කොරෝනා මළසිරුරු භූමදානය සදහා අවසර ලබා දීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බව විශ්වාසදායක ආරංචි මාර්ග සදහන් කරයි.
ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත්කළ විශේෂඥ කමිටුවේ අනුමැතිය මේ වනවිටත් ඊට ලැබී ඇති බව දැනගන්නට ඇත.
කෙසේවෙතත් අධිකරණ වෛද්‍ය නිලධාරීවරුන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් පමණක් ඊට විරෝධය පළ කිරීම මත ඊට අනුමැතිය ලබා දීම පමාවෙමින් පවතින බවත් දැනගන්නට තිබේ.
ඒ පිළිබද අවසන් තීන්දුව ආණ්ඩුව ඉදිරි දින කිහිපය තුළ ගැනීමට නියමිත බවත් දැනගන්නට තිබේ.










