• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home CID

බුද්ධි නිලධාරියා අතුරුදන් වීමේ ඇත්ත කතාව ‌මෙන්න -CID SPECIAL

September 14, 2019
in CID
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

ඇමෙරිකාවේ සී.අයි.ඒ., ඉන්දියාවේ රෝ මෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බුද්ධි අංශය වන්නේ එස්.අයි.එස්.ය. රාජ්‍ය බුද්ධි සේවය යැයි කියන්නේද එයටය. එම බුද්ධි අංශයේ සේවයේ නිරතව සිටි උපපොලිස් පරීක්ෂකවරයෙක් හිටි හැටියේම අතුරුදන් වන්නේ ඉකුත් 05 වැනිදා සිටය. ඒ ගැන නාරාහේන්පිට පොලිසියට පැමිණිල්ලක් කරන්නේ ඔහුගේ බිරියයි. ඇය පොලිස් පරීක්ෂිකාවකි. සේවයේ නිරතව සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේය. මේ යුවල සිය දරුවන් සමග පදිංචිව සිටියේ නාරාහේන්පිට ඇන්ඩර්සන් නිවාස සංකීර්ණයේ පිහිටි පොලිස් නිල නිවෙසකය. නාරාහේන්පිට පොලිසියට පැමිණ ඇය පැමිණිලි කරන්නේ සිය සැමියා සවස සේවය නිමකර නිවෙසට එන බව තමන්ට කීවත් ඔහු නොපැමිණි බවකි. එම බුද්ධි නිලධාරියා සුවිශේෂ රහස් රැස්කරන්නෙක් වූ බැවින් රාජ්‍ය බුද්ධි සේවය පවා ඔහුගේ අතුරුදන්වීමෙන් සලිතව ගියේය. දේශපාලන රහස් රැගෙන ඔහු රටින් පැන්නේදැයි පවා සැකයක් බුද්ධි බලධාරීන්ට ඇති නොවුණාද නොවේ. ඒ, එම නිලධාරියා අධික ණය බරින් මිරිකෙමින් සිටියෙක් බව පෙනීගිය බැවිනි.

ණය නිසා ‌ගෙදර වලියක් දාගෙන

බුද්ධි බලධාරීන් සිය අවධානය මුලින්ම යොමුකරන්නේ කටුනායක ගුවන් තොටුපොළටය. බුද්ධි නිලධාරියා රටින් පිටවූයේ දැයි සැකහැර දැනගන්නටය. ගුවන් තොටුපොළේ දත්තයන්ට අනුව එම නිලධාරියා ඒ වන විටත් රටින් පිටව ගොස් සිටියේ නැත. දුරකතන දත්ත විශ්ලේෂණයේදී පෙනීයන්නට වූයේ ඔහු සිය ජංගම දුරකතනය ක්‍රියා විරහිත කර කොළඹට කිට්ටුව යම් තැනක රැඳී සිටින බවයි. රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ගේ බුද්ධි මෙහෙයුමට අනුව පැය 48ක් යන්නට මත්තෙන් අතුරුදන්වූ බුද්ධි නිලධාරියාට සිදුවන්නේ නැවත සිය නිවෙසට යන්නටය. ඒ වෙන කිසිවක් නිසා නොව, ඔහු එසේ අතුරුදන් වන්නේ ණය බර මුල්කරගනිමින් බිරිය සමග ඇතිකරගත් ආරවුලක් මුල්කරගෙන වූ බැවිනි.

