• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘ස’ ෆේල් – ‘ස’ පාස්: ඩිජිටල් යුද්ධයෙන් දින්නේ හරීන්ද-ඉරාජ්ද?

December 4, 2020
in Exclusive, Uncategorized
Reading Time: 4 mins read
A A
‘ස’ ෆේල් – ‘ස’ පාස්: ඩිජිටල් යුද්ධයෙන් දින්නේ හරීන්ද-ඉරාජ්ද?
Share on WhatsAppShare on Facebook

පසුගිය දින කිහිපයේදී ආණ්ඩුව සහ ජනාධිපතිවරයා විවේචනය කිරීම සඳහා විපක්ෂය යොදා ගත් ප්‍රධානම ප්‍රකාශය වන්නේ “සර් ෆේල්” යන්නය. මේ ප්‍රකාශය කෙතරම් ප්‍රබලව සමාජ ගත වූයේද යත්, අය වැය විවාදය අතරතුරදී රජයේ ප්‍රබල ඇමැතිවරු බොහෝ දෙනකු උත්සාහ කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා අසමත් නොමැති බව ඔප්පු කර පෙන්වීමටය. ඒ සම්බන්ධයෙන් පිළිතුරු දීමට ගෝඨාභය රාජපක්ෂ මහතාටම සිදු වන තරමටම “සර් ෆේල්” යැයි පළ වූ ප්‍රකාශය බරපතළ විය. සැබවින්ම ජනාධිපතිවරයා සමත්ද, අසමත්ද යන්න කෙරෙහි කතිකාවතක් මේ වන විට සමාජයේද නිර්මාණය වී ඇත.
විපක්ෂය නියෝජනය කරමින් මෙම ප්‍රකාශය පළමු වරට සිදු කළේ සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාය. රට තුළ බොහෝ මතවාද ඇති කිරීමට සමත් වූ “සර් ෆේල්” යන ප්‍රකාශය නිර්මාණය වූ ආකාරය සහ එහි පසුබිම සම්බන්ධයෙන් ප්‍රනාන්දු මහතා අප සමඟ අදහස් දැක්වූයේ මෙසේය.

“කලින් හැම දෙනාම කිව්වේ රෙස්පෙක්ට් සර් කියලනේ. ඒක තමයි සමාජ ගත වෙලා තිබුණේ. ඒත් රජය දිගින් දිගටම කටයුතු කරන විදිය දකිද්දී දැන් මොකක්ද කියන්නේ කියන එක මිනිසුන්ට ප්‍රශ්නයක් වුණා. ඒ වෙනුවෙන් තමයි අපි සර් ෆේල් කියන වදන ගෙනාවේ. ඇත්තටම මුලින් ඕක අපි ගෙනාවේ ස ෆේල් කියලා. ජනාධිපතිවරයාගේ නම යොදා ගන්නේ නැතිව එතුමාට අපහාසයක් වෙන්නේ නැති වෙන්න තමයි අපි ඒක කළේ. නිලධාරියෙක් ෆේල් කියන්නේ ඔහුට ඉදිරියක් නැහැ කියන එක.
පසුගිය නොවැම්බර් 01 වැනිදා ඉඳන් විපක්ෂය විදියට හැම දෙනාම මේ ප්‍රකාශය කරන්න අපි තීරණය කළා. මොකද අපි ආණ්ඩු කරද්දී විපක්ෂයේ හිටිය අය කළෙත් ඕකමයි. මහ බැංකු හොරු මහ බැංකු හොරු කියන එක නිතර ජප කෙරුවා. ඒ හරහා බැඳුම්කරය කියන්නේ මොකක්ද කියලා නොදන්න ජනතාවගේ හිත් තුළ පවා ආණ්ඩුව මහ බැංකුව හොරකම් කළා කියලා ජනමතයක් ඇති වුණා.
ස ෆේල් කියන එක අපිත් ජනතාව අතරට අරන් ගියා. සමාජ මාධ්‍ය, රූපවාහිනී මාධ්‍ය වගේ හැම දෙයක්ම ඒ සඳහා යොදා ගත්තා. දැන් ජනතාව ඒක අල්ලගෙන යනවා. විපක්ෂය විදියට අපි අපේ කාර්ය භාරය තමයි ඉටු කළේ.” ප්‍රනාන්දු මහතා අදහස් දැක්වූයේ එසේය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ වරක් ෆේල් වූවද ඕනෑම අයෙකුට නැවත පාස් වීමේ හැකියාවද පවතින බවය.
“පළමුවර සාමාන්‍ය පෙළ අසමත් වන කෙනකුට නැවත දෙවැනිවර විභාගයට මුහුණ දීලා ඉතාම ඉහළින් සමත් වෙන්න පුළුවන්. අපි ජනාධිපතිතුමාට කියන්නෙත් ඒකයි. මුලින් තමන් අතින් වුණු වැරැදි තේරුම් ගන්න ඕනෑ. මම ඩිජිටල් අමාත්‍යාංශය බාරව ඉන්න කාලේ සිද්ධ වුණු ඇතැම් වැරැදි ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මම කියන්නේ මේකයි. නරක යාළුවෝ ටිකක් එක්ක රෑට පාඩම් කරන්න ගිහින් වැරැදි වැඩ කෙරුවොත් ෆේල් වෙනවා. නමුත් ඒ නරක යාළුවෝ ටික අයින් කරලා හරියට වැඩ කෙරුවොත් ඊළඟ සැරේ පාස් වෙන්න පුළුවන්. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ පළමුවැනි අවුරුද්ද තමයි අපි ෆේල් කියන්නේ. හැබැයි හරියට වැඩ කරලා ඊළඟ අවුරුද්දෙදි පාස් වෙන්න එතුමාට අවස්ථාව තියෙනවා.” ප්‍රනාන්දු මහතා අදහස් දැක්වූයේ එසේය.

