• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

රටම කතා කරන මී පැණියෙ සැඟවුණු බලය

December 12, 2020
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
රටම කතා කරන මී පැණියෙ සැඟවුණු බලය
Share on WhatsAppShare on Facebook

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ‘අමුර්තය’ ලෙස හඳුන්වන මී පැණි රස හා ගුණ පිරි මිහිරිතම ඖෂධයයි. දෙව්ලොව වෙසෙන දෙවියන් අමුර්තය පානය කර නිරෝගීව සිටිනවා සේම මී පැණි ආහාරයට ගන්නා මනුෂ්‍යයාටද නිරෝගීව සිටිය හැකි බව පුරාණ වෙද පොත්වල සඳහන්ය. මලින් මලට යන මී මැස්සකු තම වර්ගයාගේ පැවැත්මට අවශ්‍ය ආහාර වෙනුවෙන් එක්රැස් කර ගන්නා මල් පැණි මී මැස්සාගේ කේටයේ ඇති එන්සයිම සමඟ පතික්‍රියා කිරීමෙන් මී පැණි නම් මිහිරි ඖෂධය සෑදෙයි. නමුත් අද වන විට මී මැස්සන් වඳවී යෑමේ තර්ජනයට මුහුණපා සිටින සත්ව විශේෂයකි. ඒ නිසා මී මැසි වගාව අලුත් පරම්පරාවට කියාදිය යුතු දෙයකි. නොඑසේ නම් අනර්ඝ ඖෂධයක් වන මී පැණි ලොවට අහිමි වීමට එතරම් කාලයක් ගතනොවනු ඇත.

මී පැණි තුන් ආකාරයකින් මිනිසාට ප්‍රයෝජනවත් වේ. ඒ ආහාර රස ගන්වන්නත්, ආහාර කල් තබාගන්නා ද්‍රව්‍යයක් හා ඖෂධයක් ලෙසය. මී පැණි කල් ඉකුත් නොවන ලොව ඇති එකම ඖෂධය යැයි කිවහොත් නිවැරැදිය. මී පැණි රතුවන් දුඹුරු පැහැති වන අතර මී පැණි කිසිදු ද්‍රව්‍යයක් සමඟ මිශ්‍ර වීමත් සිදුනොවේ. තවද ජලයේ ඇති බැක්ටීරියා විනාශ කිරීමේ ශක්තියද මී පැණිවලට ඇත. මී පැණි වෙනත් ද්‍රව්‍යයක් සමඟ එකතු වීමෙන් කිසිදු වෙනසකට භාජනයද නොවේ. එනම් මී පැණිවල ගුණය වෙනසක් නොවේ. නමුත් මී පැණි පානයේදී දිනකට හැඳි 2කට වඩා පානය නොකළ යුතුයි. ඊට වඩා පානය කරන්නේ නම් වෛද්‍ය උපදෙස් අනුව පානය කළ යුතුයි. මන්ද මී පැණි වැඩිදුර පානය කළ විට මත්වීම සිදුවේ.
පිරිසුදු මී පැණිවල විටමින්, යකඩ, තඹ, මැග්නීසියම්, සිලිකා, ක්ලෝරීන්, පොටෑසියම්, සෝඩියම් හා ජලය අඩංගු වේ. මිනිස් සිරුරේ වර්ධනයට ලෝහ පදාර්ථ අවශ්‍ය බැවින් මී පැණි මඟින් පහසුවෙන් ලබාගත හැක. උක් සීනි, බීට් සීනි භාවිතයෙන් ආමාශයට හා අන්ත්‍ර මාර්ගයට හානි සිදුවුවද මී පැණි භාවිතයෙන් එසේ කිසිදු හානියක් ශරීරයේ කිසිදු අවයවයකට සිදු නොවීම මී පැණිවල විශේෂ ගුණයකි.