ටී 56 ‌දෙකක් ‌හොරකම් කරපු හැටි

ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකුට අකුරැස්සේදී වෙඩි ප්‍රහාරයක් එල්ලවන්නේ රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියාගේ අතුරුදන්වීමෙන් පොලිසිය කැලඹී සිටියදීය. ඒ ඉකුත් 06 වැනිදා එළිවෙන ජාමේය. 05 වැනිදා රාත්‍රියේ දකුණු පළාත තුළ විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් වන්නේ හිටි හැටියේම දකුණෙන් මතුවූ අපරාධ රැල්ල මුල්කරගෙනය. අකරැස්ස තිබ්බටුව හංදියේ 05 වැනිදා රාත්‍රියේ සිට ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනාට 06 වැනිදා අලුයම මුණගැසෙන්නේ යතුරුපැදියකි. මූසල අඳුර කපාගෙන ඉදිරියට ඇදෙමින් තිබුණු එම යතුරුපැදියේ ආරක්ෂක හිස්වැසුම්ද නොමැතිව ගමන් කරමින් සිටියේ තිදෙනෙකි. පොලිස් නිලධාරීන් දෙදෙනා ඈත තියාම එම යතුරුපැදියට අත දමා සංඥා කරන්නේ නතරකරන ලෙසටය. එම සංඥාවට අවනත වෙනවා වෙනුවට යතුරුපැදිය අතුරු මාර්ගයකට හරවා ගමන් කරන්නේ පැමිණි වේගය මෙන් දෙගුණයකිනි.
සිය අණ නොතකා ධාවනය වූ යතුරුපැදිය කෙරෙහි පොලිස් නිලධාරීන්ට ඇතිවන්නේ දැඩි සැකයකි. පොලිස් නිලධාරීන් දෙදෙනා තමන් පැමිණි යතුරුපැදියේ නැඟී වේගයෙන් සැකකටයුතු යතුරු පැදිය හඹායන්නේ ඒත් එක්කමය. අණ නොතකා පළායමින් සිටි යතුරුපැදියේ අංක තහඩු පවා නොමැති බව ඔවුන්ට පෙනීයන්නේ එවිටය. පොලිස් නිලධාරීන් ගමන් කරමින් සිටි යතුරුපැදිය, සැකකටයුතු යතුරුපැදියට කිට්ටුකරනවාත් සමඟම පොලිස් නිලධාරීන් දෙසට එල්ලවන්නේ වෙඩි වර්ෂාවකි. ටී-56 අවියකින් එල්ලවුණු එම වෙඩිපහරවල් වදින්නේ පොලිස් නිලධාරීන්ගේ පාදවලට සහ යතුරුපැදියටය. වෙඩි ප්‍රහාර හමුවේ පොලිස් නිලධාරීන්ගේ පාලනයෙන් ගිලිහුණු යතුරුපැදිය මහමඟ පෙරළීයන්නේ පොලිස් නිලධාරීන් දෙදෙනාවද ඇදවට්ටවමිනි.
පැය 48ක් යන්නට මත්තෙන් අකුරැස්ස පොලිස් ස්ථානාධිපති ප්‍රේමලාල් සිල්වා සිය සගයන්ට වෙඩිතැබූවේ කවුරුන්දැයි හඳුනාගත්තේය. ඒ අනුව මුලින්ම අත්අඩංගුවට ගන්නේ 16 හැවිරිදි තරුණයෙකි. යතුරුපැදියේ මැද අසුනේ ගමන් කරන්නේ ඔහුය. එම තරුණයා පදිංචිව සිටියේ අකුරැස්සේමය. දෙවැන්නා අත්අඩංගුවට ගන්නේ තංගල්ල බස් නැවැතුම් පොළේදීය. ඔහු තෙලිජ්ජවිල පදිංචිව සිටි හමුදා සෙබළෙකි. පොලිසියට වෙඩිතබන්නේ ඔහුය. ඒ යතුරුපැදියේ පිටුපස ගමන්කරමිනි.
