කතානායක කරු ජයසූරිය මහතා එජාපයේ ජනාධිපති අපේකෂක ලෙස නම් කරන ලෙස ඉල්ලා මහාසංඝරත්නය නියෝජනය කරමින් භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් අරලිය ගහ මන්දිරයට වැඩම කොට ඇත.
පෙරේදා (14) දිනයේදී මෙසේ අරලියගහ මැදුරට වැඩම කර භික්ෂූන් වහන්සේලා අගමැතිවරයා මුණ ගැසී මේ බව දැනුම් දී තිබේ.
අතිපූජ්‍ය මාතලේ ධම්මකුසල අනුනායක මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් යුතුව අරලිය ගහ මන්දිරයට වැඩම කළ භික්ෂුන් වහන්සේලා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ හැකි බවට විශ්වාසය තැබිය හැකි කරු ජයසූරිය වැනි බලයට කෑදර නොමැති පුද්ගලයකු මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු බව දැනුම් දී තිබේ.
මීට අමතරව ‘පුරවැසි බලය’ සංවිධානයද ඊයේ් (15) දිනයේ අගමැතිවරයා මුණගැසී ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ජා පවත්වා තිබේ.
මහාචාර්ය සරත් විජේසූරිය, ගාමිණී වියන්ගොඩ, ලාල් විජේනායක, කේ. ඩබ්ලිව්. ජනරංජන ඇතුලු පිරිසක් ඊට එක්ව සිටියහ. 2015 ඇතිකරගත් පුලුල් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය තවදුරටත් ඉදිරියට ගෙන යායුතු බව එහිදී මෙම පිරිස අගමැතිවරයාට දැනුම් දී ඇත.