කතානායක කරු ජයසූරිය මහතා එජාපයේ ජනාධිපති අපේක්ෂකයා වන බවට ඉගි පළ වීමත් සමග ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා කරු ජයසූරිය මහතා ඉලක්ක කොට දැඩි ප්‍රහාරයක් දියත් කිරීමට කටයුතු කර ඇත.
ඒ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම සදහා කැළණිය ප්‍රදේශයේ පැවැති රැස්වීමකට සහභාගි වෙමිනි.
එහිදී බටහිර බලවතුන්ට ජනාධිපතිවරණය ජයග්‍රහණය කරවීම සදහා උවමනා වී ඇත්තේ සිංහල ජන්ද පදනමට වැඩියෙන්ම බලපෑම් කළ හැකි පුද්ගලයකු බවත්, එසේ සිිංහල ජන්ද පදනමට බලපෑම් කළ හැකි එජාපයේ සිටින එකම පුද්ගලයා වන්නේ කරු ජයසූරිය මහතා බවත් වීරවංශ මහතා පිළිගෙන ඇත.
‘දැන් මේ බටහිර බලවතුන්ට ජනාධිපතිවරණයෙන් දිනවීමට උවමනා කාවද? රනිල්ම තමා. හැබැයි රනිල්ව උවමනා වුණත් දාන්න බැහැනේ. එයා දිනන්නේ නැහැනේ. ඒ නිසා බටහිර උවමනාව වී ඇත්තේ සිංහල ඡන්ද පදනමට වැඩිම බලපෑමක් කළ හැකි අපේක්ෂකයා යූඑන්පියෙන් දම්මවන්න. කවුද එයා? එයා තමයි කරූ ජයසූරිය. ‘බෝධිසත්ව ගුණෝපේත’ කිව්වට දින 52 ආණ්ඩුව කාලයේ එතුමාගේ ‘මරුමුස්කම’ එළියට ආපු හැටි, මේ රටේ ජනතාව හොඳටම දැක්කානේ…’ යනුවෙන් වීරවංශ මහතා ජයසූරිය මහතා සම්බන්ධයෙන් එහිදී අදහස් පළ කර ඇත.