එදා යතුරුපැදිය පදවන්නේ සෙබළාගේ මිතුරෙකි. ඔහු ඇල්පිටියේය. පොලිසිය ඔහුව අත්අඩංගුවට ගන්නේ පොලිසියට වෙඩිතැබූ ගිනිඅවිය හමුදා සෙබළාගේ පාපොච්ඡාරණයට අනුව අකුරැස්සේ ඇල්ගිරිය විකුම්ගම පැත්තේ වනවැදී තිබුණු බෝක්කුවක් අස්සේ සඟවා තිබියදීය. එහි තිබී සොයාගන්නේ එක් අවියක් පමණක් නොවේ. ටී-56 අවි දෙකක්ම එහිදී සොයාගැනිණි. එම අවි දෙක ඔහුට ලැබෙන්නේ ඔහු සේවයේ නිරතව සිටින පානදුර හමුදා කඳවුරේම සේවයේ නිරත සහෝදර සෙබළකුගෙනි. එය ඔහුට ලැබෙන්නේ පිනට නොව, රුපියල් ලක්ෂයකටය. එම මුදලින් ඒ වන විටත් ගෙවා තිබුණේ රුපියල් 60,000ක් පමණි. ගිනිඅවිය මිලදීගන්නට එම මුදල දෙන්නේ තෙලිජ්ජවිල පැත්තේ සිටින බූරු කප්පිත්තෙකි. ගිනි අවියක් ඔහු එසේ මිලදීගන්නේ බූරු පොළවල් මංකොල්ලකන්නටය. එදා ඔවුන්ගේ කුළුඳුල් මංකොල්ලයයි. පොලිසියට වෙඩිතබන්නේ තෙලිජ්ජවිල බූරු පොළක් කොල්කා එන අතරතුරදීය.
ප්‍රශ්නකිරීම් හමුවේ හමුදා සෙබළා පවසන්නේ එම බෝක්කුව යටින් සොයාගත් ටී-56 අවි දෙක පානදුර – උතුර පොලිස් ස්ථානයෙන් සොරාගත් බවකි. එම අවි සොරාගත්තේ කෙසේදැයි ඔහු දැන සිටියේ නැත. ඒ බව දැන සිටියේ අවි දෙක විකුණු සෙබළාය. ගිනි අවියේ අංකද පානදුරෙන් අතුරුදන්වූ ගිනි අවි අංක හා සැසඳුනේය. ඒ අනුව එම අවි දෙක පානදුර – උතුරෙන් සොරාගත් අවි බව තහවුරු කරගත් අකුරැස්ස පොලිසිය පානදුර කඳවුරේ සෙබළාව අල්ලාගන්නට පිඹුරුපත් සකස් කළේය. ගිනි අවි අලෙවියේ ඉතිරි මුදල ලබාගැනීමට පානදුර නගරයට එන්නැයි අත්අඩංගුවේ සිටි සෙබළා මගින් දුරකතන ඇමතුමක් දෙන්නේ ඒ අනුවය. කිසිවක් නොදත් සෙබළා කඳවුරෙන් පැන පානදුර නගරයට එන්නේ මුදල් ලබාගන්නටය. එහිදී මුදලට ගිජුවූ හමුදා සෙබළාට සිදුවන්නේ පොලිස් අත්අඩංගුවට පත්වන්නටය.
මාස ගණනක් පුරාම කිසිදු තොරතුරක් නොමැතිව වල්මත්ව සිටි පානදුර – උතුර පොලිස් ස්ථානයේ තිබුණු ගිනිඅවි සොරකමේ සැඟවුණු කතාව එළියට එන්නේ එවිටය. පොලිසිය සිතන්නේ එම අවි දෙක පොලිස් අවි ගබඩාවෙන් පොලිසියේම අයෙක් උස්සන්නට ඇති බවය. එහෙත් සිදුවී තිබුණේ වෙනත් දෙයකි. අවි දෙක දින ගණනාවක්ම තිබෙන්නේ පොලිසියේ කැබ් රථයක පිටුපස අසුනක් යටය. එම අවි දෙක කවුරුන් එහි තැබුවේදැයි අදටත් අබිරහසකි. එහි පතුරම්ද නොතිබුණු බැවින් විශ්වාස කරන්නට හැක්කේ පොලිස් අධිකාරිවරයාගේ අර්ධ වාර්ෂික පරීක්ෂණයේ ආචාර පෙළපාලියට ගබඩාවෙන් පිටතට ගත් එම අවි දෙක නැවත ගබඩාවට භාර නොදී වැරැදීමකින් කැබ් රථයේම තිබෙන්නට ඇති බවය. එම අවි දෙක සොරාගැනීමට පානදුර කඳවුරේ සෙබළාට අවකාශ ලැබෙන්නේ අප්‍රේල් 21 වැනිදා ප්‍රහාරය හේතුවෙන් පානදුර පොලිසිය සමග ඔහුව ආරක්ෂක රාජකාරි සඳහා යෙදවීම නිසාය. දින කිහිපයක්ම ඔහු එම අවි දෙක කැබ් රථයේ අනාරක්ෂිතව තිබෙන අයුරු නිරීක්ෂණය කළේය. අවසානයේ ඔහු එම අවි දෙක කැබ් රථයේම තිබුණු රබර් කාපට්ටුවේ ඔතා සඟවන්නේ පානදුර කෙසෙල්වත්තේ කාණුවක් අස්සේය. දවස් දෙක තුනක්ම ඔහු බලාසිටියේ ගිනි අවි දෙක අතුරුදන්වීම ගැන පොලිසියේ ප්‍රතිචාරය කෙසේදැයි කියාය. පොලිසියට ඒ ගැන කිසිදු වගවිභාගයක් නැති තරම්ය. බොක්කුව යට සඟවා තිබුණු අවි දෙක ගොඩගෙන රුපියල් ලක්ෂයකට විකුණන්නේ අනතුරුවය.

