• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

හැම කෙනෙක්ම යන්න හිතන ලොකුම වන්දනාව

September 16, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

අපේ රටේ බෞද්ධ මිනිස්සු මැරෙන්න කලින් යා ගත්තොත් හොඳයි කියලා අහස උසට ලොකු ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්න වන්දනා ගමනක් තියෙනවා. දැන් සමහර අය “උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ…” කියන කතාව උඩ ඒකට උත්තරේ “කැලණිය” කියලා කියයි. ඒ නැත්නම් අපේ බුදු හාමුදුරුවන්ගේ උතුම් සිරි පතුල තියෙන “ශ්‍රී පාදස්ථානය” කියයි. තවත් අය අනුරාධපුරේ “ජය ශ්‍රී මහා බෝධිය” කියයි. හැබැයි ඉතින් කියවන ඔබේ ඒ බුද්ධිමත් උත්තර සියල්ලම මගේ තනි ප්‍රශ්නය ළඟදි වැරැදියි. ඇත්තටම අපේ රටේ මිනිස්සු ඔය මැරෙන්න කලින් යා ගත්තොත් හොඳයි කියලා අහස උසට අර බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න වන්දනා ගමන වෙන්නේ දඹදිව. හැබැයි ඒ ගමනට ලොකු මුදලක් යටකරන්න වෙනවා. ඒ හින්දා ඔය ගමන හීනයක්ම වෙන මිනිස්සුත් ඉන්නවා. කොහොම හරි අපි අද මේ ඔබට කියන්නෙත් දඹදිව යන එක ගැන. ඔන්න දඹදිව යන්න හිතන් ඉන්න අය මේ අකුරු කියවා ගත්තොත් නරකන් වෙන එකක් නෑ.