මී පැණිවල ඖෂධීය ගුණ ගතහොත් විශාල ප්‍රමාණයක් පුරාණ වෙද පොත්වල සඳහන් වේ. ඒවා අතර ලේවල සීනි පාලනය කිරීම, ඉන්සියුලීන් වර්ධනය කිරීම, ආහාර රුචිය වර්ධනය වීම, වකුගඩු ක්‍රියාකාරීත්වය ක්‍රමවත් කිරීම, මිනිස් සිරුරේ ඇති අපද්‍රව්‍ය පිරිපහදු කිරීම හා තරුණ බව රැකගැනීමේ ශක්තියද මී පැණි ආහාරයට ගැනීමෙන් සිදුවේ.
මී පැණිවල ඇති ගුණ අතර අද්විතීය ගුණයක්ද වේ. මී පැණි මඟින් අනවශ්‍ය මේදය දහනය කර තරබාරු පුද්ගලයන් සිහින් ශක්තිමත් සිරුරක් ඇති අය බවට පත් කරන අතර සිහින් කෙසඟ සිරුරක් ඇති අය මහත ශක්තිමත් අය බවටද පත් කරයි. තවද මී පැණි වහා අවශෝෂණය හා පැතිරෙන ගුණයෙන් යුතු නිසා ශරීරය තුළ ඉක්මනින් ක්‍රියාකාරීත්වය අරඹයි. හොඳ බැක්ටීරියා නාශකයක් බැවින් මී පැණිවලට තුවාල ඉක්මනින් සුව කිරීමේ ශක්තියද ඇත.

තවද මී පැණි මඟින් මතක ශක්තිය උද්දීපනය කරන අතර උගුරේ ආසාදන සුවපත් කරමින් වෛරස්, බැක්ටීරියා හා දිලීර විනාශ කර දමයි. එමෙන්ම ප්‍රතිශක්තිකරණ පද්ධතිය උද්දීපනය කරයි.

මී පැණි රුව රැක ගැනීමටද බෙහෙවින් ප්‍රයෝජනවත් වන ද්‍රව්‍යයකි. ඒ මී පැණිවල ප්‍රතිජීවක ශක්තිය ඇති නිසාය. මී පැණි පානයෙන් රුව වඩවන අතර ලස්සන දිදුළන තොල් සඟලන්ද ලැබෙනු ඇත. මීට අමතරව සමේ අවපැහැය නවතී. සමේ තෙතමනය ආරක්ෂා වේ. සම නිරෝගිමත් කරවා, සම දීප්තිමත් කරවා, මුහුණේ කුරුලෑ ඇතිවීම වළක්වයි. සමේ ඇති මැරුණු සෛල ඉවත් කර අලුත් සෛල මතුකරයි. මීට අමතරව සම පිරිසිදු කරන ද්‍රව්‍යයක් ලෙසද මී පැණි හඳුන්වා ඇත.


වා, පිත්, සෙම් රෝග සඳහා අලුත් මී පැණිවලට වඩා පරණ මී පැණි සුදුසු බව පුරාණ පොතපතේ සඳහන් වේ. විෂබීජ නාශකයක් වන මී පැණි පිලිස්සුම් තුවාල, පිළිකා, ශ්වසන රෝග, වමනය, අතීසාරය හා නොයෙකුත් උදරාබාධ සුව කරනු ලබයි. තවද මල මුත්‍රා පිටවීම ක්‍රමවත් වන අතර ඇස් පෙනීම වැඩිදියුණු වේ. කටහඬ පැහැදිලි වීම, මුඛ සෞඛ්‍ය ඇතිවීම, සංධිගත ආබාධ දුරුවීම, හිස්හොරි වඳවී යෑම මී පැණිවල ප්‍රබල ඖෂධීය ගුණවේ.

මී පැණි පානයේදී වෛද්‍ය උපදෙස් පැතිය යුතු සේම පිරිසුදු තත්ත්වයෙන් උසස් මී පැණිද තෝරා ගැනීමට වගබලා ගත යුතුයි. කවලම් මී පැණි පානය කිරීම තුළින් ඉහත ඖෂධීය ඵල උපරිමයෙන් නොලැබී යනු ඇත. ඒ සඳහා පිරිසිදු මී පැණි හඳුනා ගැනීමේ ක්‍රමවේදයද දැනගත යුතුයි.