කොස්ගොඩ සුජී ඇතුළේ ඉදන් වැඩට බහී

අකුරැස්සේ වෙඩිල්ලෙන් පානදුර පොලිසියේ අවි සොරකම එසේ දිගහැරෙද්දී අකුරැස්සේ වෙඩිල්ල පත්තුවූ දිනම ඇල්පිටියේ මගී බස් රථයක් තුළ සිදුවූ ඝාතනයේ සැකකරුවන් තවමත් සිටින්නේ නිදැල්ලේය. එසේ ඝාතනය වන්නේ ඇල්පිටිය අධිකරණයේ විභාග වන ඉඩම් නඩුවකට පෙනීසිටීම සඳහා යමින් සිටි ඌරගහ පදිංචි රංජිත් ජයවර්ධන නමැත්තකුය. බස් රථයට ඔහු ගොඩවන්නේ ඌරගහිනි. ඔහුට වෙඩි තබන්නේ ඇල්පිටියට කිට්ටුවනවාත් සමගිනි. ඒ අතරමඟදී බස් රථයට ගොඩවූවෙකි. වෙඩික්කරුවා කවුරුන්දැයි පැහැදිලිවම මෙතෙක් හෙළිනොවූවත් එම ඝාතනය කොස්ගොඩ සුජීගේ වැඩක් බව නම් හෙළිවී හමාරය. කොස්ගොඩ සුජී මේ වන විට සිටින්නේ ඩුබායිවලය. මාකඳුරේ මධුෂ් පොලිසියට කොටුවීමෙන් පසු කොටසක් සමග මත්කුඩු ජාවාරම මෙහෙයවන්නේ සුජීය. ඒ මධුෂ්ව මෙරටට රැගෙන එන්නට හැකියාව උදාකර දෙමින් ඩුබායි පොලිසියට කොටුකර දුන් කිරුළපන මොරිල්ගේද ආශීර්වාදය ඇතිවය. මධුෂ් පොලිසියට කොටුවීමෙන් පසු දකුණේ පාතාල අධිරාජ්‍යය ගොඩනඟමින් සිටින්නේ කොස්ගොඩ සුජීය. ඉඩම් නඩුවකට පෙනීසිටීමට යමින් සිටි රංජිට මගී බස් රථයක් තුළදී කුළි ඝාතකයෙක් යොදා සුජී ඝාතනය කරන්නේ හරියටම ඊට වසරකට පෙර ඌරගහ ඉහළ මාලවල ගම්මානයේදී සිය සගයන් දෙදෙනෙක් මරාදැමුවාට පළිගන්නටය. සමන් සුරේෂ් සහ චමිල දීපාල් නමැති එම ගෝලයන් දෙදෙනාව මරාදමන්නේ කුරුඳු වාඩියක් තුළදී වෙඩිතබා බෙලි කපාය. ඒ, එක් ගෝලයකුගේ හිසක් කඳින් වෙන්කර රැගෙන ගොස් තබන්නේ ඉහළ මාලවල සමූපකාරය ඉදිරිපිටින්ය.
සුජීගේ ගෝලයන් දෙදෙනාව එසේ මරාදමන්නේ මධුෂ්ගේ ගෝලයෙකි. මධුෂ්ගේ මත්කුඩු ඌරගහ පැත්තේ බෙදාහැරීමේ නියෝජිතයා වූයේ ඔහුය. ඉන්දික නමැති ඔහුද දැන් සිටින්නේ ඩුබායිවලය. ඇල්පිටියේදී මගී බස් රථයක් තුළ රංජිත්ව වෙඩිතබා මරාදැමෙන්නේ එදා සුජීගේ ගෝලයන් දෙදෙනා මරාදැමීමට ඉන්දිකට ඔත්තු සපයන ලද වරදටය.

