• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කටට සැරට සැප දෙන කොච්චි කරල

January 2, 2021
in Heart
Reading Time: 2 mins read
A A
කටට සැරට සැප දෙන කොච්චි කරල
Share on WhatsAppShare on Facebook

‘කොච්චි’ කිව්ව ගමන් අපිට දැනෙන්නෙ ටිකක් සැර ගතියක්. මේ නම වෑංජනයක්, සම්බෝලයක් එක්ක මිසක් සංගීතයත් එක්ක කොහෙත්ම පෑහෙන්නෙ නෑ. නමුත් මේ ‘කොච්චි’ කියන නම අද වෙනකොට සංගීත ක්ෂේත්‍රය තුළ කතාබහට ලක්වෙන ජනප්‍රිය මාතෘකාවක් බවට පත්කරන්න කොච්චි කරල් හතරකට හැකියාව ලැබිල තියෙනව. ඒ ලංකාවේ පළමු තරු කිරුළ හිමිකරගත් තරුණිය වන උපේකා නිර්මාණිගෙ අලුත් වැඩෙත් එක්ක. ඉතින් කොච්චිවල සැර කොහොමද කියල බලන්නත් එක්ක අපි උපේකට කතා කළා.
කොච්චිවල සැර මේ වනකොට අපිට හොඳට දැනෙන්න අරන් තියෙනව. ඇත්තටම කොහොමද මේ වැඬේ පටන් ගත්තෙ?
කොච්චි කියන්නෙ කාන්තා කටහඬවල්වල් මූලික කරගත්ත බෑන්ඞ් එකක්. මාත් එක්ක එරන්දි මධුෂිකා, ටෂ්නි පෙරේරා, නිරාශා නැටලි කියන ගායිකාවන් තුන්දෙනා තමයි බෑන්ඞ් එකේ මේ වැඬේ කරගෙන යන්නෙ. මට ඕන වෙලා තිබ්බෙ ලංකාවෙ කවුරුත් නොකරපු, දැක්ක ගමන් වැලඳගන්න, කනට මිහිරි වැඩක් කරන්න. ඒ අනුව තමයි අපි හතරදෙනා එකතු වෙලා කොච්චි පටන් ගත්තෙ.
අනිත් කොච්චි කරල් හොයාගත්ත විදිහ ගැන කතා කළොත්?
ඒ තුන්දෙනාම ඩී්‍රම් ස්ටාර් තරගාවලියට සහභාගි වුණු අය. ඇත්තටම ඔය තුන්දෙනා කාලයක් තිස්සෙ මගේ ඔළුවෙ හිටිය තුන්දෙනෙක්. ඔවුන්ට පිහිටල තියෙන්නෙ එකිනෙකාට වෙනස් කටහඬවල්. මේ වැඬේ පටන්ගන්න ඕනෙ කියල හිතුණ ගමන්ම මගේ ඔළුවට ආවෙ මේ තුන්දෙනා.
ඩී්‍රම් ස්ටාර් එක්ක ලැබුණු ජනප්‍රියත්වයත් එක්ක තනියම ගමනක් යන්න පුළුවන්කම තියෙද්දි ඇයි බෑන්ඞ් එකක් පටන්ගන්න හිතුවෙ?
මේ වෙනකොට මම ඩී්‍රම් ස්ටාර් වෙලා අවුරුදු දහයක් විතර වෙනව. මේ කාලය තුළ මම ගායිකාවක් විදිහට ක්ෂේත්‍රයේ වැඩකටයුතු කළා. විවාහයෙන් පස්සෙ මවක් වීමත් එක්ක සංගීත වැඩකටයුතුත් ටිකක් අතපසු වුණා. ඉතින් ඔහොම ඉන්නකොට තමයි කොරෝනා වසංගතයක් එක්ක සියලුම වැඩ නතර වුණේ. ඒ වෙලාවෙ තමයි මම හිතුවෙ යූටියුබ් චැනල් එකක් පටන් අරන් ගර්ල්ස් බෑන්ඞ් එකක් හදන්න ඕනෙ කියල. මුලින්ම අපි වෙන වෙනම සින්දු රෙකෝඞ් කරල ගෙන්නගෙන පස්සෙ ඒව එඩිට් කරල තමයි මුලින්ම වැඬේ කළේ. ඔය විදිහට තමයි මේක පටන් ගත්තෙ.
