• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මම කැමැති නෑ පැල්බැඳගෙන මෙගා කරන්න

January 9, 2021
in Heart
Reading Time: 2 mins read
A A
මම කැමැති නෑ පැල්බැඳගෙන මෙගා කරන්න
Share on WhatsAppShare on Facebook

⬤ ගොඩ ඉඳලා පීනන්න බෑ ඉතින් මම වතුරට බැස්සා…

වර්තමාන සමාජයේ වැළලී යන හෙළ වෙදකම, අංගම්පොර සටන් කලාව මූලාශ්‍රකර ගනිමින් නිර්මාණයකට නැඟුණු ‘පුළිඟු’ ටෙලිනාට්‍ය පසුගියදා නිමාවට පත්විය. දේශීය ටෙලිනාට්‍ය කලාවට යම් ප්‍රවණතාවක් දීමට රංගන ශිල්පී බුද්ධික ලොකුකැටිය අධ්‍යක්‍ෂණය කළ ඒ කුලුඳුල් නිර්මාණය ‘පුළිඟු’ වර්තමාන මෙගා ටෙලිනාට්‍ය නිර්මාණකරුවන්ට ආදර්ශයක් විය.
සුබ නව වසරක් වේවා!
ලෝකෙම වෙසෙන මගේ ආදරණීය ප්‍රේක්‍ෂක ජනතාවට නිදුක්, නිරෝගිමත් වසරක් වේවා! කියා ප්‍රාර්ථනා කරනවා.

