• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ටිටී කිව්ව ගමන් ඕන කෙනෙක් දන්නවා

January 9, 2021
in Heart
Reading Time: 2 mins read
A A
ටිටී කිව්ව ගමන් ඕන කෙනෙක් දන්නවා
Share on WhatsAppShare on Facebook

⬤ මට ලැබෙන්නෙ දඟකාර – කටකාර නපුරු චරිත…

‘තව දුරයි ජීවිතේ’ ටෙලිනාට්‍යයේ ‘ටිටී’ගේ චරිතයට පණපෙවූ ඒ දඟකාර, කටකාර සොඳුරු රුවැත්තියට අදටත් ප්‍රේක්‍ෂක ආදරය ලැබෙනවා නිසැකය. පුංචි තිරයේ සිය දක්‍ෂතාවය පාමින් ආදරණීය ප්‍රේක්‍ෂකයන්ගේ සිත් දිනා ගනිමින් ඇය කලා ක්‍ෂේත්‍රයේ දිගු ගමනක් ආ තැනැත්තියකි.
රංගන ශිල්පිනියක්, නිවේදිකාවක් මෙන්ම ගායන ශිල්පිනියක් ලෙසින්ද ඒ අපූරු කලාකාරිනිය හැඳින්වීමට හැකිය. ඇය නමින් යොවුන් නිළි පබසරා මධුෂාණිය. ‘මව්රට’ හදවතෙහි විශේෂාංගය ‘හාට්’ සමඟ සුහද පිළිසඳරකට ඇය එකතු වූයේ මේ විදියටය.

