• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

හොරකම් කරලා තමයි ජීවත් වුණේ

January 2, 2021
in Heart
Reading Time: 3 mins read
A A
හොරකම් කරලා තමයි ජීවත් වුණේ
Share on WhatsAppShare on Facebook

මම එක රැයින් ජනප්‍රිය වුණේ නෑ…

දැහැමින් සෙමින් ගමනක් යනවා…

‘දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමඟ රංගනය පිළිබඳව තවමත් අස්සක්, මුල්ලක් නෑර සොයමින් කලා ක්‍ෂේත්‍රයේ සැරිසරන නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි චතුර රාජපක්‍ෂ. මේ වන විට ටෙලිනාට්‍ය කිහිපයකම පෙම්වතා බවට පත්වෙමින් ආදරය කළ ඒ සිහින කුමාරයා ප්‍රථම වතාවට ජාතික පුවත්පතකට ඔහුගේ කලා දිවියේ වගතුග පිළිබඳ හඬ අවදි කළේ අපි සමගයි.
ලබන්නාවූ නව වසරේ චතුරගේ හිතේ ආදරණීය ප්‍රාර්ථනාවකුත් ඇති?
මගේ එකම ප්‍රාර්ථනාව මේ කොරෝනා වසංගතය මුළු ලෝකයෙන්ම දුරුවෙලා සුබවාදී යසඉසුරු පිරුණු සුබවාදී රටක් වේවා. ඒ වගේම කොරෝනා වසංගතයට මුහුණපා සිටින මගේ ආදරණීය ප්‍රේක්‍ෂක ජනතාවට ඉක්මන් සුවය වේවා කියා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
කොරෝනා වසංගතයත් එක්ක ඒ අභියෝගයට මුහුණ දෙමින් ඔබත් මේ දවස්වල ටෙලිනාට්‍ය කිහිපයකම වැඩ කරනවා නේද?
ක්‍රිස්ෂෙල්ටන් ප්‍රනාන්දුගේ යකුහ පියාපත්, ඉරේ ඒ. ලොකු බණ්ඩාරගේ වරමද්ද, රනිල් කුලසිංහගේ පානාමංකඩ, අකුරු මැකී නැහැ ටෙලිනාට්‍යවල වැඩ කරගෙන යනවා.
ටෙලිනාට්‍යවල රඟපාමින් හොරකමෙත් යනවා, එයත් රඟපෑමක්ද?
‘අකුරු මැකී නැහැ’ ටෙලිනාට්‍යයේ ‘ශාන්ත’ චරිතය මම නිරූපණය කරන්නේ චරිතය වෙනුවෙන්. හොරකම් කරමින් තමයි ජීවත් වුණේ. හැබැයි ඒ හැමදේම පවන් සංගීත ගුරුවරයා නිසා වෙනස් වෙලා. පවන්ගේ හොඳම මිතුරෙක් විදියට දැන් කටයුතු කරනවා.
‘රාවණා’ ටෙලිනාට්‍යයේ ඔබේ බාහිර ස්වරූපය වෙනස් වීමත් සමඟ ඔබව ගොඩදෙනෙක් හොයා බැලුවා නේද?
‘රාවණා’ ටෙලිනාට්‍ය හරහා තමයි මාව ගොඩදෙනෙක් දැනහඳුන ගත්තේ. මගේ බාහිර ස්වරූපය වෙනස් වීමත් නිසා මේ කවුද කියලා හොයලා බැලුවා. රාවණාගේ ‘ලොකු මාමා’ගේ චරිතය තමයි මම නිරූපණය කළේ. රාවණාව රැක ගැනීමට යුද පිටියෙම සටන් කළා.
ඒ කාල අතරතුර අනතුරකට මුහුණ දුන්නා?
‘රාවණා’ ටෙලිනාට්‍යයේ රූපගත කිරීම් ඉවර වෙලා යන අතරතුර තමයි අනතුරකට මුහුණ දුන්නේ. ලොකු බලපෑමක් වුණේ නැහැ.
ජනප්‍රිය රංගන ශිල්පීන් රැසකගේ ආදරණීය පෙම්වතෙක් බවට පත්වෙලා නේද?
අනුරාධා එදිරිසිංහ, මිෂෙල් දිල්හාරා, රශි පබා, මනෝජා රංගන ශිල්පීන් රැසකගේ ආදරණීය පෙම්වතා විදියට රඟපෑවා. හැබැයි ඒ ආදර පෙම්වතා චරිත එකිනෙක වෙනස් රූප රාමු හරහා තමයි ආදරය කළේ. ඒ සියලුම ශිල්පීන්ගෙන් මට ලොකු සහායක් ලැබුණා ආදරය බෙදාගෙන විඳින්න.
ඒ ආදර කතාව තුළ සැඟවුණු ආදර කතාවකුත් ඇති?
ඔව්… ඔව්… ආදරය කරනවා. එය ගැන මම දැන්ම කියන්න කැමැති නැහැ.
සිනමාවේ රජ කිරීමට ඔබට තවම ආරාධනාවක් ලැබුණේ නැද්ද?
ඒක තමයි මගේ ඊළඟ අරමුණ. චිත්‍රපටයකින් ආරාධනාවක් ලැබුණා. ඒත් මේ කොරෝනා ප්‍රශ්න නිසා ඒ සියලුම වැඩකටයුතු කල්ගියා. මේ වසරේ මගේ ඒ සිහිනය බොහෝ දුරට සැබෑ වෙයි කියලා මම හිතනවා.
අද ඔබත් ජනප්‍රිය නළුවන් අතරට එකතු වුණු තරුවක් බවට පත්වෙලා. ආපසු හැරී බලද්දී මොකද හිතෙන්නේ?
මම එක රැයකින් ජනප්‍රිය වුණු තරුවක් නෙවෙයි. වසර දහයක් විතර වෙනවා මම මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙලා. ඉතින් හිතේ පුංචි සතුටක් තියෙනවා අද මෙහෙම හරි තැනක ඉන්න එක ගැන. හැබැයි තව මට මේ රංගනය කියන විෂය ගැන හොයන්න බොහෝ දේවල් තියෙනවා. ඒ දේවල් හොයමින් තමයි මම හෙමින් ගමනක් යන්නේ.
අද දකින බොහෝ දෙනෙක් මේ කලා ක්‍ෂේත්‍රයට පිවිසෙන්නේ හැදෑරීමක් නැතුවයි. ඔබ මේ කලා විශ්වය ගැන හැදෑරීමක් කළාද?
පොඩි කාලේ ඉඳලා නළුවෙක් වීමේ හීනය මටත් තිබුණා. ඒ නිසාම මම අනෝජා වීරසිංහගේ ‘අභිනය’ රංග පාසලට සම්බන්ධ වුණා. එයින් යම් ප්‍රගුණතාවක් ලබමින් මම තවත් අධ්‍යයන කරන්න හිතාගෙන ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරාගේ රංග පාසලට ගියා. එයින් රංගනය ගැන වගේම ජීවිතය ගැන මට ගොඩාක් ඔහුගෙන් ඉගෙනගන්න ලැබුණා. මමත් අලුත් පරපුරටත් කියන්නේ හැදෑරීමක් ඇතිව මේ ක්‍ෂේත්‍රයට පිවිසියොත් එහි වටිනාකමක් තියෙනවා කියලයි.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ආයෙත් නොඇසේවි ඒ හඬ

Next Post

කෝ ඒ මහින්ද? (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.