• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

නුවරඑළිය සිරිය ගිරිතලේට කැන්දන Deer Park

September 15, 2019
in Holiday
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

මහ රූස්ස වනාන්තරයක් අස්සේ කුරුල්ලොයි රැහැයියොයි එකතුවෙලා හරි හරියට කියන සින්දු අහගෙන ලෝකෙ තියෙන හොඳම සැප සම්පත් විඳින්න තියෙනවා නම් කියල සිහිනයක් කොළඹ වගේ කොන්ක්‍රීට් වනන්තරවල ජීවත් වෙන ඔබටත් මටත් අපි හැමෝටමත් තියෙනවා. ඒත් කෝ එහෙම තැනක්? කැලෑ අස්සෙ තියෙන හෝටල් ගැන අහල තිබ්බට ඒවායෙ කොහෙන්ද ලෝකෙ තියෙන හොඳම සැප.
හැමදාම කැරකෙන කෝණෙන් පොඞ්ඩක් පිට පැනලා වෙනසකටත් එක්ක මේ පාර අපි තෝරගත්තෙ පොළොන්නරුව ගිරිතලේ පැත්ත. ගිරිතලේ කිව්වම ඕනෙම කෙනෙක්ගෙ හිතේ ඇඳෙන්නේ කර්කශ දේශගුණයක් තියෙන පළාතක්. ඔව් ඉතින් ඒ කතාවෙ වරදක් නෑ. අපි හිතුවෙත් එහෙමයි. හැබැයි පැය ගානක් කෝච්චි බස්වල ඇවිල්ල ගිරිතලේ වැව් තාවුල්ලට ගොඩබැස්සම ඇඟේ තිබිච්ච දාඩියත් එක්කම ගමන් මහස්සිය ගිරිතලේ වැවේ සුළඟට ගහගෙන යනකොට අපේ හිතත් ටිකක් වෙනස් වුණා.
රූස්ස වනාන්තර අස්සෙ නවාතැන් තියෙන්න පුළුවන්. හැබැයි ලෝකෙ තියෙන හොඳම සැප ඒවයෙ හොයන්න ටිකක් අමාරුයි. අපි මේපාර නිවාඩුව ගතකරන්න යන්නෙ එහෙම තැනකට. ඒ තමයි පොළොන්නරුවේ ගිරිතලේ Deer Park තරු හතරේ නවාතැන.

Deer Park කියන්නෙ පොළොන්නරුවටම තියෙන ලොකුම හෝටලය කිව්වත් මා නිවැරැදියි. නවාතැනට ඇතුළු වෙනකොටම දැනෙන්නෙ වනාන්තරයක් ඇතුළට යනවා වගේ හැගීමක්. එහෙම හිතාගෙන නවාතැනට ඇතුළු වුණා කියමුකො. ලොබි එකේ ඉඳලා පහළ බලනකොට එකපාරටම අපේ ඇස් අදහාගන්න බැරි වුණා. අපි මේ ඇවිත් ඉන්නේ ගිරිතලේටද, එහෙමත් නැත්නම් නුවරඑළියෙ ග්‍රෙගරි වැව ළඟටද කියල. ඒ තරමට සුන්දරයි මේ පරිසරය. ඉතින් ඔබට හිතෙන්න පුළුවන් මෙච්චර රස්නෙ පැත්තකට කොහොමද නුවරඑළිය වගේ කියන්නේ කියල. ඇත්තටම ඒක මට පැහැදිලි කරන්න අමාරුයි. ගිරිතලේ වැවෙන් එන සුළං රැලි Deer Park නවාතැනේ තියෙන රූස්ස ගස් සිඹගෙන ඇවිත් අපේ ඇඟේ දැවටෙන කොට හිතටයි ගතටයි දැනුණු සනීපෙ නුවරඑළියෙ ග්‍රෙගරි වැව ළඟදිවත් මට නම් දැනිලා නෑ.
මේ නවාතැන ගස්වලට ආදරේ නවාතැනක්. කාමර 85ක් තියෙන මේ නවාතැනේ කාමර විශාල ගණනක් තුළත් ගස් තියෙනවා. ගසටත් හානියක් නැතිව කාමර හරිම අපූරුවට නිර්මාණය කරල තියෙනවා. මේ කාමරවලට ඇතුළු වෙන කොටම දැනෙන්නෙ හරියට අපේම ගෙදරකට ගියා වගේ හැඟීමක්. ඒ විදිහට තමයි මේ නවාතැනේ හැමදේම නිර්මාණය වෙලා තියෙන්නේ. නාන තටාකයත් හරිම අපූරුයි. උඩ තියෙන තටාකෙ වතුර ටික ගසාගෙන ඇවිත් පුංචි දිය ඇල්ලක් නිර්මාණය කරමින් පහළ තටාකයට ඇදහැලෙනවා. අංගසම්පූර්ණ විශාල ප්‍රමාණයේ කාය වර්ධන මධ්‍යස්ථානයක්, ආයුර්වේද ස්පා එකක් වගේම ඔබගේ ජීවිතයේ වැදගත්ම දිනය වෙනස්ම ආකාරයෙන් සැමරීමට රාජකීය මංගල ශාලාවක් ඇතුළු සියලු සැප සම්පත් මේ පුංචි වනාන්තරය ඇතුළේ පිහිටි නවාතැනේ තියෙනවා.

