මේ කාලයේ බොහෝමයක් අනිසි සබඳතා හේතුකොටගෙන යුගදිවි මෙන්ම ආදර සබඳතාද දෙදරා යන ස්වභාවයක් දක්නට ලැබේ. එසේම බොහෝමයක් ස්ත්‍රීන්ට වෙනත් සබඳතා ඇතැයි පිරිමින් සැක සංකා මතුකරගෙන සිටිනු දැකිය හැක. ඇතැම් පිරිස් මෙවැනි සැකසංකා හේතුවෙන් විවිධ ආරවුල් ඇතිකර ගත්තද, එවැනි අනිසි සැක ඇතිකර ගන්නා ඇතැම් තැන්වල කාන්තාවන්ට අනිසි සබඳතා නොමැති බවද හැඟීගොස් ඇත.
මේ හේතු කාරණා නිසා කාන්තාවන් ගැන තීරණය කිරීමේදී කේන්දරයට විශේෂ තැනක් හිමිවෙයි. මන්ද වැරැදි සබඳතා ඇතිකර ගන්නා කාන්තාවන් කවරේද යන්න ඒ ඒ අයගේ කේන්දරවල ඉතා පැහැදිලිව සටහන් වී තිබෙන නිසාවෙනි. කෙසේ නමුත් විවාහය යනු අතිශයින්ම සෞන්දර්ය චාරිකාවකි. කායික, මානසික උපරිම තෘප්තිය තුළින් ජීවිතයේ රසකාමිත්වය පුබුදුවාලිය හැක.
පිරිමි සත්වයා කාමරාගයෙන් උමතු වූකල්හි උම්මතකයකු සේ ක්‍රියාකරනු ඇත. මෙය සොබාහමේ එක් අවශ්‍යතාවයකි.
එහෙත් ශිෂ්ටසම්පන්න සමාජයක යහපැවැත්ම සඳහා කිසියම් මනෝමය පාලනයක් අවශ්‍ය වේ. සිරිත් විරිත් නමින් එක් එක් මිනිස් සමාජය විසින් එකී පද්ධති මෙහෙයවනු ලබයි. කුජ, රාහු, ශුක්‍ර, සඳු යන ග්‍රහයන් කේන්දරයක හැසිරෙන ආකාරය අනුව පුද්ගල කාමාශාව අඩු වැඩිවේ.
කේන්දරයේ කුජ, ශුක්‍ර දෙදෙනාම පරස්පරව හෙවත් ප්‍රතිවිරුද්ධව අංශකගතව සිටීම කාමාධික බව කැපී පෙනෙන ලක්ෂණයකි. මෙම යෝගය නිසා අධික කාමරාගය උත්සන්න වේ. ලග්නයට අධිපතිව සිටින ග්‍රහයා සමඟ සංයෝග වූ කුජ, මකර රාශිගත වීමද ලග්නාධිපති සහ විවාහකස්ථානාධිපතියා වූ 7 වැන්නාධිපති පාපී රාශී ගතවීම සමඟ ලග්නයට හා සඳුට ශුක්‍රගේ දුෂ්ටිගත වීමද ජන්ම කේන්දරයෙහි 1, 4, 7, 8, 12 යන භාවයක සිටින පාපියකුට යෝගවී අඟහරු සිටීමද උච්ච ක්ෂේත්‍රව නොසිටි සඳු, කුජ, ශුක්‍ර 7 වැන්නේ වීමද පාපී දෘෂ්ටි ලැබ සඳු ලග්නයේ සිටියදී ශුක්‍ර, මකර හෝ කුම්භ රාශියක සිටීමද ලග්නය සහ සඳු පාපකාරීව සිටීමද සියලුම පාපීන් සඳුට දෘෂ්ටිගත වීමද මකර ලග්නයේ 7 වැන්නේ රවි, කුජ යෝගවීමද ලග්නයේ 3 සහ 7 පාපීන් සිට සඳු, කුජ, කිවි 7 සිටීමද, 7 වැන්නේ රවි, කුජ, ශුක්‍ර, රාහු, සඳු සිටීමද, 7 වැන්නේ කුජ, රාහු එකම නවාංශකයක යෝගවී හෝ 7 සිටින උක්ත ග්‍රහයකුට පෙනීමද සඳු, රාහු ලග්නයේ වීමත්, මේෂයෙන් ඉපිද 7 ර, බු, කේතුද, 6, 8 දෙකෙහි කුජ, ශුක්‍ර සිටීමද නිසාද එකී කාන්තාව බහු පුරුෂ සේවනයට යන්නීය. බෙරණ නැකතින් උපන්නේ නම් තෘප්තිමත් වීමට බොහෝ වේලාවක් ගතවේ. රහස්‍ය එක්වීම් බහුලවේ. විකෘති පැත්තක්ද නියෝජනය කරනු ඇත.
රවි, කුජ, ශනි, ශුක්‍ර, බුධ පංචග්‍රහයින් ලග්නයේ හෝ 5 වැන්නේ නම් ඇය අධික කාමාශාවකින් පෙළෙන්නීය. ඇයට ස්ථාවර විවාහයක් නොව උපරිම ශාරීරික වින්දනයකට යොමුවන්නීය. මෙවැනි ග්‍රහ යෝග ඇති තරුණියන් නිසි කල් වයස්හි විවාහ කර දිය යුතුයි. නොඑසේ නම් ඇගේ ජීවිතය අයාලේ ඉබාගාතේ දුවනු ඇත.
ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල











