• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ලංකාවම කතා කරපු කවුද මේ බෝරාවරු

September 18, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

පසුගිය දින කිහිපයේ ගාලු පාර දිගේ ගාලු පාර දිගේ කොළඹ දිසාවට පැමිණි ඕනෑම කෙනකුට බම්බලපිටිය පසුකරගෙන යද්දී නෙත ගැටුණේ වෙනදා දැක නොමැති විශේෂ දර්ශන පෙලකි. අප දන්නා පරිදි අරාබි විදිහට හැඳ පැලඳ ගත් කාන්තාවන් සහ පිරිමින් මෙන්ම කුඩා දරුවන් රාශියකින් බම්බලපිටිය ප්‍රදේශය පිරීගොස් තිබිණි. ඒ හේතුවෙන් ඒ අවට දැඩි රථ වාහන තදබදයක්ද නිර්මාණය වී තිබූ අතර වෙනදාට වඩා වැඩි ආරක්ෂාවක්ද යොදවා තිබෙනු දක්නට ලැබිණි. අරාබි සම්ප්‍රදායට හැද පැලද සිටියද බම්බලපිටිය ප්‍රදේශ රැස්ව සිටි ඒ මහා ජන ගග ශ්‍රී ලාංකීය මුස්ලිම්වරුන් නොවන බව පැහැදිලිව පෙනෙන්නට තිබිණි. එසේම අප වෙනදාට දකින මුස්ලිම්වරුන්ට වඩා වැඩි ආකර්ෂණීය ප්‍රසන්න බවක්ද එම ජනතාව තුළින් දිස්විය. ඔවුන් බොහෝදෙනකු නිතරම සිටියේ සිනාමුසු මුහුණුනි.

කෙසේ නමුත් මේ ආකාරයෙන් හිටි හැටියේ බම්බලපිටිය අවට අරාබි රටක ස්වරූපය ගැනීම පිළිබඳ ජනතාව තුළ විචිකිච්චාවක් ඇතිවීමද සාමාන්‍ය තත්ත්වයකි. සිංහල ජාතිය වඳකිරීම, මුස්ලිම්කරණය වැනි ජනතාව අතර බිය ඇතිකරවන මාතෘකාද නිතර කතාබහට ලක්වන පසුබිමක හිටි හැටියේ බම්බලපිටිය මුස්ලිම්වරුන්ගෙන් පිරී ඉතිරීයෑම බොහෝ දෙනකුගේ සැකයටද භාජනයවී තිබිණි. ජනතාව නොමඟ යවන සුළු ප්‍රචාර රැසක් සමාජ මාධ්‍ය ඔස්සේද ව්‍යාප්ත වූයේ ජනතාව තුළ ඇති වූ සැකය දෙගුණ තෙගුණ කරමිනි. සැබැවින්ම පසුගිය දිනවල බම්බලපිටියේ සිදුවූයේ කුමක්ද යන්න සහ එලෙස පැමිණි මුස්ලිම්වරුන් කවුරුන්ද යන්න සොයාබැලීමට අප අදහස් කළේද එබැවිනි.

දින කිහිපයකට බම්බලපිටිය නගරය ආක්‍රමණය කළ මේ ප්‍රසන්න, කඩවසම් මුස්ලිම් ප්‍රජාව හඳුන්වන්නේ බෝරා ජාතිකයන් ලෙසය. බම්බලපිටිය මැරීන් ඩ්‍රයිව්හි පිහිටි දේවස්ථානය වෙත ඔවුන් මේ ආකාරයෙන් රැස්වී ඇත්තේ බෝරා ජාතිකයන්ගේ වාර්ෂික සමුළුව වෙනුවෙනි. මේ වනවිට ලෝකය පුරා ව්‍යාප්තව සිටියද බෝරාවරුන්ගේ නිජබිම ලෙස සැලකෙන්නේ ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයයි. ‘බෝරා’ යනු ගුජරාටි භාෂාවෙන් වෙළෙඳාම යන්නය. තම ජාතිය හැඳන්වීමට යොදාගන්නා නාමයට සර්ව සාධාරණය ඉටුකරන බෝරාවරුන් ලොව පුරා ජනප්‍රියවී ඇත්තේද වෙළෙඳාමේ උපන් හපනුන් ලෙසය. ව්‍යාපාරික ලෝකයේ හිණිපෙත්තට නැඟි බෝරාවරුන් රැසක් ලෝකය පුරා ව්‍යාප්තවී ඇත.
බෝරාවරුන් යනු ප්‍රකට මුස්ලිම් නිකායක් වන ෂියා මුස්ලිම්වරුන්ගෙන් වෙන්වී ගිය ජන කොට්ඨාසයක් ලෙස ඉතිහාසයේ සඳහන්ව ඇත. ලෝකයේ අන් මුස්ලිම් ජාතීන්ගෙන් බෝරාවරුන් වෙනස් වන්නේ ආගමික නායකයා පිළිබඳ වන විශ්වාසය මතය. සියලුම මුස්ලිම් ජාතීන් තම ආගමික නායකයා ලෙස මොහමඞ් නබිතුමන් විශ්වාස කළද, බෝරාවරුන් තම ආගමික නායකයා ලෙස විශ්වාස කරන්නේ හුසේන් අලිතුමන්ය. මුස්ලිම් ඉතිහාසයට අනුව හුසේන් අලි යනු මොහොමඞ් නබිතුමන්ගේ මුණුබුරෙකි. මොහොමඞ් නබිගේ දියණියක වූ ෆාතිමා විවාහවී ඇත්තේ අලි ඉබ්නු අබුතාලිෆ් සමඟිනි. ඉතිහාසයේ සඳහන් ආකාරයට ඔවුන් දෙදෙනාට දාව උපන් පුත්‍රයා වන්නේ හුසේන් අලිය.
අල්ලාතුමන්ගේ ඉස්ලාම් ධර්මය ලොවට හඳුන්වා දුන් නායකයා ලෙස සැලකෙන්නේ මොහොමඞ් නබිතුමන්ය. නමුත් නබිතුමන්ගේ අභාවයෙන් පසු එතුමන් හඳුන්වා දුන් ඉස්ලාම් ධර්මයේ යම් යම් වෙනස්කම් සිදුවී ඇත. නබිතුමන්ගේ බෑණාවරයකු වූ අලි ඉබ්නු අබුතාලිෆ්ද, ඒ ආකාරයෙන් නබිතුමන්ගේ ධර්මයේ මුහුණුවර වෙනස් කිරීමට කටයුතු කළ එක් පුද්ගලයකු ලෙස සඳහන්ව ඇත. මුස්ලිම් ආගමේ ෂියා නිකාය බිහිවී ඇත්තේ අලි ඉබ්නු අබුතාලිෆ්ගේ දේශනා ඇසුරෙනි. එබැවින් ෂියා මුස්ලිම්වරුන් තම මුල්ම නායකයා ලෙස අදටද පිළිගන්නේ අලි ඉබ්නු අබුතාලිෆ්තුමන්ය. අලි ඉබ්නු අබුතාලිෆ්තුමන් ඒ ආකාරයෙන් නව සංකල්ප සහිත මුස්ලිම් නිකායක් බිහිකර වසර ගණනකට පසු එතුමන්ගේ පුත්‍රයා වූ හුසේන් අලි කුමරු ඉස්ලාම් ධර්මයට තවත් නව සංකල්ප හඳුන්වාදී ඇත. ෂියා මුස්ලිම්වරුන්ගෙන් වෙන්වී බෝරාවරුන් ලෙස නව ජාතියක් බිහිවීමට අඩිතාලම වැටී ඇත්තේ ඒ අනුවය.

බෝරාවරුන්ගේ ආගමික නායකයා වූ හුසේන් අලිතුමන් ඝාතනයට ලක්වී ඇත්තේ මුස්ලිම් දින දර්ශනය අනුව වසර උදාවන මුවම්මර් මාසයේ 10 වැනි දිනය. මෙවර මුවම්මර් මාසය උදාවූයේ පසුගිය සැප්තැම්බර් 01 වැනිදා වන බැවින් බෝරාවරුන්ගේ වාර්ෂික සමුළුව ආරම්භ වූයේද එදිනය. බෝරාවරුන්ගේ සමුළුවේ අවසන් උත්කර්ෂවත් දිනය වූයේ පසුගිය 10 වැනිදාය. දින 10ක් පුරා බම්බලපිටිය දේවස්ථානයට එකතුවී සිටි ලොව වටා වෙසෙන බෝරා ජාතිකයන් මුවම්මර් මස 10 වැනිදා වූ සැප්තැම්බර් 10 වැනිදා තම ආගමික නායකයා වන හුසේන් අලිතුමන් අනුස්මරණය කළහ. එමෙන්ම තම නායකයා අනුස්මරණය කරමින් එදින උපවාසයේ යෙදීමට බොහෝ බෝරා ජාතිකයන් කටයුතු කළ ආකාරයද විශේෂත්වයක් විය.

බෝරාවරුන් වාර්ෂිකව සමරන මුවම්මර් මස 10 වැනිදා අලි හුසේන් කුමරා ඝාතනය වූ ආකාරය පිළිබඳ කතා පුවතක්ද මුස්ලිම් ඉතිහාසයේ සඳහන්ය. මොහොමඞ් නබිතුමන්ගෙන් පසු ඉස්ලාම් ධර්මය පමණක් නොව අරාබි රාජ්‍යයද විවිධ කොටස්වලට බෙදීගොස් ඇත. ඉන් අනතුරුව රාජ්‍ය 04ක් අරාබියේ බිහිවී ඇති බව සඳහන් වන අතර උමයියාද් යනු ඒ අතරින් එක් රාජ්‍යයක් විය. බෝරාවරුන්ගේ නායකයා වූ අලි හුසේන් කුමරුද ඒ වන විට ජීවත්වී ඇත්තේ උමයියාද් රාජ්‍යය තුළය. එකල උමයියාද් රාජ්‍යයේ පාලකයා ලෙස කටයුතු කර ඇත්තේ මුවාවියා ලෙස සඳහන් වන අතර තමාගෙන් පසු තම පුත්‍රයා වන යසීඞ් කුමරු රජකමට පත්කරවීම මුවාවියාගේ අරමුණවී ඇත. නමුත් උමයියාද් රාජ්‍යයේ ජීවත්වූ අලි හුසේන් කුමරු ඒ සඳහා විරුද්ධවී ඇති අතර යසීඞ් කුමරුට රජකම ලබාදීමට විරෝධය පළකිරීම සඳහා එතුමන් මදීනා නුවරින් පලාගොස් ඇත. නමුත් පලායන අලි හුසේන් කුමරුන් ලුහුබැඳ ගිය යසීඞ්ගේ හමුදාව එතුමන් ඝාතනය කර ඇති අතර එතුමන්ගේ පවුලේ පිරිස සහ අනුගාමිකයන් විශාල ප්‍රමාණයක් සිරභාරයට පත්කොට ඇත. නමුත් කොයි ආකාරයෙන් හෝ යසීඞ්ගේ පාලනයෙන් පැනගැනීමට සමත් වූ අලි හුසේන් කුමරුගේ අනුගාමිකයන් පිරිසක් නිරුපද්‍රිතව ඉන්දියාව වෙත පැමිණීම හේතුවෙන් බෝරාවරුන් ලෙස ලෝකය ජයගැනීමේ අවස්ථාව ඔවුනට හිමිවිය. එමෙන්ම ලොව මේ වන විට ජීවත් වන සාමකාමීම මුස්ලිම් නිකායන් අතර ඉදිරියෙන්ම සිටින්නේද බෝරාවරුන්ය.

මේ වන විට ලෝකය පුරා ජීවත්වන බෝරාවරුන් ප්‍රමාණය මිලියන 1.2කට අධිකය. ශ්‍රී ලංකාවේ ජීවත් වන බෝරාවරුන් ගණන 2,600කට අධිකය. මෙවර බම්බලපිටියේ පැවැති සමුළුවට ලොව පුරා රටවල් 40කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් බෝරා ජාතිකයන් 30,000ක් පමණ සහභාගි වී ඇත. මීට පෙර 2007 වසරේදීද බෝරා සමුළුව ශ්‍රී ලංකාවේ පවත්වා ඇතත් මෙවර සමුළුව සඳහාද ශ්‍රී ලංකාව තෝරාගැනීමට බෝරා ජාතිකයන් කටයුතු කර ඇත්තේ සුවිශේෂ හේතුවක් මතය. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් බිඳවැටුණු ශ්‍රී ලංකාවේ ආරක්ෂාව දැන් යහපත් අතට පත්වී ඇති බවට ලෝකයට ඔප්පුකර පෙන්වීම ඒ අතරින් ප්‍රධාන අරමුණ විය. එමෙන්ම අයි.එස්.අයි.එස්. ඇතුළු අන්තවාදී මුස්ලිම් ත්‍රස්තයන්ට තම විරෝධය පෙන්වීමද එහි තවත් අරමුණක් විය. පසුගිය වසරේ ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැති බෝරා සමුළුව, මෙවර මැලේසියාවේදී පැවැත්වීමට කලින් සැලසුම් කර තිබුණද, ඉස්ලාමීය රාජ්‍යයක් වන මැලේසියාවේ පවතින ආගමික ප්‍රශ්න මත එම තීරණය වෙනස් කිරීමට සංවිධාකයන්ට සිදුවී ඇත.

සමුළුවට පැමිණි බෝරාවරුන්ගෙන් බොහොමයක් මේ වන විට ආපසු පිටත්ව ගොස් ඇත. සමුළුව අවසන්වී නැවත පිටත්ව යෑමට පෙර ශ්‍රී ලංකාවේ සුන්දරත්වය දැකගැනීම සඳහා රට වටා සංචාරය කිරීමටද ඒ අතරින් බොහොමයක් බෝරාවරු කටයුතු කළහ. පසුගිය අප්‍රේල් 21 වැනිදායින් පසු පළමු වරට කොළඹ නගරයේ හෝටල් කාමර සියල්ල පිරී ඉතිරී යෑම බෝරාවරුන්ගේ සමුළුව හේතුවෙන් ශ්‍රී ලංකාවට ලැබුණු ප්‍රධාන වාසිය විය. සමුළුව හරහා ශ්‍රී ලංකාවට ලැබුණු සමස්ත ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 130කටත් අධික බව වාර්තාවල සඳහන්ය. සමුළුව හරහා බෝරාවරුන් ශ්‍රී ලංකාවට ලබාදුන් ආර්ථික ශක්තිය පමණක් නොව ඒ හරහා ඔවුන් ශ්‍රී ලංකාවේ සුරක්ෂිත බව පිළිබඳ ලෝකයට දුන් පණිවුඩයද ඉතා වැදගත්ය. සංචාරකයන් නොමැතිව සංචාරක කර්මාන්තය බිංදුවට ඇදවැටී ඇති මෙවන් මොහොතක ශ්‍රී ලංකාවට පැමිණීමට ගත් තීරණය පිළිබඳ මේ ප්‍රසන්න, ආකර්ෂණීය, සුන්දර ජාතිකයන්ට සෑම ශ්‍රී ලාංකිකයකුගේම ගෞරවය හිමිවිය යුතුය.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

එනවා කිව්වා විතරයි විමල්ගෙන් කරුට සැර ප්‍රහාරයක්

Next Post

රාහුගේ නැකැතින් උපන්නෝ

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධියට අදාළව, CID නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ මෙවැන්නකි.Sri Lanka Latest News විමර්ශනවල...

Read more
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.