• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ඩිම්පල් නැන්දා ඔබට සුබපතමි

January 10, 2021
in Heart
Reading Time: 2 mins read
A A
ඩිම්පල් නැන්දා ඔබට සුබපතමි
Share on WhatsAppShare on Facebook

අගය කරන්න වචන නැති තරම්…

පසුගිය දිනෙක ප්‍රවීනත්වයටපත් බොලිවුඞ් නිළි ඩිම්පල් කපාඩියාගේ ඉන්ස්ටර්ග්‍රෑමයෙහි ප්‍රශංසනීය සුබපැතුමක් සටහන්ව තිබිණි.
‘ආදරණීය ඩිම්පල් නැන්දා,
බොබී නම් ආදරණීය කතන්දරය ඉතා අලංකාරව, වර්ණවත්, සොඳුරු කෙල්ලක ලෙස උතුරු ඉන්දීය සිනමාවට ශෝභාවක් වූ ඔබ ජාත්‍යන්තර සිනමාව තුළද රැඟූ ආකාරය අනගිභවනීයය.
ජෝන් ඬේවිඞ් වොෂින්ග්ටන් සමඟ ඔබ ඔබේ රංගනීය හැඟීම් බෙදාගත් ආකාරය දීප්තිමත්ය.
ඔබේ කතා කරන දෙනෙත ඔබට හිමි රංගනයෙහි බලසම්පන්න බව අවුලවාලීය..,
ඔබේ හැසිරීම් සමබරව තිබිණ. අන්‍යයන් පොළඹවනසුළුය..,
සත්තකින්ම අතිශයෝක්තියකින් තොරව මම ඔබව අගයමි. ඉන්දියානු නිළියක හොලිවුඞ් චිත්‍රපටයක කළ ආකර්ශණීයම රංගනය මම ‘ටෙනෙට්’ තුළින් ඉතාම පැහැදිලිව දුටුවෙමි.
අගය කරන්නට වචන නැති තරම්ය එය..,
ඩිම්පල් නැන්දා ඔබට සුබපතමි..,
මට ඔබට ගරු කරන රිතික් රෝෂන්..,
ඩිම්පල්ගේ සිත, මේ සෙනෙහෙබර සුබ පැතුම හමුවේ දැඩිව සංවේදීව තිබිණි. ඇගේ දෑසට කඳුළු උනන්නට වූ බව ඈ ට්වින්කල් ඛන්නා සමඟ පවසා තිබුණාය.
එලෙසම ‘ජෝන් වොෂින්ග්ටන්’ සමඟ ඩිම්පල් පෙනී සිටින රූප රාමුවක්ද රිතික් විසින් සුබපැතුම පාමුල මුදාහැර තිබිණි.
ඔබට ස්තුතියි රිතික්, මගේ දූවරුන්වත් මෙතෙක් මට නොදුන් අගයක් මම අද ඔබෙන් ලදිමි… එතරම් අවංකව රංගවේදියකුට තවත් රංගනවේදිනියක අගය කරන්නට හැකි යැයි මට සිතුණේ නැත. ‘ටෙනෙට්’ නැරැඹීම ගැනත්, මටවත් නොපෙනුණු අගයක්, මගේ රංගනය වෙනුවෙන් මට දුන් ඔබට දෙවනුවද ස්තුති කරන්නෙමි.
ඩිම්පල් කියා තිබුණේ රිතික්ගේ සුබපැතුමට ප්‍රතිචාර දක්වන විට තම දෙනෙතින් කඳුළු වැටුණේ ඇයිදැයි යන්න තමාටද ප්‍රශ්නයක් බවකි.
කොයික කෙසේ වුවද, රිතික්ගෙත්, ඩිම්පල්ගෙත් මේ සුබපැතුම් සහ තුති පිදීමේ හුවමාරුවට ඔවුන්ගේ අනුගාමිකයන් විසින් ලක්‍ෂ ගණනින් ප්‍රතිචාර දක්වා තිබිණ. එහි වූයේ ඉතා සංවේදී, දයාබර සටහන්ය.