කොච්චි වගේ සැර කෙල්ලො ටිකක් ඉන්න නිසාද බෑන්ඞ් එකට කොච්චි කියල නම දැම්මෙ?
ඇත්තටම මේ කොච්චි කියන එක මට කරන්න වෙන්නෙ නෑ මගේ හස්බන්ඞ්ගෙ සහයෝගය නොලැබුණා නම්. බෑන්ඞ් එකක් මේන්ටේන් කරනව කියන එක ගර්ල්ස්ලට ටිකක් අමාරු වැඩක්. ඉතින් මගේ අදහස් ඒ විදිහටම ක්‍රියාත්මක කරන්න සම්පූර්ණ සහයෝගය දෙන්නෙ මගේ හස්බන්ඞ්. මේකට නම දාන වෙලේ මම හිතුවෙ ටිකක් වෙනස් සිංහල නමක් බෑන්ඞ් එකට දාන්න ඕනෙ කියල. එතකොට මගේ හස්බන්ඞ් තමයි යෝජනා කළේ බෑන්ඞ් එකේ ඉන්නෙත් කෙල්ලොම හින්ද, කෙල්ලො ටිකක් සැර හින්ද මේකට ‘කොච්චි’ කියල නම දාමු කියල. ඒ විදිහට හිතල තමයි මේ නම දැම්මෙ.
කොච්චි වැඩිපුරම ජනප්‍රිය වෙලා තියෙන්නෙ කවර් සින්දු එක්ක නේද?
අපේ බෑන්ඞ් එකේ සින්දු තුනක් මේ වෙනකොට අපි කරල තියෙන්නෙ. ඒවයෙ මියුසික් වීඩියෝත් මේ වෙනකොට කරල තියෙන්නෙ. රටේ මේ වෙලාවෙ තියෙන තත්ත්වයත් එක්ක ඒක රිලීස් කරන එක අපරාධයක් කියල හිතුණ. රටේ තත්ත්වය ටිකක් සමථයට පත්වුණාට ඒවත් එක්ක තවත් අලුත් වැඩ කීපයක් කිරීමේ බලාපොරොත්තුවෙන් තමයි ඉන්නෙ.
සමාජ මාධ්‍ය ඔස්සේ වන ජනප්‍රියත්වයම මතම කොච්චිට ක්ෂේත්‍රයේ රැඳිල ඉන්න පුළුවන් හිතල හිතනවද?
එහෙම එකක් නෑ. අපේ නිර්මාණ අපි මුලින්ම රිලීස් කළේ යූටියුබ් එක හරහා. ඉතින් ඒ ඔස්සේ ලැබුණ ජනප්‍රියත්වයත් එක්ක තමයි මේ තාක් දුර ඇවිත් ඉන්නෙ. ඒ දැකපු දේවල් අනුව තමයි බොහෝ මාධ්‍යවලින් අපිට වැඩසටහන්වලට කතා කරන්නෙ. ඉතින් ඉදිරියෙදි යූටියුබ්වලින් විතරක් නෙමෙයි අනෙක් සෑම තැනකදිම අපිව දකින්නට ලැබෙයි.
මේ කරපු වැඩ ටිකත් එක්ක කොච්චිවලට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?
ඇත්තටම මේ වෙනකම් කවුරුවත් නරකක් නම් අපිට කියල නෑ. රසවින්දනය දන්න කිසිම කෙනෙක් අපිට බනී කියල නම් මම හිතන්නෙ නෑ.
‘කවර්’ හරහා ගීතවලට හානි කරනව කියන චෝදනාව ඇවිත් නැද්ද?