බ්ලූමැන්ඩල් සංඛ ඉන්දියාවේ ඉදන් ‌බෝට්ටූවක එයි

‍ මේ අතර ඉන්දියාවේ රැඳී සිටි මෙරට පාතාලයේ නමගිය කල්ලි නායකයෙක් වන බ්ලූමැන්ඩල් සංඛ මෙරටට ආවේ බෝට්ටුවක නැඟීය. ඔහු මෙරටින් ඉන්දියාවට පළායන්නේද බෝට්ටුවකිනි. ඒ හලාවත පැත්තේ ධීවරයකුගේ සහාය ඇතිවය. ඉකුත් මාර්තුවේ ඔහුව රාමේෂ්වරන්හිදී ඉන්දියානු පොලිස් අත්අඩංගුවට පත්වන්නේ ඉන්දියානුවෙක් ලෙස කුමාර් නමින් පෙනීසිටියදීය. බ්ලූමැන්ඩල් සංඛගේ අනන්‍යතාව එරට පොලිසිය හෙළිකරගැනීමෙන් අනතුරුව ඔහුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනෙන්නේ වලංගු වීසා බලපත්‍රයත් නොමැතිව ඉන්දියාවේ රැඳීසිටීමේ වරදටය. එහිදී ඔහුව රඳවන්නේ රැඳවුම් මධ්‍යස්ථානයකය. මාස කිහිපයක්ම එම රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි ඔහුට ඇප ලැබෙන්නේ පසුගිය මාසයේය. අංගොඩ ලොක්කා සහ ලඩියා මෙන් ඇප ලැබීමෙන් පසු ඉන්දියාවේ රැඳීසිටීමට කොතෙකුත් අවස්ථාව තිබුණද සංඛට එහි රැඳෙන්නට හිතක් නොවීය. ඔහු බෝට්ටුවකම නැඟී හොර පාරෙන් සති තුනකට පෙර මෙරටට ආවේය. ඒ පැමිණි ඔහු සිය විරුද්ධවාදීන්ට වැඩ පෙන්වන්නට ගන්නේ ඉන්දියාවේ සිටි කාලය තුළ මත්කුඩු ජාවාරමේ ඔහුගේ තැන ඔවුන් අල්ලාගෙන සිටි බැවිනි. ඒ නිසාම සංඛ නැවතත් මෙරටට අඩිය තබා ඇතැයි පොලිසිය දැනගත්තේය. ඒත් එක්කම පොලිස් විශේෂ කාර්ය බළකාය මෙන්ම විශේෂ පොලිස් අංශ කිහිපයක්ම සංඛව කොටුකර ගැනීමට කුරුමානම් ඇල්ලූහ. ඒ ඔහුව පණපිටින් හෝ පණ නසා හෝ කොටුකර ගැනීමේ සූදානමක් ඇතිවය. ඒ පිටුපස දේශපාලන අරමුණක්ද කරකැවෙමින් තිබුණේය. ඒ සංඛ ආණ්ඩුවේ දේශපාලනඥයකුට සම්බන්ධකම් තිබුණු බැවින් ඔහුගේ ආගමනය ඉදිරි ජනාධිපතිවරණයට යම් බලපෑමක් කරන බැවිනි. ඉකුත් මහ මැතිවරණයේදී පවා ඔහු ඩුබායි සිට පැමිණ සිය සගයා වූ ආමි සම්පත් සමග වැඩ කළේ වත්මන් ආණ්ඩුවේ දේශපාලනඥයකුටය. සංඛගේ ප්‍රතිවාදියා වූ දෙමටගොඩ චමින්ද වැඩ කළේ එවකට බලයේ සිටි රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබලයකුටය. ඉකුත් මහ මැතිවරණ සමයේදී කොටහේනේදී දෙදෙනෙක් ඝාතනය වෙමින් එජාප ප්‍රචාරක රැලියකට වෙඩි ප්‍රහාරයක් එල්ලකරන්නේත් දෙමටගොඩ චමින්දය. ඒ, එම රැලියට සම්බන්ධවී සිටි සංඛවත් ආමි සම්පත්වත් ඉලක්ක කරමිනි. ඊට ප්‍රතිප්‍රහාරයක් එල්ලවන්නේ දෙමටගොඩදී චමින්දව රැගෙන යමින් සිටි බන්ධනාගාර බස් රථයට 2016 වසරේදී වෙඩි තබාය. එදා දෙමටගොඩ චමින්දගේ දිවි ගැලවෙන්නේ පාදයට පමණක් වෙඩි වැදීය.
දෙමටගොඩ චමින්ද මේ වන විට ඉන්නේ මරණීය දණ්ඩනයෙන් දඬුවම් නියමවූ සිරකරුවෙක් ලෙසිනි. ඔහුගේ සිහිනය මෙවර ජනාධිපතිවරණයෙන් විපක්ෂ අපේක්ෂකයා ජනාධිපති වනු දැකීමය. ඒ වෙනුවෙන් ඔහු හිරේ ඉඳන් මේ වන විටත් වැඩ පටන්ගෙන හමාරය. ඒ බව මෙම තීරුවෙන් සති දෙකකට පෙරද තොරතුරු හෙළිකරනු ලැබීය. මහින්ද රාජපක්ෂ පාලන සමයේදී පාතාලයේ බොහෝ පිරිසක් සුදු වෑන් රථවලින් අතුරුදන් වෙද්දීත් පොලිස් විශේෂ කාර්ය බළකායට සහ පොලිසියට ආයුධ පෙන්වන්නට ගොස් වෙඩිතබා මරුමුවට පත්වන විට ඉතිරිවන්නේ දෙමටගොඩ චමින්ද වැනි එවකට ආණ්ඩුවට හිතවත්කම් පෑ පාතාලයේ ප්‍රබලයන් කිහිප දෙනෙක් පමණි. දැනට ඉතිරිව සිටින සංඛ ඇතුළු පිරිසක් සිය ජීවිත ගලවාගන්නේ රටින් පළාගොසිනි. චමින්ද උත්සාහ ගන්නේ හිරේ ඉඳන් විපක්ෂයට වැඩ කර පොදු සමාවකින් නිදහස ලබන්නටය.
දෙමටගොඩ චමින්ද එසේ නිදහස වෙනුවෙන් ජනාධිපතිවරණයට හිරේ ඉඳන් වැඩ අල්ලන විට සංඛට එල්ලවන්නේ මරණ වරෙන්තුය. නීතීඥයෙක් මාර්ගයෙන් සංඛ අධිකරණයට භාරවන්නේ එම මරණ වරෙන්තුවලින් ගැලවෙන්නටය. දැන් ඔහුත් දෙමටගොඩ චමින්ද මෙන් ජනාධිපතිවරණයට වැඩ අල්ලන්නේ හිරේ ඉඳන්ය.

