• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

සමනල සිරසේ පිහිටි ශ්‍රී පාද සටහන මුලින්ම හොයාගත්තෙ කවුද

December 5, 2020
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
සමනල සිරසේ පිහිටි ශ්‍රී පාද සටහන මුලින්ම  හොයාගත්තෙ  කවුද
Share on WhatsAppShare on Facebook

එළඹෙන උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනයෙන් ආරම්භ වී ලබන වසරේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයෙන් අවසන් වෙන සිරිපා වන්දනා සමය දැන් දැන් උදාවෙමින් තිබේ. මේ ලියන මොහොත වෙනවිටත් මෙවර සිරිපා කරුණා කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටින උතුම් වූ බැතිමතුන් සංඛ්‍යාව දහස් ගණනකි. එහෙත් ඒ අතරින් වත්මන් බොහෝදෙනෙක් දැන සිටින්නේ ශ්‍රී පාදස්ථානය ඉහළ පිහිටි අප මහා බුදු රජුන්ගේ සිරිපතුලේ කතාව ගැන පමණි. නමුත් ඊට එහා ගිය කතා ගණනාවක්ම එහි සැඟවී ඇති බව එක්තරා වූ රහසකි. එවකට මේ සිරිපා කරුණා කිරීම පහසු වූයේ නැත. ඊට හේතුව සිරිපා කරුණා කිරීමට ඇති දැඩි දුෂ්කර බවයි. තම අවසන් කැමති පත්‍රය පවා ලියමින් සිරිපා කරුණාවේ ගිය එදා මිනිසුන් ගැන අප මීට ඉහත ලිපියකදී කියවන ඔබට පවසා තිබේ. එහි තවත් දිගුවක් ලෙස අපි මෙදා ඔබට කියන්නේ සිරිපා කරුණාවේ මුල් කාලීන ඉතිහාසය ගැනය. එය ඉතාම රසවත් කතාවකි.

ගෞතම බුදු රජුන් එදා ශ්‍රී පාදස්ථානය මත තමන් වහන්සේගේ සිරිපතුළ පිහිටුවීම පිළිබඳ කතා පුවත උන්වහන්සේ ජීවමානව සිටි සමය දක්වාම ඈතකට දිවයන්නකි. එදා තමන්ගේ ඒ බුද්ධත්වයෙන් අටවෙනි වසර උන්වහන්සේ කැලණියට වැඩමකළ අතර එහිදී සුමන සමන් දෙවියන්ගේ ආරාධනාවක් මත ශ්‍රී පාදය වෙතට වැඩම කළ බව පැවසෙයි. පසුව සුමන සමන් දෙවියන්ගේ ඉල්ලීම මත බුදු රජුන් තම වම් සිරි පතුල ශ්‍රී පාදස්ථානය මත පිහිටුවා තිබේ. ඒ බව අපේ හෙළ වංශකතාව වන මහාවංශය තුළ පහත ආකාරයෙන් සඳහන් වෙයි.

තත්ථ ධමමං දේසයිත්වා
සත්තා ලෝකානුකම්පකෝ
උග්ගන්ත්වා සුමනෝ කූටේ
පදං දස්සේසි නායකෝ

මහාවංශයේ පළමු පරිච්ඡේදයේ හැත්තෑ හත්වන ගාථාව වෙන එහි සරල අර්ථය වන්නේ ලොවට මහත් අනුකම්පා ඇති අප ශාස්තෘන් වහන්සේ එහිදී දහම් දෙසමින් ඊට පසු මැණික් මණ්ඩපයෙන් අහසට පැන නැඟී සුමන කූට පර්වතය මුදුනට වැඩම කොට එම පර්වත මස්තකයෙහි සිය පාද ලාංඡනය දක්වා වදාළ බවයි. එම විස්තරය අනුව අපට පෙනීයන්නේ මහාවංශය රචනා කළ ක්‍රි.ව. 5 වෙනි සියවස වෙන විට ශ්‍රී පාදස්ථානය ගැන මෙරට බෞද්ධ ජනතාව දැන සිටි බවයි.

මේ අතර මහාවංශයට පෙර සිට පැවතගෙන එන පුරාවෘත්ත අනුව පළමුවතාවට ශ්‍රී පාදස්ථානයේ බුදු රජුන්ගේ මෙම සිරිපතුල් ලාංඡනය සොයාගත් බවට විශ්වාස කරන්නේ වට්ඨගාමිණී අභය රජු හෙවත් වළගම්බා රජතුමාය. මෙය ඇතැමුන් විශ්වාස කරන තවත් අය බැහැර කරන කතාවකි. නමුත් එම කරුණ බොහෝ දුරට පිළිගත හැකි කරුණක් බව “විලියම් ස්ක්‍රීන්” මහතා “ශ්‍රී පාද සමනළ ජනප්‍රවාද පුරාවෘත්ත හා ඓතිහාසික තොරතුරු” යන නමින් ලියා තිබෙන ග්‍රන්ථයක සඳහන් කර තිබේ. ඔහු සඳහන් කරන පරිදි වළගම්බා රජතුමා රටේ පාලකයා වී මාස පහකින් පසු ආක්‍රමණයක් හේතුවෙන් රජකම ඔහුට අහිමි වූ බවත් ඒ හේතුව උඩ රජු වසර ගණනාවක් වනගතව අප්‍රකටව සිටි බවත් පවසයි. එම කාලයේදී එතුමා මේ සමනල අඩවියේද සිට ඇති අතර එහිදී රජතුමා ශ්‍රී පාද ලාංඡනය දැක එය යකඩ වැටකින් ආවරණය කළ බව සඳහන්ය. තවද වළගම්බා රජතුමා ආක්‍රමණ පලවා හැර නැවත රජ වූ පසුව සමනල කන්දට ගොස් එය භික්ෂු සංඝයා උදෙසා ආරණ්‍ය සේනාසනයක් ලෙස පත්කළ බවත් ග්‍රන්ථයේ දක්වා තිබේ.

සබරගමුව පළාතට අයත් රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ශ්‍රී පාදස්ථානය පිළිබඳ බොහෝමයක් වන ඓතිහාසික තොරතුරු මුඛ පරම්පරාගතව ආ ඒවාය. ඒ අනුව ශ්‍රී පාදස්ථානය ගැන පළමු ලිඛිත සටහන එදා හමුවන්නේ මහාවංශයේ ඇති 58 වෙනි වූ පරිච්ඡේදය තුළය. එහි සඳහන් ආකාරයට පළමුවෙනි විජයබාහු රජතුමා ශ්‍රී පාද වන්දනාවේ ගිය බව සඳහන්ය. ඒ බව වළගම්බා රජතුමාගේ “අඹගමුව” ශිලා ලිපියෙන්ද තහවුරු වෙන කරුණකි. එදා සිරිපා කරුණා කරන අය සඳහා දන් වැට පිණිස ගිලීමලය වෙන් කරදුන් බවත් ඌව මාර්ගයෙන් එන අය සඳහා දානශාලා ඉදිකර දුන් බවත් එම ලිපියේම කෙසෙල්ගමුව ඔස්සේ එන අය සඳහාද දාන ශාලා ඉදිකළ බවත් සඳහන්ය. එපමණක් නොව රජතුමා හීන කුලවල මිනිසුන් සඳහා වෙනම මළුවක් කළ බවද “අඹගමු ලිපියේ” දැක්වෙයි. අඹගමු ලිපියේ දැක්වෙන එම කරුණ නම් එවකට කුලභේදය පැවති බවට හොඳම සාක්ෂියකි.

දැදිගම ඉපදී පොළොන්නරුවේ රාජ්‍ය÷ත්ව÷යට පත් මහා පරාක්‍රමබාහු රජතුමා සංඝයා වහන්සේ පිරිවරා ගෙන ශ්‍රී පාද වන්ද÷නාවේ ගිය බවට “රාජාවලිය” තුළ සඳහන් වෙයි. එතුමා ශ්‍රී පාදස්ථාන කඳු මුඳුනේ සමන් දෙවියන් උදෙසා දේවාලයක් ඉදිකළ බවද එහි සඳහන් තවත් එක් කරුණකි. මේ අතර පොළොන්නරුවේ රජ කළ නිශ්ශංකමල්ල රජතුමාද තම හමුදාව සමඟ ශ්‍රී පාද වන්දනාවේ ගිය බවට ඔහුගේ “පොළොන්නරුව හැටදාගේ ලිපිය” තුළ සඳහන්ව තිබේ. දඹදෙණියේ රජ කළ දෙවෙනි පරාක්‍රමබාහු රජතුමාද ශ්‍රී පාදස්ථානය වෙතට මාර්ගයක් කරවා පින්කම් සිද්ධ කරගත් බව “චූලවංශය” තුළ සහ “පූජාවලිය” තුළ සඳහන්ව ඇත. මේ අතර පොළොන්නරු යුගයෙන් පසු පැවති යුගවල මෙම ශ්‍රී පාදස්ථානය යනු ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ බෞද්ධ සිද්ධස්ථානයක්ව තිබූ බව නොරහසකි.



මේ අතර බුදු රජුන් එවකට සමනල කන්දේ තම සිරිපතුල පිහිටුවීම පිළිබඳව විස්තරයක් ගම්පොළ යුගයේ ලියා තිබෙන සද්ධර්මාලංකාරයේ සඳහන්ව ඇත. එහි සඳහන් ආකාරයට බුදු රජුන් මණිඅක්ඛිත නම් නාග රජුගේ ආරාධනයෙන් වෙසක් පුන් පොහෝ දින ලක්දිවට වැඩ ඔහු විසින් මැවූ රත්න මණ්ඩපයේ වැඩහිඳ දන් වලඳා අනතුරුව සමන්තකූට පර්වතයට වැඩ සිරිපා පිහිටුවා වදාළ බව දක්වා තිබේ. මේ අතර සීතාවක රජකම් කළ පළමුවෙනි රාජසිංහ රජු වරක් ශ්‍රී පාදස්ථානය ශිව භක්තිකයන්ට පවරා ඇති අතර දෙවෙනි රාජසිංහ රජ දවස මෙරට සිරකරුවෙකුව සිටි රොබට් නොක්ස් ඔහුගේ “එදා හෙළදිව” ග්‍රන්ථයේ ශ්‍රී පාදස්ථානය ගැන පහත පරිදි සඳහන් කර ඇත.