දඹදිව වන්දනා ගමන් හැම එකක්ම වගේ සංවිධානය කරන්නේ එක් එක් හදාගත්තු සංවිධාන මඟින්. ඇත්තටම ඒක එක්තරා බිස්නස් එකක්. කවුරු කොහොම මොන විදිහට රස කරලා කිව්වත් ඇත්ත ඒක. ගොඩාක් වෙලාවට ඔය දඹදිව වන්දනා ගමනත් කොටස් තුනකට විතර බෙදන්න පුළුවන්. එක වන්දනා ගමනක් තියෙනවා දවස් අටක. අනෙක දවස් දොළහක් යනවා. ඊළඟ එක දවස් දාහතරක් යනවා. හැබැයි ඊට වඩා දවස් ගණනක් යන දිගු දඹදිව වන්දනා ගමන් එහෙමත් තියෙනවා. ඒත් ලංකාවේ සාමාන්‍ය මිනිස්සු යන්නේ ඔය කියපු ගමන් තුනෙන් එකක් තමයි. ඔය කොහොම ගියත් යන්න වෙන්නේ කොළඹ කටුනායක ගුවන්තොටුපොළට ගිහිල්ලා. එතැනින් එහා ඒ බජට් එකේ හැටියට තමයි ගමනේ සැප පහසුවත් තීරණය වෙන්නේ. කොහොමත් දඹදිව වන්දනාවේ යන්න අඩුම ලක්ෂයක්වත් වියදම් වෙනවා. ඒ හින්දා අපේ හුඟාක් මිනිසුන්ට ඔය ගමන නොයා හිත හදාගන්න වෙන වෙලාවල් එහෙමත් තියෙනවා. දඹදිව වන්දනාවේ යන්නත් ඔන්න එක්තරා කාලයක් තියෙනවා. ගොඩාක් වෙලාවට මේ කාලේ තමයි දඹදිව වන්දනාව යන්නේ. සැහැල්ලුවට දඹදිව වන්දනාව යන්න නම් අධික රස්නය සහ සීතල කියන දේශගුණික තත්ත්වය නැති කාලයක් තෝරගන්න වෙනවා. මොකද ලංකාවේ ඉන්න තාලෙට ඉන්දියාවේ ගිහින් ඉන්න බෑ. ඒක වෙනම රටක්. අලුත් දේශගුණයක්. ඒ නිසයි අපි එහෙම කිව්වේ. ඔය සීතල දේශගුණයට කියවන ඔබ අකැමැති නම් ඔබට දඹදිව යන්න වෙන්නේ මාර්තු, අගෝස්තු, සැප්තැම්බර් වගේම ඔක්තෝබර් කියන මාසවල. හැබැයි ඉඳලා හිටලා අගෝස්තුවට ලොකු වැස්සක් දෙකක් ඉන්දියාවට වහිනවා. එතකොට පෙබරවාරි සහ නොවැම්බර් මාස කියන්නේ ඉන්දියාවට ටිකක් සෞම්‍ය දේශගුණයක් තියෙන කාලයක්. ඒ කාලෙත් දඹදිව වන්දනා කරන්න යන්න හොඳයි. ඔය අධික සීතල දේශගුණයත් එක්ක දඹදිව යන්න කැමැති නම් ඔබට ගොඩාක් දුරට ඒකට තෝරාගන්න වෙන්නේ දෙසැම්බර් හෝ ජනවාරි වගේ මාසයක්. මොකද ඒ මාසවලට ඉන්දියාවට තියෙන්නේ සීතල දේශගුණික තත්ත්වයක්. ඉතින් ඔන්න ඔය කියන කරුණු කාරණාත් බලලයි දඹදිව වන්දනාවේ යන්න වෙන්නේ. මොකද ඔය දේවල් නොබලා ගියොත් ඔබට ඒ දේශගුණික තත්ත්වයන් දරාගන්න බැරිවෙයි. ශ්‍රී ලංකාවේ ඉඳන් ඉන්දියාවට යන ඔබට ඒ රටේදි ලංකාවේ තාලෙට ඉන්න බෑ. මොකද ඒක ඉන්දියාව. ඒ රටේ තියෙන්නේ ඔය ලංකාවේ නීති රීතිවත් ලංකාවේ ආර්ථික හෝ සංස්කෘතික හෝ සමාජ තත්ත්වයන් නෙවෙයි. ඒක වෙනස්ම ලෝකයක් කිව්වොත් හරියට හරි. ඉන්දියාව කියන්නේ කුල ක්‍රමය හොඳින්ම තියෙන රටක්. ඒ වගේම ඉන්දියාවේ ගිහින් මෙහේ සල්ලි නම් පාවිච්චි කරන්න බෑ. කොහොම හරි ඔබේ බජට් එකේ හැටියට ඔබ දඹදිව යන ගුවන්යානයේ ඉඳන් ඔබට බොන වතුර ටිකේ ඉඳන් හැමදේම අතටම එනවා. තව දන්න නොදන්න කෑමබීමත් ලැබෙනවා. ඔය නවාතැන් පහසුකම් එහෙමත් හොඳින් තිබෙනවා. හැබැයි ගොඩාක් වෙලාවට එක කාමරයට තුන්දෙනෙක් වැටෙනවා. ඒත් එක්කම සනීපාරක්ෂක කටයුතු ටිකත් හොඳින් කරගන්න පුළුවන්. ඔය කියපු කරුණු කාරණාත් දැනගෙනයි ඒ රටට යන්න ඕනේ. දැන් කියවන ඔබ අපෙන් අහයි ඇයි අපි එකපාරටම දඹදිව වන්දනාව ගැන කියන්නේ කියලා. ඔව් අපි ඒ කතාවත් කියන්නම්. අපිට පහුගියදා දඹදිව ගිහින් එන නඩයක් මුනගැහුණා. ඔවුන්ගෙන් තමයි අපි මේ කතාව ඇහුවේ. ඒ එක්කම ඔවුන් කියපු සමහර කතා නම් අපිට කියන්න බෑ. හැබැයි සමහර කතා කියන්න පුළුවන්. ඉතින් අපි මෙහෙම කියන්න යන්නේ ඒ කියන්න පුළුවන් කතා ටික විතරයි.
දඹදිව වන්දනාව ඇතුළේ ඔබ යා යුතුම තැන් කීපයක් තිබෙනවා. එකක් සිද්ධාර්ථ කුමාරයා ඉපදුණු ලුම්බිණිය. දෙවැනි තැන වෙන්නේ බෝසතුන් බුද්ධත්වය ලබපු බුද්ධගයාව. තුන්වැනි තැන තමයි බුදු හාමුදුරුවෝ පිරිනිවන් පෑ කුසිනාරාව. අවසානම තැන තමයි බුදු හාමුදුරුවෝ තමන්ගේ පළමුවැනි ධර්ම දේශනාව කරපු බරණැස ඉසිපතනාරාමයේ මිගදාය. ඒ නිසා දඹදිවත් ගිහින් ඔය ස්ථාන හතරෙන් එක තැනක් හරි නොබලා ආවොත් යන එකෙන් වැඩකුත් නෑ. මොකද ඔය තැන් හතර දැකලා බෞද්ධයා පහන් සංවේගය ඇතිකරගන්න ඕනේ කියලා කතාවකුත් තියෙනවනේ. ඒ හින්දා වෙන තැන්වලට නොගියත් ඔය තැන් හතරට නම් අනිවාර්යයෙන්ම යන්නම ඕනේ. අනෙක දඹදිව වන්දනාවේ ප්‍රධානම තැන් හතරත් ඔය ටිකම තමයි. ඒ වගේම ඔය අතර බුද්ධගයාවේදි ඔය කිරිපිඬු පූජා කරන්නත් පුළුවන්. තව සිල් සමාදන් වෙන්නත් පුළුවන්. එතකොට සාංඝික දානයක් දෙන්න එහෙමත් පුළුවන්. තව බෝධි පූජා කරන්නත් ධාතුන් වහන්සේ සියැසින්ම දකින්නත් මල් පූජාවන්ට සහභාගි වෙන්නත් හැකියි.

