• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

හූනියම් කිරිල්ලෙ ඇත්ත නැත්ත

January 3, 2021
in Mahawanshaya
Reading Time: 3 mins read
A A
හූනියම් කිරිල්ලෙ ඇත්ත නැත්ත
Share on WhatsAppShare on Facebook

අප දැන් සිටින්නේ 21 වෙනි සියවසේය. එය ගල් යුග, එඬේර යුග, ගොවි යුග පසුකර පැමිණි අලුත්ම කාල පරාසයක් බව අමුතුවෙන් කිවයුතු නැත. එම නිසාම කලින් කී යුගවලට සාපේක්ෂව අප මිනිසුන් මෙන්ම සමාජයද යම් යම් වූ පරිවර්තනයන් හරහා සෑහෙන දුරකට වෙනස් වී තිබේ. එය එසේ වුවද එදා මිනිසුන් මෙන්ම සමාජය තුළ පැවති යම් යම් විශාල විශ්වාසයන් හා ඇදහීම් තවදුරටත් එක ලෙසම අදත් පැවතෙයි. ඒ අතරින් “සූනියම” යන වචනයට ඇත්තේ ප්‍රමුඛස්ථානයකි. එය එදා සිටම නොවෙනස්ව ආ ගුප්ත වචනයකි.ඒත් සමඟම එකට “සූනියම් දෙවියෝ” යන වචනයද භාවිතා වෙයි. අප දන්නා පරිදි එම වචන දෙක ගහට පොත්ත සේ නිතරම ඇත්තේ එකටය. එම සම්බන්ධය නොවෙනස්ය. කෙසේ හෝ සමාජය තුළත් මිනිසුන් තුළත් එම වචන දෙක ඇසෙන විට කිසියම් බියක් තැතිගැන්මක් ඇතිවෙයි. එම නිසාම අද අපේ කතාව “සූනියම” හා ඊට සම්බන්ධ “සූනියම් දෙවියෝ” ගැනය. එය අපූර්ව වූ කතාවකි.

අතීතයේ සිටම සූනියම හා සම්බන්ධ වෙන විවිධ කාර්යයන් කීපයකි. ඒ සියල්ල සිදු කරන්නේ සමාජයේ පුද්ගලයෙක් තවත් පුද්ගලයෙක්ට අහිතක් නපුරක් කිරීමේ චේතනාව උඩය. එසේ නැත්නම් වෛරයක් පිරිමසා ගැනීමටය. ඒ සඳහා පොල් ගැසීම, මිරිස් ආදිය ඇඹරීම මෙන්ම අනවින කොඩිවින කිරීම සිදුකරයි. බොහෝ දුරට ඒ සියලු දේවල් කරන්නේ ඉතාම හොර රහසෙනි. වත්මන් මිනිසාගෙන් මෙන්ම සමාජයෙන් එවැනි ක්‍රියාවන්ට කෙතරම් විවේචන තිබුණද අදටත් එවැනි කටයුතු සමාජයේ හොර රහසේ සිදුවෙන බව රහසක් නොවේ. ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය වැනි ආසියාතික රටවලට ආවේණික මෙම ක්‍රියාවන් වෙනත් දියුණු වූ රටවල සිදු කෙරෙනවාද යන්න සැක සහිතය. අප දන්නා පරිදි ආසියාවෙන් ඔබ්බට සූනියම යන වචනය හෝ සූනියම් දෙවියෝ යන වචනය නම් භාවිතයේ නොමැත. කෙසේ හෝ සූනියමත් සූනියම් දෙවියෝත් යන වචන ද්විත්වය කටවහර හරහා අද “හූනියම” සහ “හූනියම් දෙවියෝ” ලෙස භාවිතා කිරීම සිදුවෙන බව නම් පැවසිය යුතුය.

