• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හිරුගෙන් සද්දයක්: මහා විනාශයක් අත ළග?

December 25, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
හිරුගෙන් සද්දයක්: මහා විනාශයක් අත ළග?

Sun

Share on WhatsAppShare on Facebook

පසුගියදා හිරුගෙන් ඉතාමත්ම භයංකාර” අද්භූත ශබ්දයන් කිහිපයක් පැමිණීයේ යැයි ලොව පුරා මහත් ආන්දෝලනාත්මක පුවතක් වාර්තා වන්නට විය.

මෙය විටෙක ලෝක විනාශයක් වන්නට හැකි බවත්, එසේත් නැතිනම් යම් ආගමික ක්‍රියාවලියක පසුබිමක් පෙන්වන සිදුවීමක් වන්නට හැකි බවත්, විවිධ මතිමතාන්තර ඇති වන්නට විය. බොහෝ මිනිසුන් ත්‍රාසයට පත්කළ මෙම කතාන්දරය කුමක්ද?

ලොව ප්‍රධානතම සහ සුවිශාලතම ජාත්‍යන්තර අභ්‍යාවකාශ පර්යේෂණ ආයතනය වන ඇමෙරිකාවේ ‘නාසා’ ආයතනය විසින් පසුගියදා සිදුකරන ලද ‘හිරුගේ ශබ්ද’ යන පර්යේෂණය හරහා ඉහත මතිමතාන්තර එළිදැක්වෙන්නට විය.

එහෙත් එවැනි විනාශයක් ලොව කොතැනකවත් සිදුනොවී ඇති අතර, ‘හිරුගේ ශබ්ද’ නිපදවීම සාමාන්‍ය ස්වභාවික ක්‍රියාවලියක් යැයි ‘නාසා’ ආයතනය ප්‍රකාශ කළේය. මෙම පර්යේෂණයට අනුව පසුගියදා ‘නාසා’ විද්‍යාඥයන් විසින් හිරුගෙන් නිපදවන ශබ්ද කිහිපයක් ඉතාමත්ම පැහැදිලිව ග්‍රහණය කරගෙන, පටිගත කරගන්නා ලදී.

පසුගිය වසර 20ක් පුරාද ‘නාසා’ ආයතනය ‘හිරුගේ ශබ්ද’ ආශ්‍රිත පර්යේෂණ රැසක් සිදුකර තිබුණත්, මෙවර 2020 පර්යේෂණය සුවිශේෂී, සාර්ථක එකක් බවට පත්විය. හිරුගෙන් මෙලෙස ඇසෙන අද්භූත විවිධ ශබ්ද ඇතිවන්නේ එම ග්‍රහයා ආශ්‍රිතව සිදුවන විවිධ පිපිරීම්, තරංග සහ වළලුවල ක්‍රියාකාරිත්වය නිසා යැයි ‘නාසා’ ආයතනය ප්‍රකාශ කළේය. මෙලෙස පසුගියදා අතිශය නවීන තාක්‍ෂණය හරහා ග්‍රහණය කරගත් ශබ්ද සහ රූප වීඩියෝ මේ වන විට අන්තර්ජාලයෙන් දැකිය හැකිය.

එසේම මෙම ශබ්ද ඉතාමත්ම පැහැදිලිව ශ්‍රවණය කළ හැකිය. මෙම ‘හිරුගේ ශබ්ද’ ගැන පසුගියදා ඉන්දීය විද්වත් කාන්තාවක් වන ආචාර්ය කිරාන් බෙඩි ප්‍රකාශ කර සිටියේ, හිරුගෙන් ‘ඕම්, ඕම්’ යන ආගමික ශබ්ද තරංගය ඇසෙන බැව්ය. ‘ඕම්, ඕම්’ යනු හින්දු දහමේ තිබෙන ඉතා උසස් ආගමික වදනක් වන අතර, මන්ත්‍ර ශාස්ත්‍රය තුළද එය දක්නට හැකිය’ කෙසේ හෝ ආචාර්ය කිරාන් බෙඩිගේ එම ප්‍රකාශය ඇසූ සමහරු එය පිළිගත් අතර, බහුතරයක බුද්ධිමත් පිරිස් එය බැහැර කළෝය.

SendShareShare
Previous Post

කොරෝනා සිරුරු භූමදානයට අවසර!

Next Post

සුපිරි සිනමා තරුව රජ්නි හදිසියේම රෝහල්ගත කරයි

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන් නමින් දැන්වීම් පළකරමින් මහාපරිමාණයෙන් නීති විරෝධීව මුදල් එකතු කර ඇති සමාගම්වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කොට ඇති...

Read more
කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.