අපි මුලින් කියපු ලුම්බිණියට බුද්ධගයාවට ඉසිපතනයට සහ කුසිනාරා නුවරට අමතරව දඹදිව ගිහින් බලන්න තවත් ප්‍රසිද්ධ ස්ථාන කීපයක් තිබෙනවා. එකක් තමයි ආනන්ද බෝධිය. එතැනට ගිහින් බෝධි පූජාවක් වගේම ආලෝක පූජාවක් කරන්නත් පුළුවන්. ඒ වගේම සුද්ධෝදන රජතුමා හිටපු මාලිගාව, කපිල වස්තුපුරය, රාජගිරි ගිජ්ජකූටය සහ කොසඹෑ නුවර, විශාලා මහනුවර, උදේනි මාලිගාව, සංකස්ස පුරය කියන බුදු හාමුදුරුවන්ගේ ජීවිතේට සම්බන්ධ ගොඩාක් තැන් බලන්න පුළුවන්. හැබැයි ගොඩාක්ම බලන්න තියෙන්නේ නටබුන් විතරයි. ඒත් ලෝකයේ පැරැණිතම වෘක්ෂයක් විදිහට සැලකෙන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ බලාගන්න නම් ඔන්න වාසනාවක් තිබෙනවා. ඉන්දියාවේ ගොඩාක් තැන්වලට යන්නේ සුඛෝපභෝගී බස්වල. ඒ නැත්නම් කෝච්චියේ දවස් ගණන් යන වෙලාවලුත් තිබෙනවා. ගුවන්යානාවල යන තැන් එහෙමත් තිබෙනවා. ඒත් ඔය ඔක්කෝම තීරණය කරන්නේ ඔබ දඹදිව යන එන බජට් එක. ඔන්න ඒක ලොකුයි නම් දඹදිව ගමන ඔබට සැප පහසුවට යන්න පුළුවන්. ඒක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ.
ගොඩාක් වෙලාවට දඹදිව වන්දනාවේ යන්නේ වයසක අය. එයාලට යන්න වියදම් කරන්නේ පුතාලා දුවලා වෙන්න ඇති. ඒක නම් එයාලා කරගන්න ලොකු පිනක්. කොහොමින් හරි ඔය දඹදිව ගිහින් මියගිය මිනිස්සුත් ඉන්නවා. ඒත් එක්කම ඔය අසනීප වෙලා ආපු මිනිස්සුත් ඉන්නවා. ඒකට එයාලගේ වයසත් එක්ක ගුවන් ගමන වගේම දේශගුණයත් බලපානවා. ඔය ගැනත් හිතලයි දඹදිව වන්දනාවේ යන්න ඕනේ. කොහොමත් ඉන්දියාව කියන්නේ උෂ්ණත්වය නම් ටිකක් වැඩිපුර තියෙන රටක්. හැබැයි වහින වෙලාවට ඉන්දියාවම හෝදන් යන්න වහිනවා. ඔය ගංවතුර තත්ත්වයන් ගැන ජනමාධ්‍යයෙන් දැකලා ඇතිනේ. ඒ හින්දා ඔය දේවල් එහෙමත් බලලා තමයි මේ දඹදිව වන්දනාවේ යන්න ඕනේ. තව එකක් කියන්න තිබෙනවා. ටිකක් ලොකු අසනීප එහෙම තියෙන අය බෙහෙත් හේත් අරන් යන එක වටිනවා. නැත්නම් දඹදිව යන වන්දනා නඩයටම ඔබ හින්දා කරදර වෙන්න පුළුවන්. ඒත් එක්කම අතේ මිටේ කීයක් හරි වැඩිපුර තියෙන්නත් වෙයි. මොකද ලංකාවට වඩා එහේ බඩු ටිකක් ගණන් අඩුයි. ඒ හින්දා දකින දකින දේවල් ගන්න හිතෙයි.
දැන් තමයි අපි හොඳම ටික කියන්නේ. මේ දේවල් අපට කිව්වේ අර අපිට හමුවුණ කියපු දඹදිව ගිය පිරිස. ඔය ඉන්දියාවෙයි අපේ ලංකාවෙයි දේශගුණය එකිනෙකට වෙනස් කිව්වට ඉන්දියාවයි ලංකාවයි සමාන වෙන තැනක් තියෙනවා. ඒ තමයි හොරු. අපේ පන්සල්වලදි අපි බුඳුන් වැඳලා එද්දි සෙරෙප්පු දෙක ගොඩාක් වෙලාවට නැහැ. අන්න ඒක ඉන්දියාවටත් පොදුයි. හැබැයි ඉන්දියාවේ සෙරප්පු ලාබයි. අපේ සල්ලිවලින් රුපියල් දෙසීයකට විතර සාමාන්‍ය සෙරෙප්පු දෙකක් ගන්න පුළුවන්. ඊළඟ කතාව තමයි සමහර කෑම බීම. ගුවන්යානයේදි ගොඩාක් දෙන්නේ ඉන්දියන් කෑම බීම වර්ග. සමහරුන්ට ඒවා හුරුත් නෑ. ඒ හින්දා දිරවනවා හොරයි. ඒක හින්දා කෑම බීම ගැනත් පොඞ්ඩක් හිතන්න ඕනේ. ගුවන්යානා අස්සේ තව අයට වමනේ යන වෙලාවල් එහෙමත් තියෙනවා. මොකද හුරු නෑනේ. ඒ නිසා ඒ දේවල් ගැනත් චුට්ටක් හිතන්න වෙයි. අනෙක අරන් යන සල්ලි ටික පරිස්සම් කරගන්න ඕනේ. ඔන්න ආභරණ නම් දාගෙන නොයන තරමටම හොඳයි.

