• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

මියගිය නැන්දනිය ලේලිය සොයා ඉතාලියට යයි

January 3, 2021
in Mahawanshaya
Reading Time: 1 min read
A A
මියගිය නැන්දනිය ලේලිය සොයා ඉතාලියට යයි
Share on WhatsAppShare on Facebook

සුධීරා ඉතාලියට පැමිණ වසර හතකි. සිය සැමියාගේ මියයෑමෙන් පසුව සැමියාගේ දේපොළ සියල්ල විකුණා දැමූ ඇය ඔහුගේ මව මහලු නිවාසයකට භාරදී ඉතාලියට පැමිණියේ සැමියා රෝගාතුරව සිටියදී හඳුනාගත් පෙම්වතාද සමඟිනි. දෙදෙනා ඉතාලියට පැමිණ තමන්ටම කියා නිවසක් සහ වාහනයක්ද මිලදී ගෙන ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගත කළේය. ඔවුන්ගේ අලුත් ජීවිතයේ වසර හතක් ගෙවී ගියද ඇය සිය කලින් සැමියාගේ මව ගැන කිසිවක් සොයා නොලැබුවාය. කෙසේ නමුදු ඇයට එවැනි උවමනාවක් තිබුණේද නැත.

දිනක් සුපුරුදු පරිදි සුධීරා තමන්ගේ කාමරයේ නිදාගෙන සිටියාය. අලුත් සැමියා සිටියේ ඔහුගේ කාර්යාල කාමරයේ මොකක්දෝ වැඩක් කරමිනි. වේලාව රාත්‍රි එකොළහත් පසුව තිබූ අතර හිටි හැටියේ නින්දේ සිටි සුධීරා ගැස්සී අවදි වූයේ සැමියාගේ කටහඬ ඇසීමෙනි. ඇය කඩිමුඩියේ අවදි වී වටපිට බැලුවාය. ඇයට ඇසුණේ සැමියා තේ එකක් ඉල්ලන හඬකි. ඇය කලබලයෙන් මුළුතැන්ගේ දෙසට දිව ගියාය. තේ එකක් හදන්නට ජෝගුවට වතුර එකක් ගන්නට සිතා වතුර කරාමය අසලට ගිය ඇයගේ උරහිසට කවුදෝ අත තබනු දැනී සුධීරා ආපසු බැලුවේ සිය සැමියා පැමිණ ඇතැයි සිතාය. එහෙත් කිසිවකු පෙනෙන්නට සිටියේ නැත.

‘මටත් පිස්සු’
තමන්ටම එසේ කියාගත් ඇය පෝච්චිය රත් වෙන්නට තබා සැමියාගේ කාමරයට යන්නට සූදානම් විය.

‘සුධීරා මෙහෙ එන්නකො’
එවර සැමියා නිවසේ පිටුපස සිට කතා කළේය. ඇය පිටුපස දොර අසලට ගියද එයද වැසූ ආකාරයටම තිබිණි.

‘මේ මනුස්සයා අර පැත්තෙන් එළියට ගිහින්ද කොහෙද. මෙහෙන් එන්න වෙන්නැති කතා කරන්නේ. එසේ සිතූ ඇය දොර හැරියේ ඔහුව බලාපොරොත්තුවෙන් වුවද අඳුරේ කිසිවකු පෙනුණේ නැත. විදුලි බල්බය දමනවා යැයි සිතා අත දිගු කළ සුධීරාගේ වමතින් කවුදෝ ඇද්දේය. ඇය විසිවී ගොස් ඇදවැටුණේ පිටුපස මිදුලේ තිබූ මල් පඳුරක් මතටය. එනිසා තුවාලයක් නොවී බේරුණද යම් තරමක කලබල වූ සුධීරාට හයියෙන් කෑගැස්සවුණේ ඉබේටමය. ඒ සද්දයටවත් සැමියා පැමිණියේ නැත. අවසානයේ ඉතා වෙහෙස මහන්සියෙන් නැඟිටගත් ඇය දොර වසා දමා ආපසු කාමරයට යද්දී දුටු දෙයින් තවත් කේන්තියට පත්වූවාය. ඇය රත්වෙන්නට ගසා ගිය වතුර ජෝගුව එතැන නොතිබූ අතර, එය තේ සාදන මේසය මත තිබුණේය. තේකොළ සහිත තේ පෙරනයෙන් දුම් දමමින් තිබුණේය. ඇය කලබලයෙන් නිදන කාමරයට දිවගියේ සැමියා ගැන කේන්තියෙනි. තමාට සිදුවූ අකරතැබ්බය ගැන නොසලකා ඔහු තේ එකක් සාදාගෙන බොන්නට ඇතැයි ඇය අනුමාන කළාය.