රුවන් ‌වෙඩිවර්ධන

SendShareShare
Previous Post

ගෝඨා ගිය රහස් ගමනක් එළියට එයි

Next Post

එජාපය ඇතුළේ පිපිරුමක්

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

අදත් උදේම දික්වැල්ලේ වෙඩි පත්තු වෙයි! එක්කෙනෙක් මාතර රෝහලට අරන් එයි! I Sri Lanka Latest News

ෆර්ඩිනැන්ඩොගේ කතාවට අදානිත් කලකිරෙයි! අකුලගෙන යන්න යයිද?
Exclusive

ෆර්ඩිනැන්ඩොගේ කතාවට අදානිත් කලකිරෙයි! අකුලගෙන යන්න යයිද?

සමයංවත් මරලා – පාතාල ගුරා වෙච්ච අංගොඩ ලොක්කාටත් ගේමක් ගහලා දැන් ඉන්දියාවේ හිරබත් කන කව්ද මේ අතුරුගිරියේ ලඩියා!
Exclusive

සමයංවත් මරලා – පාතාල ගුරා වෙච්ච අංගොඩ ලොක්කාටත් ගේමක් ගහලා දැන් ඉන්දියාවේ හිරබත් කන කව්ද මේ අතුරුගිරියේ ලඩියා!

News

කෝටි 800ක වාහන ගන්න – හතර වටේටම වාහන බෙදන්න දෙමටගොඩ රුවන්ලාට සල්ලි උනන හැටි! CID SPECIAL

අවුරුදු 30ක කොල්ලෙක්! ලොක්කාගෙන් පසු මිනී මරමින් පාතාලයට එන්ටර් වුණු කව්ද මේ ‘ජිලේ’!
News

අවුරුදු 30ක කොල්ලෙක්! ලොක්කාගෙන් පසු මිනී මරමින් පාතාලයට එන්ටර් වුණු කව්ද මේ ‘ජිලේ’!

පාතාලය බලවත් වෙයි! කුඩු සලිදු අල්ලන්න ගිය පොලිස් ප්‍රධානියාට මාරුවක්!!
Exclusive

හාරසීයේ කුඩු පැකට්ටුව 2500ට නගී! කුඩු සලිදුගේ බණ්ඩාරගම රාජ්‍යය දෙදරයි! කෝටි 40ක කුඩු ඔත්තුව ගියේ පොලිසිය ඇතුළෙන්මද?

Load More
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

දැන් ජනාධිපති අරමුදලේ මුදල් වියදම් වෙන්නේ මෙහෙමයි..! පා.ම. චාමර සම්පත් දසනායක Sri Lanka Latest News

Read more
මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.