවේ පිටුපස හිටිය කණ්ඩායමත් හරියටම ඒ වැඩේ කළා. ඒක තමයි මං හිතන්නේ මේ ජනප්‍රියත්වයට හේතුව.
🔴 ලංකාවේ රූපවාහිනී ප්‍රේක්ෂකයන් අතර අතිශයින් ජනප්‍රිය වූ නෝනාවරුනි මහත්වරුනි ටෙලිනාට්‍යයේ නැවත නිෂ්පාදනයේ ප්‍රධාන චරිතයකට ඔබව තෝරා ගෙන තිබුණා. මොකද ඒකට වුණේ?
ඕක දැන් කාලයකට කලින් සිද්ධ වුණු දෙයක්. මාත් හරිම ආසාවෙන් හිටියේ ඒ චරිතය කරන්න. හැබැයි මොකක් හරි හේතුවක් හින්දා ඒක නැවතුණා. එතැනින් පස්සේ ඒ ගැන කවුරුවත් කතා කළේ නැහැ. ඒකට මොකද වුණේ කියලා මං දන්නේ නැහැ. හැබැයි ඒක නැතත් ප්‍රේක්ෂකයෝ ආදරය කරන වෙනත් චරිතයක් එක්ක ළඟදිම ඒ අය අතරට එන බව කියන්න ඕනෑ.
🔴 ඔබ මේ දවස්වල වැඩිපුර නිරූපණයට සම්බන්ධ වෙන බව කලින්ම කිව්වනේ. හැබැයි නිරූපණ ශිල්පය කියන්නේ බොහෝ විවේචන එල්ල වෙන තැනක්. විශේෂයෙන් ඇඳුම් පැලඳුම් සම්බන්ධව ඔබටත් එවැනි විවේචන එල්ල වෙනවා. ඒ ගැන මොකද හිතෙන්නේ?
මේකයි. මේක මගේ වෘත්තිය. එතැනදි මට කැමැති විදියට අඳින්න පලඳින්න බැහැ. අධ්‍යක්ෂවරයා හෝ නිර්මාණකරුවා කියන විදියට තමයි මම අඳින්නේ. මගේ වෘත්තිය හරියට කරන එක තමයි මගේ එකම අරමුණ. ඒ ගැන නොදන්න අය තමයි ඔය වගේ විවේචන එල්ල කරන්නේ. කොහොමත් මගේ වයස සහ ඇඟේ පෙනුම එක්ක මට එහෙම ඕනෑම විදියකට අඳින්න බැරි කමකුත් නැහැනේ. ඒ හින්දා මම ඔය කියන දේවල් පොඩ්ඩක්වත් ගණන් ගන්නේ නැහැ. මොකද මම කරන දේවල්වලට ආදරය කරන බොහෝ දෙනෙක් ඉන්නවා. මට විවේචන එල්ල කරන අයට වඩා මට ආදරය කරන පිරිස වැඩියි. ඉතිං ඒ අය සතුටු කරන්න මගේ උපරිමයෙන් වෘත්තිය වෙනුවෙන් කැප වෙන්න තමයි මට ඕනෑ. ඒ ගැන නොදන්න අය කියන දේවල් මට අදාළ නැහැ.
🔴 අපි අහලා තියෙන විදියට ටීනා ලැබෙන හැම දේම බාර ගන්න කෙනෙක් නෙවෙයි. මොකක්ද ඒකට හේතුව?
මට කරන්න පුළුවන් ප්‍රමාණය විතරයි මම බාර ගන්නේ. මොකද මම කරන වැඩේ හරියටම කරන එක මගේ හැටි. ඒ හින්දා හැමදේම බාර අරගන්න මම කැමැති නැහැ.
🔴 ලංකාවේ කලා ක්ෂේත්‍රයේදී දක්ෂයාට නියම තැන නොලැබෙන බවක් බොහෝ දෙනෙක් කියනවා. විශේෂයෙන්ම ටෙලිනාට්‍යවලදී. රංගන ශිල්පිනියක් විදියට ඔබ ඒක දකින්නේ කොහොමද?
ඇත්තටම මටත් ඒක හිතිලා තියෙනවා. මොකද සමහර චරිතවලට තෝරා ගෙන ඉන්න අයව දැක්කම එහෙම වුණේ කොහොමද කියලා මටත් හිතෙන අවස්ථා තියෙනවා. ප්‍රේක්ෂකයන්ටත් එහෙම හිතෙනවා ඇති. ලංකාවේ සමහර නිළියෝ චරිතවලට එන්නේ වෙනත් මාර්ග හරහා කියන එක ක්ෂේත්‍රයේ බොහෝ දෙනා දන්න කාරණාවක්. අධ්‍යක්ෂ හෝ නිෂ්පාදක එක්ක අනවශ්‍ය දේ කරන ගොඩක් අය ඉන්නවා. එහෙම කරන අය තමයි නිතරම පේන්න ඉන්නේ. එහෙම කළා නම් මටත් හැම චැනල් එකේම හැමදාම පේන්න ඉන්න තිබුණා. ඒත් මම ඒකට කැමැති නැහැ. මගේ දක්ෂතාවය තේරුම් අරගෙන ඒකෙන් වැඩක් ගන්න තමයි මම කැමැති.
චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

දැන් එයා ලොකු ළමයෙක්

Next Post

ඇය වරදේ බැඳෙයිද හරියටම දැනගන්න

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.