සැබෑවටම සූනියමක් යනු යම්කිසි පුද්ගලයකුගේ පවුලක හෝ ගෘහයක සුපුරුදු දිවිය මන්ත්‍ර ගුරුකම් බලයෙන් පාලනය කොට අහිතකර අපල උපද්‍රවයන් එම පවුල හෝ ගෘහය තුළට පැමිණවීමයි. ඇතැම් තැන්හි ඊට මළවුන් පවා යොදාගැනීම සිදුවෙයි. පිල්ලියක් යැවීම වැනි කටයුතු ඊට නිදසුන්ය. මුලින්ම අපේ රටේ මන්ත්‍ර ගුරුකම් බලයෙන් කළ කාර්යයක් වූයේ නම් ඒ කුවේණිය මන්ත්‍ර ගුරුකම් බලයෙන් එදා විජය රජු ඇතුළු පිරිස සඟවා තැබීමයි. ඒ බව අපේ මහාවංශයේ හත්වෙනි පරිච්ජේදයේ ඉතා පැහැදිලිව සඳහන්ය. එමෙන්ම විජය රජුට කුවේණියගේ යක්ෂ පරම්පරාව විනාශ කිරීමටද කුවේණි සතු එක්තරා වූ බලයක් දුන් බව ඉතිහාසයේ සඳහන්ය. තවද විජය රජු තම මාලිගයෙන් කුවේණිය සහ දරු දෙපළ පැන්නූ අවස්ථාවේ කුවේණිය ඊට ශාප කළ අන්දමද මෙහිදී මතක් කළ යුතුය. ඒ බව කොහොඹ යක් කංකාරියේ පැහැදිලිව සඳහන් කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ එවන් යන්ත්‍ර මන්ත්‍ර දැනගෙන සිටි මුල්ම පුද්ගලයා වන්නේ කුවේණියයි. ඇය ගැහැනියක් වීම පවා මෙහිදී වැදගත් කරුණකි.

සූනියන් දේව සංකල්පය පිළිබඳව අප සමාජයේ විවිධ වූ තොරතුරු තිබේ. එහිදී සූනියම් දෙවියන් යනු අර්ධ යක්ෂ හා අර්ධ දේව අයෙකු ලෙස ඇතැම් තැන හැඳින්වෙයි. එනම් සූනියම් දෙවියන්ට විටෙක ඇත්තේ දේව ස්වරූපයකි. තවත් විටෙක ඇත්තේ යක්ෂයකුගේ ස්වරූපයකි. මේ අතර ඇතැම් ප්‍රදේශවල එම සූනියම් දෙවියන් ගම්භාර දෙවියන් ලෙසද හඳුන්වයි. එසේම මෙම සුනියම් දෙවියන් කාශ්‍යප බුදුන් දවස ඇති වූ යක්ෂයකුගේ කතා පුවතක් හා සම්බන්ධ කර තිබීමද ඉතිහාසයෙන් එන කැපී පෙනෙන කරුණකි. කෙසේ හෝ සූනියම් දෙවියන්ගේ ස්වරූපය හා ස්වභාවය පිළිබඳව එක්තරා වූ කවියක පහත අයුරින් පැහැදිලි කර තිබේ.

සුරතට කඩුවකි මරුවෙස් ගනිමින්
සිරසට නයි පෙණ තුනක් දරා….
වමතට ගිනි කබලක් දරමින් සිට
පෙණ දෙකකුත් දෙඋකුලෙහි දරා….
මුඛයට ලේ පොළඟෙක් දරමින් සිටි
වාහනයට තුරගෙක් ඒ වරා….
රෝස කොට වසවත් එකුමරු මේ ලෙස
සවු සත බිය කරනවා එවරා….

ඉහත කවියට අනුව මෙම සූනියම් දෙවියන්ගේ ස්වරූපය හා ස්වභාවය පැහැදිලිය. ඒ අනුව සූනියම් දෙවියන්ගේ අතේ කඩුවකි. හිසේ නාගයින්ගේ පෙණ තුනකි. වම් අතේ ගිනි කබලකි. උකුල් දෙකේ නයි පෙණ දෙකකි. තවද මුඛයේ සිටින්නේ විෂඝෝර ලේ පොළඟෙකි. සූනියම් දෙවියන්ගේ වාහනය වන්නේ අශ්වයෙකි. ඒ අනුව සූනියම් දෙවියන් යනු ඉතා රෞද්‍ර දෙවියෙකු බව පැහැදිලිය.