සුධීරා කාමරයට යද්දී සැමියා සිටියේ සුව නින්දේය. මේසය මත අඩක් හිස්කළ තේ කෝප්පයක්ද විය. ‘තමුසේ මහ පුදුම මිනිහෙක්නේ. මං අරහෙ වැටිලා දඟලනවා. තමුසෙ තේ එකක් හදාගෙන බීලා සැපට නිදි. මටත් මේවා හොඳ පාඩම්. කසාද මිනිහත් මරාගෙන ඉඩකඩනුත් විකුණගෙන තමුසෙවත් අරගෙන මෙහෙට ආවට’.

ඇගේ ගෝරනාඩුවට ඇහැරුණු සැමියා තමා එවැන්නක් නොකළ බවත්, තේ නොසැදූ බවත් කොතරම් කීවද ඇය පිළිනොගත්තාය. එතැන් පටන් දෙදෙනා අතර දිගින් දිගටම ආරවුල් පටන් ගත්තේය. පවුල දෙකඩ වන තරමටම ඒ ආරවුල් දුරදිග ගියේය. අවසානයේ ඇය සිය දේපොළ සියල්ල එහි තබා ලංකාවට ආවේ තරමක් විකෘති වූ මනසකින් යුතුවය. ඇගේ මේ වෙනස දුටු ලංකාවේ සිටි සුධීරාගේ මව දියණියව ප්‍රසිද්ධ ගුප්ත වෛද්‍යවරයකු වෙත කැඳවාගෙන ගියාය.

අවසානයේ ගුප්ත වෛද්‍යවරයාගේ දක්ෂතාවය මත සියල්ල හඳුනා ගත්තේය. සුධීරාගේ කලින් සැමියාගේ මව කේන්තියෙන් මියයෑම නිසා ඇගේ ආත්මය සුධීරා සොයා ඉතාලියටද ගොස් ඇති බවත්, ඇයට පින්දීම සඳහා අවශ්‍ය පුද පූජා කරන ලෙසත් සුධීරාට නියම කෙරිණි. ඒ අනුව සැමියාගේ දේපොළ විකුණා ලබාගත් මුදල්වලින් මවගේ නමින් විශේෂ පින්කම් රාශියක් කරන්නට සුධීරා කැමැති වූ අතර එයින් පසු ඇයට නිදහසේ ජීවත් වන්නට හැකියාව ලැබිණි.
ප්‍රවීණ ගුප්ත වෛද්‍යවරයකුගේ සත්‍ය අත්දැකීම් ඇසුරිණි

කුමාර රත්නායක

SendShareShare
Previous Post

හූනියම් කිරිල්ලෙ ඇත්ත නැත්ත

Next Post

ලංකා බැංකුව පානදුර ශාඛාව නව නිවහනකට

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

ඉන්දියාව සිය පළමු ඩෙංගු එන්නත අනුමත කර ගෙන තිබේ.Sri Lanka Latest News ඒ අනුව ඉන්දියාවේ ඖෂධ පාලක ජෙනරාල් විසින් මෙම...

Read more
දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.