අපි මොන වෙනස්කම් කළත් සින්දුවේ මෙලඩි එකට හානියක් නොවෙන්න තමයි ඒ දේවල් කරන්නෙ. අනිත් එක අපි කරන හැම නිර්මාණයක්ම අපි කරන්නෙ මුල් අයිතිකරුවන්ගෙ අවසරය ඇතිව. අපි මේ වැඬේ කරන්නෙ යම්කිසි ප්‍රමිතියක් ඇතිව. නැතුව නිකන් කරන්නම්වාලෙ කරන් වැඩක් නෙමෙයි මේක. ඉතින් ඒ විදිහෙ චෝදනාවක් නම් කාගෙන්වත් ඇවිල්ල නෑ.
ඩී්‍රම් ස්ටාර් වෙලා ගෙවුණු අවුරුදු දහය ගැන මේ වෙනකොට මොකද හිතෙන්නෙ?
ඇත්තටම ඒ ගැන මතක් වෙනකොට ගොඩක් සතුටුයි. අද මම මේ තැන ඉන්නෙ ඩී්‍රම් ස්ටාර්වලින් ලැබුණු දේවල් නිසයි. මම තමයි ලංකාවෙ මුලින්ම රියැලිටි වැඩසටහනක් ජයග්‍රහණය කළ තරුණිය. ඒක ගැනත් මම ගොඩක් සතුටු වෙනව.
මීට අවුරුදු දහයකට කලින් තරුවක් වුණු ඔබ අද බිහිවන තරුණ ගැන කොහොමද දකින්නෙ?
මම හිතන්නෙ ඔවුන්ගෙ පැවැත්ම තීරණය වෙන්නෙ ඔවුන් ක්ෂේත්‍රය තුළ වැඩ කරන විදිහ අනුව. දැන් බිහිවන තරුණයන් දිහා බැලුවම පේන්න තියෙන දෙයක් ඉතාමත් දක්ෂ, යම්කිසි දැනුමක් තියෙන අය තමයි දැන් රියැලිටි වැඩසටහන්වලින් බිහිවෙන්නෙ. තාක්ෂණික දැනුමත් ඔවුන්ට උපරිමයෙන් තියෙනව. මේ දවස්වල දකින්න තියෙන දෙයක් තමයි මේ තරගවලදි ගොඩක් ඇහැ යන්නෙ සහ වැඩිපුර මතක හිටින්නෙ ගෑනු ළමයි. ඉතින් ඒකත් ඒ අයට හොඳ අවස්ථාවක් කියල තමයි මට හිතෙන්නෙ.
උපේකගෙ ඉදිරි නිර්මාණ කටයුතු කොයි විදිහටද සැලැසුම් කරල තියෙන්නෙ?
ඉදිරියෙදි මගේ තනි නිර්මාණ සහ කොච්චිත් එක්ක කරන නිර්මාණ කිහිපයක්ම එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ. යූටියුබ් හරහා තමයි ඒ නිර්මාණ එළියට දාන්න බලාපොරොත්තු වෙන් ඉන්නෙ. මොකද ඒ හරහා තමයි අපිට ඕනම දෙයක් අරන් අපේ රසිකයන් අතරට යන්න පුළුවන් ලේසිම මාර්ගය. ඉදිරියෙදි හොඳ නිර්මාණ කීපයක්ම අපෙන් අහන්න, දකින්න ලැබෙයි.
ඉන්දික වික්‍රමරත්න

SendShareShare
Previous Post

අක්කයි නංගියි ගහන අලුත්ම ගේම

Next Post

ආයෙත් නොඇසේවි ඒ හඬ

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

එල් -නිනෝ තත්ත්වය මේ වන විට දැඩිව වර්ධනය වී ඇති අතර එහි උච්චතම අවස්ථාව බලාපොරොත්තු වූ කාල සීමාවට වඩා පෙර...

Read more
හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.