• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

තරුවක් වෙන්න හීන දැකපු කැරලි කොණ්ඩකාරි

January 9, 2021
in Heart
Reading Time: 3 mins read
A A
තරුවක් වෙන්න හීන දැකපු කැරලි කොණ්ඩකාරි
Share on WhatsAppShare on Facebook

⬤ පළමු රංගනය අභියෝගයක්…

⬤ කාටවත් හිතාගන්න බැරිවුණා මම ඒක කරයි කියලා…

⬤ එයා මගේ හෙවණැල්ල වගේ…

මිහිකතට පෑයූ මේ සොඳුරු රුවැත්තිය අපට හමුවන්නේ ‘දෙරණ’ රූපවාහිනියේ සති අන්තයේ විකාශය වන ‘මිහි’ ටෙලිනාට්‍ය හරහා. ඇය තමයි තිවංකා නානායක්කාර. ඇය පසුගිය වසරේ දෙරණ අවුරුදු කුමරිය තරගාවලියේ දෙවැනි ස්ථානයද හිමිකර ගැනීමට වාසනාවන්තියක් වුණා. කලා ක්‍ෂේත්‍රයේ තරුවක් වෙන්න කුඩා කල සිටම හීන දැකපු ඈ අද ඒ හීනය වගේම ‘ ජනතාවගේ ආදරය දිනාගෙන තරුවක් බවට පත්වී හමාරයි. ඇයගේ ජීවිතයට ලැබුණු නුහුරු අත්දැකීම්වලින් සතුට විඳින මොහොතක ප්‍රථම වතාවට ජාතික පුවත්පතක් සමඟ සුහද කතාබහකට එකතු වුණේ මෙහෙමයි.