අප ඉහතදි සඳහන් කළ ආකාරයට මෙම සුනියම් දෙවියන් කාශ්‍යප බුදුන් දවස ඇති වූ යක්ෂයකුගේ කතා පුවතක් හා සම්බන්ධ කර තිබේ. ඒ බව ලාංකීය මහාචාර්ය තිස්ස කාරියවසම් මහතාගේ “සූනියම් කැපිල්ල” නම් කෘතියේ සඳහන් වේ. සැබෑවටම එම කතා පුවත මෙසේය. කාශ්‍යප බුදුන් දවස සාගල නුවර සාගල රජුගේ වී ඉපදුණු කුමරෙක් හිමාල දේශයට ගොස් තුඹසක් ළඟදී විෂඝෝර පොළඟුන් තිදෙනෙක් ශරීරයෙහි දරා ගෙන තවත් සර්පයෙක් කටින් ගෙන කාශ්‍යප බුදුන් ධර්ම දේශනා කරන ස්ථානයට පැමිණ මිනිසුන් ලෙඩ කරන්නට වරම් ඉල්ලා තිබේ. ඒ කුමරා එතැනට පැමිණි බව සඳහන් වන්නේ යක්ෂයන් හත් දහසක් පිරිවරාගෙනය. එහෙත් ඒ වරම කාශ්‍යප බුදුන් ලබාදී නැත. මෙසේ අවස්ථා තුනකදී කුමරා එතැනට පැමිණ ඇත. අවසන කාශ්‍යප බුදුන් කුමරා විලංගු දා බැඳ අවීචිය වෙතට යැවිය යුතු බව පැවසුවද එසේ නොකරන ලෙස කුමරා බැගෑපත් වී තිබේ. අනතුරුව කාශ්‍යප බුදුන් සඳහන් කරන්නේ එසේ නම් කුමරු වහාම තම්මැන්නාවට යා යුතු බවත් එහි ඇදුරෙක් ඇති බවත් ඒ ඇදුරා ළඟ මන්ත්‍රයක් ඇති බවත් එය ජප කරන ලෙසත්ය. එවිට මිනිසුන් කුමරාට පිදේනි දෙන බවත් එසේ වූ විට රෝගී කර තිබෙන මිනිසුන් සුවපත් කරන ලෙසත් නියම කර තිබේ.

සූනියම් දෙවියන්ගේ උත්පත්තිය පිළිබඳවද මත කිහිපයකි. එයින් පිළිගන්නා මතයේ ඇත්තේ මෙවන් කතා පුවතකි. මැණික්පාල බිසව යනු එවකට විෂ්ණු දෙවියන්ගේ සිටි නැගණියකි.ඇය ගැබ් ගෙන ඇයට ඉපදෙන දරුවා පසුකලෙක සූනියම් දෙවියන් වූ බව සඳහන්ය. මේ අතර සූනියම් කිරීමේ උත්පත්ති කතාව ඊට සමාන මෙන්ම ඒ ඒ චරිතවලට සම්බන්ධ කතා පුවතකි. එනම් අප ඉහතින් කියූ මැණික්පාල බිසව මහා සම්මත රජුගේ බිසවයි. ඔහු යුද්ධයක් සඳහා පිටතට ගිය අවසථාවක මැණික්පාල බිසව තනිවම මාලිගයේ රැඳී සිටියි. එහිදී එතැනට එන සූනියම් නම් පුද්ගලයා ඇයට ආරාධනයක් කරනුවේ ඇය සමඟින් හිතවත් වෙන ලෙසයි. නමුත් බිසව එය ප්‍රතික්ෂේප කරයි. එහිදී සූනියන් ඇයට යම් යම් රෝගාබාධ ඇති කෙරූ බව සඳහන් වෙයි. එහිදී සක්‍ර දෙවියන් මැදිහත් වී එම රෝගාබාධ සුවකර ගැනීමට එක් ඍෂිවරයෙක් උතුරු කුරු දිවයිනෙන් එරටට ගෙනෙයි. එයට විෂ්ණු දෙවියන්ද මැදිහත් වී ඇත. සුනියම් ශාන්ත කර්මයේ උත්පත්තිය සිදුවූ බව සඳහන් වන්නේ එසේය.