“මේ ශුද්ධ පර්වතය පිහිටා ඇත්තේ කන්දේ නුවරට දකුණිනි. ඊට සමනල කන්ද යයි කියති. බුදුන් අහසින් වැඩ මෙහි ශ්‍රී පාද පිහිටුවා ඇති බව පිළිගනු ලැබේ…”

එවකට කෝට්ටේ යුගය වෙන විට ශ්‍රී පාදස්ථානය අතිශයින්ම ප්‍රචලිත ස්ථානයක්ව පැවැති බවට සාධක හමුවෙයි. එකල ලියැවී ඇති බොහෝමයක් වූ සංදේශ කාව්‍ය තුළ මේ ශ්‍රී පාදස්ථානය ගැන සඳහන්ව තිබීම එයින් එක් සාධකයකි. ඒ අනුව එදා රාහුල හිමියන් ලියූ “සැළලිහිණි සංදේශය” තුළ මෙසේ සඳහන් වෙයි.

සුර රද සමන් සමඟින් සුරඟන එවර
පැහැ නද මදාරා පරසතු මල් පතර
කර පුද වඳින රැඳි මුනි සිරිපා තඹර
සකි සඳ පෙනේ සමනල ගල නැගෙනහිර

රාහුල හිමියන් ලියූ “සැළලිහිණි සංදේශය” තුළ එසේ සඳහන් වෙන විට “හංස සංදේශය” ලියූ කතුවරයාද කැලණි ගඟ විස්තර කරන්නේ සමනල කඳු මුදුනට බුදු රජාණන් වහන්සේ වැඩම කළ ආකාරය සිහි කරමිනි.ඒ බව හංස සංදේශයේ පැහැදිලිව සඳහන්ව ඇත. මේ අතර පැරකුම්බා සිරිත තුළද ශ්‍රී පාදස්ථානය වැඳපුදා එන මගියෙකු සහ බමුණෙකු අතර සිදු වන දෙබසක් දැක්වෙයි. එය පහත පරිදිය.

කියඟ මගිය එනු කොහි සිට
දද සමනල ගොසිනා…
කිමෙක අමුතු එදිග බමුණු
සුමන සුරිඳු විසිනා…
ගිය කල දෙදහස් පන්සිය
රජෙකු එනැයි දියනා…
කියැවිය නන් වැසිය එනමා
පැරැකුම් රජ මෙදිනා…

ශ්‍රී ලාංකීය ඉතිහාසයේ සඳහන් ආකාරයට සිරිපා වන්දනාව පොදු ජන චාරිත්‍රයක් බවට පත් වූයේ මීට සියවස් ගණනාවකට පෙරය. මේ අතර ජනප්‍රවාදයේ භාතිකාභය රජු දවස ශ්‍රී පාදස්ථානය සොයාගත් බව පැවසෙයි. නමුත් එය ජනප්‍රවාදයක් පමණි. මේ අතර “හිමගත වර්ණනාව” නම් කවි පොතේ කතුවරයාද සඳහන් කරන්නේ සුරඟනක් විසින් භාතිකාභය රජුට ශ්‍රී පාදස්ථානය පෙන්වූ බවයි. එහෙත් ඒවා විශ්වාස කළ නොහැකි දේවල්ය. එනම් පුහු ජනප්‍රවාදයන්ය. මේ අතර මහාවංශයට පමණක් දෙවෙනි “දීපවංශය” තුළ භාතිකාභය රජතුමා බොහෝ පින්කම් ආදිය කළ බව සඳහන් වුවද ශ්‍රී පාදස්ථානය සොයාගත් බව සඳහන් නොකරයි. ඒ අනුව පෙනීයන්නේ භාතිකාභය රජු හා සම්බන්ධ කියමන ජනප්‍රවාදයක් පමණක්ම බවයි.

රුවන් එස්. සෙනවිරත්න

SendShareShare
Previous Post

ක්‍රිෂාන් දසනායක ශ්‍රී ලංකා MDRT සාමාජිකත්ව සන්නිවේදන කමිටුවේ සභාපති ධුරයට

Next Post

මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි රංජිත් කොඩිතුවක්කු මහත්වරු අස්ගිරි මහනාහිමි හා මල්වතු අනුනාහිමියන් බැහැදකිති

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

තනතුරේ හයිය අරන් මෙයාගේ හැසිරීම....Sri Lanka Latest News

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.