🔴 ඔබේ ආදරණීය රසික පිරිස ඔබ ගැන හොයන නිසා අපි කැමැතියි මුලින්ම ඔබ ගැන කෙටි හැඳින්වීමකින් මේ කතාවට මුලපුරන්න?
මගේ නම තිවංකා නානායක්කාර.
🔴 එතකොට ඔබේ ගම්පළාත?
කිරිබත්ගොඩ, මාකොළ ප්‍රදේශයේ.
🔴 පසුගිය වසරේ ඔබ දෙරණ අවුරුදු කුමරියට අභිෂේක ලැබුවා?
2020 දෙරණ අවුරුදු කුමරිය තරගාවලියේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට මට හැකිවුණා. මට කලා ක්‍ෂේත්‍රයට සම්බන්ධවීමට හිතේ තිබුණු අදහසත් එක්ක මම සංගීතය, නර්තනය පිළිබඳව වැඩිදුරටත් හදාරන්න හිතුවා. රැකියාවක් කිරීමට හිතේ කිසිම ආශාවක් තිබුණේ නැහැ. කලාවට සම්බන්ධ වෙන්න තමයි උදේ – හවස මම නිතරම හිතුවේ.
🔴 ‘මිහි’ ටෙලිනාට්‍යයට සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණේ කොහොමද?
‘රාවණ’ ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂණය කළ තුෂාර තෙන්නකෝන්ගේ ටෙලිනාට්‍යයකට නවක ශිල්පීන් තෝරා ගන්නා බව දැනගන්න ලැබුණා. ඉතින් මමත් ගිහින් බැලුවා. ඒ යනකොටත් නවක පිරිස් ගොඩදෙනෙක් ඇවිත් හිටියා. එතැන හිටිය නවක පිරිසට හරිම කලබලයක් තිබුණා සම්මුඛ පරීක්‍ෂණයට පෙනී සිටීමට. ඒ හැමෝටම යන්න දීලා මම අන්තිමට පෙනී සිටියා.
🔴 කතාවකුත් තියෙනවානේ තිවංකා ‘හෙමින් ගමන සුන්දරයි’ කියලා. ඒ සුන්දරත්වයේ සතුට කොයිවිදියටද අද ඔබට දැනෙන්නේ?
පොඩි කාලේ ඉඳලා කලා ක්‍ෂේත්‍රයට සම්බන්ධ වීමට මගේ හිතේ ලොකු ආශාවක් තිබුණා. මම ඒ අරමුණත් එක්කම තමයි හිටියේ. ඉතින් සම්මුඛ පරීක්‍ෂණයට සම්බන්ධ වෙලා සති කිහිපයකට පසු මට දුරකතන ඇමැතුමක් ආවා ‘මිහි’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට මාව තෝරාගත්තා කියා. ඒ වෙලාවේ මට පුදුමාකාර සතුටක් දැනුණේ. විශේෂයෙන් දෙරණ රූපවාහිනියේ විකාශය වන ටෙලිනාට්‍යයක ප්‍රධාන චරිතයක් ලැබුණ එක ගැන.
🔴 ටෙලිනාට්‍ය රූගත කිරීම් සිදුවන වටපිටාවට හැඩගැහුණේ කොහොමද?
මම ඒ වන විට ටෙලිනාට්‍ය රූගත කිරීම් කරනවා දැකලාවත් නැහැ. ‘මිහි’ ටෙලිනාට්‍ය රූගත කිරීම් කළේ තලාතුඔය වැනි දුරබැහැර සුන්දර පරිසරයක. හිතේ තිබුණු ආශාවටත් එක්ක කිසිම බයක් දැනුණේ නැහැ. රඟපාන කොටනම් වැරැදුණු අවස්ථා තිබුණා. ඒ හැම අවස්ථාවකදීම තුෂාර තෙන්නකෝන්ගේ ටෙලිනාට්‍යයේ අධ්‍යක්‍ෂතුමන් මාව චරිතයට ගැළපෙන විදියට උපදෙස් දීලා හදාගත්තා. ඒ වගේම මට ‘මිහි’ ටෙලිනාට්‍ය කණ්ඩායමෙන් ලොකු සහායක් ලැබුණා.
🔴 ඔබේ පළමු රංගනයම ඔබට අභියෝගයක් වුණා?
අනුත්තරා, වගීෂා චරිත දෙකම නිරූපණය කරන්නේ මම. චරිත දෙකම එකිනෙකට වෙනස්. ටෙලිනාට්‍ය දෙකක නිරූපණය කිරීමට තිබුණු චරිත දෙක එකම ටෙලිනාට්‍යයක නිරූපණය කරන්න ලැබීම අභියෝගයක් වගේම වාසනාවක් කියලයි මට හිතෙන්නේ.
🔴 ඔබ නිරූපණය කරන චරිත දෙකෙන්ම වඩාත් ප්‍රිය කරන්නේ කාටද?
ටෙලිනාට්‍යයේ රඟපාන කොට මම වඩාත්ම කැමැති වුණේ ‘වගීෂා’ චරිතයට. නමුත් ‘මිහි’ ටෙලිනාට්‍ය විකාශය වෙන කොට හිත ගියේ ‘අනුත්තරා’ චරිතයට. ඒ චරිත දෙක තුළ අතර සිදුවන්නේ සිද්ධීන් මාලාවක්. ඒ වෙනස ‘මිහි’ ටෙලිනාට්‍ය නරඹනකොට ගොඩදෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් වෙයි.
🔴 ප්‍රතිචාර එහෙම සාර්ථක ඇති?
ගොඩ දෙනෙක්ට හිතාගන්න බැරි වුණා මම එහෙම දෙයක් කරාවිද කියලා. හැමෝම ගෙදරට කතා කරලා මට සුබපැතුවා. ඒ ලැබෙන ප්‍රතිචාරත් එක්ක මම හිතනවා මට ලැබුණු චරිතයට මම සාධාරණයක් කරලා ඇති කියලා.
🔴 ඔබේ කලා ගමනේදී ඔබේ පෙම්වතා හෙවණැල්ලක් කියන්නේ ඇත්තද?
කලාවේ විතරක් නෙවේ මගේ මවුපියන් හැරුණු කොට මගේ ජීවිතයේ තබන හැම පියවරකදීම ඔහු සෙවණැල්ලක් වගේ මාව දිරිමත් කළා. මට ශක්තියක් වුණා. අද කාලේ මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙනවාට ගොඩාක් පෙම්වතුන් කැමැති නැහැ. ඒත් ඔහු මගේ දක්‍ෂතාව හඳුනාගෙන මට මේ ගමන යන්න උපරිම නිදහස දුන්නා.
🔴 පෙම්වතා ඉදිරියේ රඟපානකොට ලැජ්ජාවක් හිතුණේ නැද්ද?
මම එතැන දන්න කියන කෙනෙක්ට හිටියේ මගේ පෙම්වතා විතරයි. නොදන්න බොහෝ පිරිසක් හිටියා. ඔහු ඉන්නා විට මට කරන වැඬේ හරියට කරන්න ශක්තියක් ලැබුණා. අනෙක ඔහුත් සෙට් එකේදී මාව දැක්කේ තිවංකා විදියට නෙවේ. ‘අනුත්තරයි, වගීෂා’යි විදියට. ඒ නිසා මට කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ.
🔴 තිවංකාගේ ආදර කතාවේ සුන්දරත්වයක් තියෙනවා නේද?
ගෙවන හැම තත්පරයක්ම අපි දෙන්නටම සුන්දරයි. අවුරුදු පහක විතර ආදරයක් මේ. මම සමාජය ගැන දැනගෙන එළියට බහින්නත් කලින් අපේ ආදර කතාව පටන්ගත්තේ. ඉතින් මම තේරුම් ගත්තා මගේ තෝරා ගැනීම අද හරි කියලා.
🔴 අද ඔබට මේ තැනට එන්න උදවු කරපු පිරිසකුත් ඇති?
‘මිහි’ ටෙලිනාට්‍යයේ අධ්‍යක්‍ෂ තුෂාර තෙන්නකෝන් මහතා ඇතුළු ‘මිහි’ ටෙලිනාට්‍ය කණ්ඩායමෙන් මට ලොකු සහායක් ලැබුණා. ඒ වගේම දෙරණ රූපවාහිනීයටත්, මගේ මවුපියන්ටත්, නිරන්තරයෙන් මගේ ළඟින් ඉඳිමින් මට හරිදේ මඟ පෙන්වන මගේ පෙම්වතාටත්, ඒ වගේ මුළු රටම මාව දැනහඳුනගත් මොහොතක මම ගැන මුළු රටටම කියන්නට පළමුවරට කතාබහ කළ ‘ඉරිදා – මව්රට’ පුවත්පතටත් ස්තුතිය පුදකරනවා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

නොගැලපෙන චරිත කරලා නම කැත කරගන්න බැහැ

Next Post

මහජන බැංකුව නව වසරේ වැඩ අරඹයි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.