ටෙනෙට් නැරැඹීම සඳහා රිතික් තම පුතුන් දෙදෙනාද කැටුව ගොස් තිබිණි. නාමාවලිය සඳහා පෙළ ගැස්ම තිරය මත සටහන්වන තුරුවත් ඩිම්පල් ‘ටෙනෙට්’ හී රඟන බව තමා දැන නොසිටියේ යැයි රිතික්… ඩිම්පල්ට පවසා තිබුණේ සුබ පැතුමෙන් පසු රිතික්ට දුරකතන ඇමැතුමක් දෙන මොහොතේය.
‘මැඩම්’ යනුවෙන් ආමන්ත්‍රණය නොකර රිතික් තමාව නැන්දා යනුවෙන් ඇමැතීම ගැන තමා දැඩි සතුටට පත්වූ බවත් ඒ සෙනෙහෙබර ආමන්ත්‍රණය හමුවේ තමා ඉතා තදින් සංවේදී වූ බවත් ඩිම්පල් තවදුරටත් පවසා තිබිණ.
රිතික් පවසා තිබූ අන්දමට යමක්-කමක් තේරුම් යන කොලුගැටයකු අවදියේ තමා ‘බොබී’ චිත්‍රපටය තමාගේ හොඳම චිත්‍රපට තේරීම් අතර එකක්ව තිබිණ.
ඩිම්පල් කපාඩියා ‘බොබී’ හී රිෂී කපූර්ට ආදරය කරන හුරුබුහුටි ආකාරයට අද යොවුන් නිළියකට ළංවීමටවත් බැරි යැයි ඔහු තම පියා සමඟ එය වරින්වර නරඹන අවස්ථාවල කිහිපවිටක් පවසා තිබිණි.
කොහොම නමුත් ‘ටෙනෙට්’ හී සුබ පැතුමෙන් අනතුරුව රිතික් සහ ඩිම්පල් නිතර ඉන්ස්ටර්ග්‍රෑම් සහ ට්විටර් හරහා හිතෛෂී සටහන් මුදාහරින බව ‘හින්දුස්ථාන් ටයිම්ස්’ හී ‘ස්ටාර් ගොසිප්’ තීරුවෙහි සටහන්ව තිබිණ.
එතරම් දයාවෙන් මා අගය කරන්නට ඔබ වැනි පුතකු මට සිටියා නම් එය ඉතා අගය යැයි ඩිම්පල් කපාඩියා රිතික්ට පවසා තිබුණේ ‘2021’ට රිතික් ඇයට නැන්දා යන ආදරණීය ආමන්ත්‍රණයෙන් සුබපතද්දීය.
උතුරු ඉන්දීය සුපිරි නළු රන්බීර්ද ඩිම්පල්ගේ අපූරු මිතුරෙකි.
රන්බීර් එලෙස ඩිම්පල් හා මිතුරු වූයේ ඈ තම පියාගේද සමීපතම හිතවතියක නිසාය.
උත්සව අවස්ථාවන්හිදී ඩිම්පල්ව හමුවන සමහර අවස්ථාවන්වල රන්බීර් අසන නිතර ප්‍රශ්නයක් වන්නේ,
‘ඔයා මගේ තාත්තාව අමතක කර රාජේෂ් ඛන්නාට මනාප වූයේ ඇයි’ කියාය.
එවැනි මොහොතක ඩිම්පල් හඬනඟා සිනාසෙන්නේ රන්බීර්ට පහරක් ගසමින්ය.
ලොව අනේකාකාර බැඳීම් සහ හිතවත්කම් වෙයි. ආදරයෙන්, රාගයෙන් තොර වූ බැඳීම්ද ඒ අතර ප්‍රකටය. මිතුදමක්ද නොවන ඒ බැඳීම් ගෞරවනීයය. ඔහු රළුය… එයට වයස් බේදයක්ද නොවන්නේය.
සංවේදී සුබපැතුමක් සමඟ රිතික් සහ ඩිම්පල් අතරද ඇති වූයේ එවැනි ගෞරවනීය බැඳීමක් වන්නට ඇතිය.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

නිළියක් කියන්නෙ තරුවක් නෙමෙයි

Next Post

මිනිසුන්ට එලොව පොල් පෙන්වන පොල්

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.