පිරිසුදු මී පැණි හඳුනා ගැනීමේ ක්‍රම ගණනාවක් පුරාණ පොතපතේ හඳුන්වා දී ඇත. ඒ අතර මී පැණි බින්දුවක් ඇඟිල්ලට ගත් විට කවලම් නැති පිරිසුදු මී පැණි ඇඟල්ල දිගේ බේරීම සිදුනොවේ. පිරිසුදු මී පැණි බිඳුවක් ළඟට ගිනි කූරක් දල්වා ඇල්ලූ විට ගිනි ගැනීම සිදුවේ. නමුත් කවලම් මී පැණි ගිනි ඇවිලීමක් සිදු නොවේ. මී පැණි පිරිසුදුදැයි පරීක්ෂා කරන තවත් ක්‍රමයක් වනුයේ මී පැණි බිඳුවක් කඩදාසියක් මතට හෙළීමයි. මී පැණි පිරිසුදු නම් එම මී පැණි බින්දුව කඩදාසියට උරා ගැනීම සිදුනොවේ. තවද පිරිසුදු කවලම් නැති මී පැණි ගබඩා කිරීමේදී බෝතලයේ කටින් උතුරන්නේ නැත. පිරිසුදු මී පැණි බරින් වැඩිය. කලවම් මී පැණි සාපේක්ෂව බරින් අඩුය. පිරිසුදු කලවම් නැති මී පැණි සුනඛයන් කිසිවිට අනුභව නොකරයි. මෙම කරුණු කාරණා මඟින් මී පැණි නිරීක්ෂණය කළ විට පිරිසුදු මී පැණි සොයාගත හැක.

කොතරම් ගුණදායක, අමුර්තය බඳු දිව්‍ය ඖෂධයක් වන මී පැණි විෂ වන අවස්ථාද බොහෝමයක් ඇත. මී පැණි භාවිතයේදී ඒවා පිළිබඳව හසළ දැනුමක් තිබිය යුතුය. මී පැණි කිසි විට උණු ආහාර සමඟ නොගත යුතුයි. මී පැණි උණු කිරීමද නොකළ යුතුයි. එසේ කළ විට මී පැණි විෂ වනු ඇත. තවද මී පැණි රාබු යුෂ සමඟ ආහාරයට ගැනීම, මී පැණි සමඟ මාළු වර්ග කෑම, මී පැණි හා ගිතෙල් සමාන ප්‍රමාණ ගෙන එකට පානය කිරීම, විවිධ තෙල් වර්ග සමඟ මී පැණි පානය කිරීම, මී පැණි විෂ වීමේ ක්‍රමවේ. මීට අමතරව මී පැණි ශීතකරණයේ තැබීමද නොකළ යුතුය. එවිට මී පැණි විෂ වීමක් සිදුනොවන අතර, මී පැණිවල ඇති ගුණ අඩුවී යයි. බිලිඳුන්ට මී පැණි දීමෙන්ද වැළකිය යුතුය.

හෙළ වෙදකම තුළ නැතිවම බැරි මෙම මාහැඟි ඖෂධය වෛද්‍ය උපදෙස් අනුව භාවිතා කර නිරෝගිමත්, සුන්දර, ක්‍රියාකාරී ජීවිතයක් හිමිකර ගන්න.

ජ්‍යොතිෂවේදී, දේශබන්දු ආචාර්ය මංජුලා පුෂ්පරාංගනී පල්ලෙබැද්ද, පානදුර

SendShareShare
Previous Post

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් සුරක්ෂිත ගෙවීම් ක්‍රම රැසක්

Next Post

නවිල් එන්ටර්ප්‍රයිසස්, අයිඩියල් ඔටෝමොබයිල් වෙතින් DAF ප්‍රයිම්මුවර් රථ මිලට ගනී

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.