🔴 ඔබ නිර්මාණය කළ කුලුඳුල් ටෙලි සිතුවම පසුගියදා නිමාවට පත්වුණා. ප්‍රේක්‍ෂකයන්ගෙන් ලැබුණේ මොනවගේ ප්‍රතිචාරයක්ද?
ගොඩදෙනෙක්ගෙන් හොඳ ප්‍රතිචාර තමයි ‘පුළිඟු’ ටෙලිනාට්‍යයට ලැබුණේ. ගොඩදෙනෙක් පැවැසුවා තවදුරටත් ‘පුළිඟු’ කරගෙන යන්න තිබ්බානේ කියලා. ඒත් මම කැමැති වුණේ නැහැ මෙගා ටෙලිනාට්‍යයක් විදියට පැල්බැඳගෙන ‘පුළිඟු’ කරගෙන යෑමට. ටෙලිනාට්‍ය තවදුරට කරගෙන යෑමට තිබුණත් මම හිතුවා නතර කළයුතු සුදුසුම කාලය දැන් තමයි කියලා. උසස් රසවින්දනයකින් අපේ උරුමය මූලාශ්‍රය කරමින් ප්‍රේක්‍ෂකයන්ට එය රසවිඳීමට ඉඩලබා දීමයි මගේ අරමුණ වුණේ.
🔴 ඇයි ඔබ නාගරික පරිසරයෙන් මිදිලා ග්‍රාමීය කතාවක් නිර්මාණය කිරීමට හිතුවේ?
මමත් ගමේ කොල්ලෙක්. අද අපි දකින ටෙලිනාට්‍යවල බහුතරයක්ම නිර්මාණය වෙන්නේ නාගරික කතාවන්. එවැනි නිර්මාණ කිරීමට ඕනෑ තරම් නිර්මාණකරුවන් ඉන්නවා. මම කරපු පළමු නිර්මාණය අපේ සංස්කෘතියට ගැළපෙන, අපේ හෙළ වෙදකම මූලාශ්‍ර කරගෙන ප්‍රචලිත කතා සිද්ධීන් කිහිපයක් සම්බන්ධ කරගෙන ගමේ කතාවක් කරන්න තමයි මගේ ආශාවක් තිබුණේ.
🔴 අධ්‍යක්‍ෂණය වගේම තවත් පැත්තකින් ‘පුළිඟු’ ටෙලිනාට්‍ය නිෂ්පාදනය පැත්තෙනුත්, ඔබ දායකත්වය සපයනවා. ලාභ ඉපැයීමටද ඔබ නිෂ්පාදනයට සම්බන්ධ වුණේ?
නිර්මාණයක් අධ්‍යක්‍ෂණය කරමින් එය නිෂ්පාදනය පැත්තෙනුත් තවත් පැත්තකින් මම ‘පුළිඟු’ ටෙලිනාට්‍යයේ සුවිශේෂී චරිතයක් නිරූපණය කරනවා. මේ සියල්ලම මට අභියෝගයක්. ‘පුළිඟු’ ටෙලිනාට්‍යයෙන් මට කිසිම ලාබයක් නැහැ. නමුත් ආත්ම තෘප්තියක් තිබෙනවා. මට එය මුදලට වඩා වටිනවා. ගොඩ ඉඳලා පීනන්න බෑනේ. ඉතින් මමත් වතුරට බැහැලම බැලුවා. මගේ සුජාත දරුවා ලෝකවාසීන්ට රස විඳීමට ඉඩකඩ සලසා දුන් ස්වාධීන රූපවාහිනිය ඇතුළු සියලුම අංශවලට මම ස්තුතිය පුදකරනවා.
🔴 අධ්‍යක්‍ෂණ කරමින් ඒ තුළම චරිත ජීවමාන කිරීමත් අසීරු කර්තව්‍යයක් වන්නට ඇති?
නිර්මාණයක් කරනවා කියන්නේ පහසු කටයුත්තක් නෙවේ. ලොකු වගකීමක්. ‘පුළිඟු’ ටෙලිනාට්‍යයේ මම ‘පුංචිත්තා’ කියලා මෝඩ පහේ චරිතයක් කළා. හැබැයි මම හිතුවා ඒ චරිතය වුණත් විරූපී විදියට මිනිසුන්ට මාව අඳුරගන්න බැරිවෙන විදියට වෙනස්ම විදියේ චරිතයක් කරන්න. ‘පුළිඟු’ ටෙලිනාට්‍යයේ කැමරා අධ්‍යක්‍ෂ නිශාන්ත ප්‍රදීප්ගෙන් වගේම සියලුම දෙනාගෙන් 100%ක සාර්ථක සහායක් ලැබුණා මට නිර්මාණය කරගෙන යෑමට. ඔවුන් දුන්න සහායත් එක්ක තමයි ‘පුළිඟු’ ටෙලිනාට්‍ය මේ තරම් සාර්ථක නිර්මාණයක් බවට පත්වුණේ.
🔴 ‘පුංචිත්තා’ වෙනස් ස්වරූපයකට ගැනීමට මොනවගේ උත්සාහයක්ද ඔබ ගත්තේ?
‘පුංචිත්තා’ චරිතය මට වෙනස් අත්දැකීමක්. මම එවැනි චරිතයක් මෙයට පෙර කරලා නැහැ. බාහිර ස්වරූපය වෙනස් කළා වගේම මම එයට ගැළපෙන පරිදි දත් දෙපළක් හදාගත්තා. එය රඳවාගෙන කතා කිරීමට ලොකු අපහසුවක් දැනුණා. එය ටෙලිනාට්‍යයේ මුල් කොටස්වලදී ප්‍රේක්‍ෂකයන්ට දැනෙන්නට ඇති. පසුකාලීනව ටික ටික පුරුදු වුණා.
🔴 සම්මාන බලාගෙනද ඔබ ‘පුළිඟු’ නිර්මාණය කළේ?
සම්මානයක් ලැබෙනවා නම් සතුටුයි. ඒ වගේම නිර්දේශ නාමාවලියට හරි මගේ ටෙලිනාට්‍යයේ රඟපාපු ශිල්පියෙක්ගේ නමක් හරි සඳහන් වුණොත් එයත් සතුටක්. හැබැයි ඉතින් ඒ හැමදේටම වඩා අපි සියලුම දෙනාටම ජනතා සම්මානය ලැබුණා.
🔴 ඒ කාලයේ නළුවෙක් වෙන්න බලාගෙන කොළඹට ඇවිත් කාපු කට්ට එහෙම අමතක නැතුව ඇති?
ඒ ගෙවපු කටුක ජීවිතයේ සාර්ථක ප්‍රතිඵල තමයි දැන් අත්විඳින්නේ. ඒ කාලයේ මම ගම්පොළ ඉඳලා කොළඹ එනවා වේදිකා නාට්‍ය රඟපාන්න. ඇවිත් ඉතින් වේදිකාවේ හිටගෙන ඉඳලා රෑ දෙගොඩ හරියේ යන්න බස් නැතුව මම අනන්තවත් පන්සල්වල, හන්දිවල නිදාගෙන පහුවදා තමයි යන්නේ. එහෙම දුක්විඳින නළුවෝ දැන් දකින්නවත් නැහැ. අද ඉන්න අයට ටෙලිනාට්‍යයක දෙබසක් කියන්න නැතිනම් රඟපාන්නවත් එන්නේ නැහැ.
🔴 මේ දවස්වල ඔබේ නිර්මාණ කටයුතු කොයිවගේද?
මේ දවස්වල නෑනලා ටෙලිනාට්‍ය නිෂ්පාදන කටයුතු වගේම රංගනයෙන් සම්බන්ධ වෙනවා. අලුත් ටෙලිනාට්‍යයක් කිරීමට සැලැසුම් කරගෙන යනවා.
🔴 ඔබ නිර්මාණය කළ පිහාටු ටෙලිනාට්‍ය ගැනකතා කළොත්?
එය ගැන මම දැන්ම කතා කරන්න කැමැති නැහැ. යෞවනත්වයේ සුන්දරත්වය සමඟ ආදරය ගැන තමයි පිහාටු තුළ කතා කරන්නේ. අලුත්ම පිරිසක් සමඟ තමයි මම පිහාටු නිර්මාණය කළේ.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

හිතුවෙ හිට්ලර් කියලා… (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

Next Post

ඔබේ කසාදය හරියයිද? වරදියිද?

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.