මේ අතර අපේ රටට සූනියම් ආදිය පැමිණියේද අමුතුම තාලයකට බව ජනප්‍රවාදයේ සඳහන් වේ. ඊට මල්සරාද සම්බන්ධ වී තිබීම අපූර්ව කරුණකි. අප්‍රකට ජනප්‍රවාදයේ සඳහන් වන්නේ මල්සරා රජ කුමරෙකු බවයි. ඔහු රජ වූ පසුව ඔහුට විවාහයක් සිදුකොට නොගෙන දරුවෙකු නොවැදුවහොත් රටට විශාල වූ අභාග්‍යයක් සිදුවන බව දෛවඥයන් පවසා තිබේ. පසුව ඔහු වඩිග දේශයේ වඩිග රජුගේ කුමාරිකාවන් අටදෙනාගේ බාලම දියණිය සරණ පාවා ගනියි. එදාම ඇයගේ සහෝදරියන් හත්දෙනා ඇගේ එම විවාහයට ඊර්ෂ්‍යාවෙන් විවිධ අනවින කොඩිවින ආදියට යොදා ගත හැකි විවිධ භාණ්ඩ ඇතුළත් තඹවලින් සකස් කෙරූ කරඬුවක්ද මුහුදට මුදා හරියි. මේ අතර ඇය ලංකාවට පැමිණි පසුව මුහුදේ ගිය කණ්ඩායමකට මෙම කරඬුව හමුවී මල්සරා රජුට බාර දෙයි. එවිට එය විවර කරන්න එපා යැයි තම විවාහක බිරිඳ රජුට පැවසුවත් රජු එය විවර කර තිබේ. ඒ සමඟින්ම එහි වූ අනවින කොඩිවින සූනියම් ආදිය අපේ ලංකාවට මුදාහැරුණු බව අප්‍රකට ජනප්‍රවාදයේ සඳහන්ය. ඉන් පසුව එය ඉවත් කිරීම සඳහා කෙරූ ශාන්ති කර්මය “සූනියම් ශාන්ති කර්මය” ලෙස පැවසෙයි.

ශ්‍රී ලාංකීය රාජාවලියේ ප්‍රසිද්ධ රජෙකු වූ රාජසිංහ රජු සූනියන් දෙවියන් ඇදහුව බව පැවසෙයි. එසේම මහනුවර යුගයේදී සූනියම් කිරීම සමාජයේ දැඩි ලෙස සිදු වූ අතර එය තහනමට පවා ලක්වූ බවද ප්‍රසිද්ධ රහසකි. එම යුගයේම සූනියම් කළ පුද්ගලයින්ට එදා රජවරුන් රාජ දඬුවම් දුන් බවද සඳහන්ය. තවද අපේ සිංහල සාහිත්‍යය තුළ මෙම සූනියම් කිරීම පිළිබඳව බොහෝ කරුණු කාරණා දක්වා තිබේ. මේ අතර අප සාහිත්‍යයේ ඇතැම් තැන්හි සූනියම් දෙවියන්ගේ තිබූ හැඩරුව ගැනද සඳහන් කර තිබේ. ඒ අනුව සූනියම් දෙවියන් සුදු කමිසයක් සහ සුදු සරමක් ඇඳ හිසේ ජටාවක් බැඳ කෙවිටක් අතින් ගෙන මැදියම් රැයෙහි සැරිසරන බව පැවසෙයි. එකල ගැමියන්ගේ විශ්වාසය වන්නේ මැදියම් රැයේ හේතුවක් නොමැතිව බල්ලන් බුරන්නේ සූනියම් දෙවියන්ගේ පැමිණීම නිසා බවයි. ඒ නිසා සූනියම් දෙවියන් එදා ගැමි සමාජය උපරිම ලෙස විශ්වාස කළ බව පැහැදිලි වෙයි. මේ අතර අදටත් සූනියම් දෙවියන් විශ්වාස කරන පිරිසක් සමාජයේ සිටින අතර හොර රහසේ සූනියම් කිරීමද ජයටම සිදුවෙයි. එහෙත් නිතර බුදු ගුණ සිහිකරන පුද්ගලයින් වෙත සූනියම් කිරීම නම් හිතනා තරමටම ලේසිපහසු නැත. ඊට හේතුව මෙලොව ඇති සෑම දෙයකටම වඩා ඉහළින් බුදු ගුණය බලවත්ව ඇති නිසාය.

රුවන් එස්. සෙනවිරත්න

SendShareShare
Previous Post

‘Best of ඩයලොග් රිදී රැයක්’ 31 රාත්‍රී 8.30ට ස්වර්ණවාහිනීයෙන්

Next Post

මියගිය නැන්දනිය ලේලිය සොයා ඉතාලියට යයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.