අපි අද මෙහෙම ලිපියක් ලිව්වේ කියවන ඔබව දැනුවත් කරන්න. මොකද කොහේ ගියත් ඔබ යමක් දැනගෙන තියෙන එක හොඳයි. සමහර විට කියවන ඔබෙත් කැමැත්තක් ඇති දවසක දඹදිවට වන්දනාවේ යන්න. අන්න එහෙම ඉන්නවා නම් ඔබට මේ අකුරු එකක් නෑරම වැදගත් වෙයි. අනෙක තමයි අපි ඒ යන්නේ හොඳට දන්න කියන තැනකට එහෙම නෙවෙයි.

අපේ රටට ඉන්දියාව එක්කලා හැරෙන්නවත් බෑ. ඒ නිසා දඹදිව වන්දනාව ඔබ හරි පරිස්සමට යන්න ඕනේ ගමනක්. වැදගත්ම දෙයක් තමයි ඔබ පිරිසගේ හඳුනාගැනීමේ සලකුණ. ඒක බෑග් එකක් බැජ් එකක් තොප්පියක් කුඩයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒක ගැනත් අවධානයෙන් ඉන්න එක සෑහෙන්න වැදගත්. මේ ඔබ යන්නේ අපේ බුදුන් උපන් පින්වන්ත දේශයට. මෙහෙම ගමනක් යන්න අපේ හැමෝටම වාසනාවක් නෑ. ඒක නිසා පරිස්සමට දඹදිව යන එක වටිනවා. අනෙක තමයි දඹදිව යවන හොර සංවිධාන තිබෙනවා. ඔන්න ඒ දේවල්වලට නම් රැවටිලා අඬන්න එපා. මොකද සමාජය ඇතුළේ ජීවත්වෙන හැමෝම මිනිස්සු නෙවෙයි.

රුවන් එස්. සෙනෙවිරත්න

SendShareShare
Previous Post

SPC වෙතින් ඔබට ලැබෙන සහන

Next Post

මහසගරුවනයි-පුරවැසි බලයයි අරලියගහ මැදුරට එයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.