Deer Parkහෝටලයෙ තියෙන සුන්දරම ස්ථානය තමයි ඛ්නැ ඪසැඅ ඡදසඑ එක. එතැන ඩෙක් එක උඩ තියෙන ීමබ ඊැා එකක් උඩ හාන්සි වුණාම දවසක් වුණත් වැව දිහා බලාගෙන ඉන්න පුළුවන්. හවස් වරුව තමයි ලස්සනම. ඉර බැසයන දර්ශනය හරිම අපූරුවට මෙතැනට පේනවා.
ආගන්තුක සත්කාර ගැන, පිරිසුදුකම ගැන, කෑම බීම ගැන මම අද කතාකරන්නෙම නෑ. මොකද ඒ ගැනත් කිව්වොත් ආර්ටිකල් එක සති දෙකකට අපට දාන්න වෙන්නෙ. කියන්න කිසිම අඩුපාඩුවක් නෑ. මේ තියෙන පිළිගැනීම සහ පරිසරය හින්දම වෙන්න ඇති 2019 ලංකාවෙ හොඳම හෝටල් 24න් 12 වැනි ස්ථානයට මේ නවාතැන තෝරාගන්නේ. හතු පිපෙනවා වගේ හෝටල් හැදෙන කාලේ මෙය ලංකාවේ තියෙන නවාතැන් දහස් ගණනෙන් 12 වැනි තැනට තේරෙනවා කියන්නේත් කොච්චර ලොකු ආඩම්බරයක් ද?

ඇත්තටම මට නම් මේ හෝටලය දිව්‍ය ලෝකයක් වගේ. හොඳට හුස්ම අරගෙන සැහැල්ලුවෙන් ඉඳලා එන්න පුළුවන් තැනක්. මෙතැන පටන් අරගෙන දැන් අවුරුදු 25ක් වුණාට ලංකාවේ අය මේ ගැන වැඩිය දන්නෙ නෑ. ලක්ෂ ගණන් වියදම් කරලා රට රටවල කොන්ක්‍රීට් බිල්ඩින්වල නවතින්න යන නෝනල මහත්තයලට මම ආරාධනා කරනවා දවසක් මෙහේ ඉඳලා බලන්න කියලා. ඔබට ආපහු යන්න හිතෙන එකක් නෑ.
0776601050 / 0775227755 අංක අමතා ඔබේ දිනය කලින්ම වෙන්කරවා ගන්න.
නිශ්ශංක මුවර්

SendShareShare
Previous Post

ගෝඨා පරද්දන සැලසුම ගැන ෆීල්ඩ් මාෂල් කට අරී

Next Post

ගල්ඔයෙන් ඇරැඹෙන ‘BOC හරිත වන ව්‍යාපෘතිය’

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News
Exclusive

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News

කටුවැල්ලෙගම…..මේ නම කීප වතාවක්ම පහුගිය ටික දොහේ ඇහුණා. හැබැයි ඒ ඇහුණෙ ආගම දහමට අදාළව නෙවෙයි. පල්ලි, පන්සල්, කෝවිල් ගැන කියන්නත්...

Read more
ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද?  Sri Lanka Latest News

ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද? Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Sri Lanka Latest News

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.