🔴 මොකද පබසරා මේ දිනවල පේන්න නැත්තෙ?
ඇත්තම කියනව නම් මේ දවස්වල කිසිම වැඩකට සම්බන්ධ වුණේ නැහැ. මීට මාස තුනකට විතර කලින් අවසන් වුණු ‘රන්තිලි වැව’ නාට්‍යයට තමයි අන්තිමටම සම්බන්ධ වුණේ. ඉතින් පසුගිය කාලෙම වැඩ කළ නිසා මට හිතුණා මේ දවස්වල ටිකක් ගෙදරට වෙලා විවේකීව ඉන්න.
🔴 ඔබ රංගන ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවද?
මම පුංචි කාලේ ඉඳන්ම රංගනය හැදෑරුවා. ටෙනිසන් කුරේ මහතාගේ ‘මෑන් ද මෑන්,’ ‘කුරුල්ලා’ යන නාට්‍යයේ රඟපෑවා. ඊට පස්සේ ‘එෆ්.එම්’ නාලිකාවලට සම්බන්ධ වෙලා නිවේදන කටයුතු සිදුකළා. ඒ කාලෙ නම් රංගනයෙන් සෑහෙන කාලයක් ඈත් වෙලා හිටියේ. නැවැතත් රංගන ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙලා කටයුතු කළා. ඉතින් පසුගිය කාලෙ තමයි මම එකදිගට රංගනයෙන් සම්බන්ධ වුණේ. සැරින් සැරේ ක්‍ෂේත්‍රයට ආව ගිය නිසා හරියටම එහෙම කාලවකවානුවක් කියන්න බැහැ.
🔴 ඒ කියන්නෙ දැන් ඔබ නිවේදන කටයුතුවලින් ඈත්වෙලාද?
නැහැ. ඇත්තෙන්ම කිව්වොත් මගේ ආසාවක් තියෙනවා නැවැත වතාවක් රංගන ශිල්පිනියකට වඩා නිවේදිකාවක් විදියට වැඩ කරන්න. ආයෙත් නාලිකාවකින් මට ආරාධනා කළොත් නිවේදිකාවක් විදියට හොඳ වැඩසටහනකට සම්බන්ධ වෙන්න සතුටින් එය මම බාර ගන්නවා.
🔴 රංගනය, නිවේදනය වගේම ඔබ ප්‍රසංග වේදිකාවටත් සහභාගි වෙනවා නේද?
ඔව්. ඇත්තටම ප්‍රසංග කියන දේ නම් ආයෙත් සෑහෙන කාලයකට කරන්න පුළුවන් වෙයි කියල නම් මම හිතන්නෙ නැහැ. මොකද මේ කොරෝනා තත්ත්වය එක්ක එළිමහන් ප්‍රසංග පවත්වන්න දෙන්නෙ නැහැනෙ. අනෙක මම ගොඩක් වෙලාවට ලංකාවෙ ප්‍රසංගවලට සහභාගි වුණේ නැහැ. විදේශ සංචාරවල ප්‍රසංග සඳහා පමණයි සහභාගි වුණේ.
🔴 පබසරා වැඩිපුරම ප්‍රේක්‍ෂකයො අතරට ගියේ කටකාර, නපුරු චරිත හරහා. වෙනස්ම ආකාරයේ චරිතයකින් ප්‍රේක්‍ෂකයා අතරට එන්න අදහසක් නැද්ද?
කැමැතියි. ඒත් මට ගොඩක් වෙලාවට දඟකාර චරිත, නපුරු චරිත තමයි ලැබෙන්නෙ. අහිංසක චරිත ලැබෙන්නෙම නැති තරම්. ඉතින් කටකාර, දඟකාර, නපුරු චරිත සාර්ථකව කරන නිසාද දන්නෙත් නැහැ මට ඒ චරිතම විතරක් ලැබෙන්නෙ. හැබැයි ඉතින් එහෙම චරිත ලැබුණා කියලා එහි වැරැද්දක් මම දකින්නෙ නැහැ. මම හිතනවා ඒ චරිතවලින් ප්‍රේක්‍ෂකයො අතරට යන්න පුළුවන් කියලා.
🔴 පබසරාට සිනමාවෙන් ආරාධනා ලැබුණෙ නැද්ද?
සිනමාවෙන් ආරාධනා කලින් නම් ලැබුණා. හැබැයි ඉතින් මෑතකදි නම් ආරාධනා ලැබුණෙ නැහැ. සිනමාවට සම්බන්ධ වෙන්න එහෙම අවස්ථාවක් මට ලැබුණෙම නැහැ. සිනමාවට සම්බන්ධ වෙන්න අනිවාර්යෙන්ම කැමැතියි. මොකද සිනමාව කියන්නේ රංගන ශිල්පිනියකට ගොඩක් වටින දෙයක්.
🔴 ක්‍ෂේත්‍රය තුළ මෙතෙක් ආ ගමනේදී ප්‍රේක්‍ෂකයන්ගෙන් ලැබුණු ප්‍රතිචාර මොනවගේද?
ඇත්තම කිව්වොත් මට ගොඩක්ම ප්‍රතිචාර හමුවුණේ ‘තව දුරයි ජීවිතේ’ ටෙලිනාට්‍යයේ ‘ටිටී’ගේ චරිතයට. හිතාගන්න බැරි විදියට මගේ ජීවිතේ වෙනස් කරපු චරිතයක් තමයි ‘ටිටී’ කියන්නෙ. ගොඩක් දේවල් මට ඒ චරිතයෙන් ලැබුණා. මම නාට්‍ය ගණනාවකටම සම්බන්ධ වෙලා වැඩ කළාට මට ප්‍රේක්‍ෂකයො අතරට වැඩිපුරම යන්න පුළුවන් වුණේ ඒ චරිතය හරහා. ‘ටිටී’ කිව්වම ඕනෑම කෙනෙක් දන්නවා. අදටත් ප්‍රේක්‍ෂකයො කතා කරනවා. ඉතින් මගෙ ජීවිතේ මට ලැබුණු වටිනාම චරිතයක් තමයි ‘ටිටී’ කියන්නෙ. මම හිතනවා ඒ චරිතය ගොඩක් වාසනාවන්ත චරිතයක් කියලා.
🔴 ඉතින් විවාහය ගැන තවම හිතලවත් නැද්ද?
විවාහ වෙන්න අදහසක් තියෙනවා. හැබැයි ඉතින් දැන්ම නෙවෙයි. ලබන අවුරුද්දෙ වගේ බලාපොරොත්තුවක් තියෙනවා.
ජෙහානි සිල්වා

SendShareShare
Previous Post

ඔබේ කසාදය හරියයිද? වරදියිද?

Next Post

නිවුන් දරු උපතකින් පසු බිහිවූ බලගතු පලාපල ශාස්ත්‍රය

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.