ජනාධිපතිවරයා සහ රජය විවේචනය කිරීම සඳහා විපක්ෂය ගෙන යන ක්‍රියාමාර්ග දිනෙන් දින ඉහළ යෑම මත සමාජ මාධ්‍ය ඔස්සේ විපක්ෂයේ දේශපාලනඥයන්ට මඩ ගැසීම සඳහා වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට රජයේ පාර්ශ්වය සැලසුම් කර ඇති බව වෙබ් අඩවි කිහිපයක් කරුණු වාර්තා කර තිබිණි. එම වැඩපිළිවෙළ බාර දී ඇත්තේ ජනප්‍රිය ගායන ශිල්පී ඉරාජ් වීරරත්න මහතාට වන බවද, එම වෙබ් අඩවි කරුණු දක්වා තිබිණි. ඉරාජ් වීරරත්න මහතා යනු ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කර්තව්‍යයක් ඉටු කළ පුද්ගලයකි.

‘එමෙන්ම නව රජය පත් වීමෙන් පසු වීරරත්න මහතාට රජයේ උසස් තනතුරු දෙකක් ලබා දුන් බවටද මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා විණි. අප ඉරාජ් වීරරත්න මහතා ඇමතුවේ වෙබ් අඩවි ඔස්සේ වාර්තා වී තිබූ තොරතුරුවල සත්‍ය අසත්‍යතාව විමසා බැලීමේ අරමුණෙනි.

“ඒක සම්පූර්ණයෙන්ම බොරුවක්. මොකද මම රජයේ කොන්ත්‍රාත් කරන කෙනෙක් නෙවෙයි. ඒ වගේම කාගෙවත් ප්‍රචාරණ වැඩ කරන කෙනෙකුත් නෙවෙයි. මම දේශපාලනඥයෙකුත් නෙවෙයි. මම ගායකයෙක්. මට මගේ සින්දු තියෙනවා ඕනෑ තරම් ප්‍රචාරණ කටයුතු කරන්න. එක රටක් එක නීතියක් ඇති කරන්න අපි පෙනී හිටියා. ඒ වෙනුවෙන් අපිට හිටිය එකම විකල්පයට අපි සහයෝගය දුන්නා. මොකද අපිට වෙන විකල්පයක් තිබුණේ නැහැ. ඒ හින්දා ඒ වෙනුවෙන් අපි පෙනී හිටියා. ඒ වෙලාවේ සජිත් ප්‍රේමදාස මහත්තයා දිනුවා නම් අද වෙද්දී කොරෝනා හැදිලා ගොඩක් අය මැරිලා. හැබැයි එතැනින් එහාට මේ රජය වෙනුවෙන් අපි පෙනී හිටින්නේ නැහැ. මම රජයේ තනතුරු දෙකක් ගත්තා කියලා මාධ්‍ය වාර්තා කළා. ඒත් මට මුලින් දුන්නු තනතුර මම බාර ගත්තේ නැහැ. නමුත් තරුණයෝ වෙනුවෙන් දෙයක් කරන්න කියලා නාමල් රාජපක්ෂ ඇමැතිතුමා කෙරුව ඉල්ලීම මම බාර ගත්තා.”
එලෙස අදහස් දැක්වූ වීරරත්න මහතා ආණ්ඩුවේ ඉදිරිය ගැන අදහස් දැක්වූයේ මෙසේය.
“ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ රටට හොඳ දෙයක් කරයි කියලා මට තවමත් විශ්වාසය තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට 2025 තෙක් ජනාධිපති ධුරයේ බලය තියෙනවා. එතුමා දිගින් දිගටම ඒ ධුරයේ ඉඳියි කියලා මම හිතන්නේ නැහැ. ඒ හින්දා ඉදිරියේදී එතුමා ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගොඩක් ගනීවි. හැබැයි ඒ තීරණ රටේ අනාගතයට ඉතාම වැදගත් වේවි කියල අපිට විශ්වාසයි.”
මේ අතර ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරුන් කටයුතු කරන ආකාරය කෙරෙහි තමන්ගේ ප්‍රසාදයක් නොමැති බවද වීරරත්න මහතා සඳහන් කර සිටියේය.
“සිංහල බෞද්ධ බහුතර ජනතාව තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට බලය ලබා දුන්නේ. එක රටක් එක නීතියක් යටතට රට ගෙන ඒම තමයි ඡන්දය දුන්නු අයගේ බලාපොරොත්තුව වුණේ. අපි බුර්කාවට විරුද්ධයි. ළමා විවාහවලට විරුද්ධයි. නැගෙනහිර පළාතේ බෞද්ධ විහාර කඩා දමද්දී අපි විරුද්ධ වුණා. ඒ වගේ අරමුණකින් පත් කෙරුව ජනාධිපතිවරයෙක් යටතේ ඇතැම් ඇමැතිවරු වැඩ කරන විදිය ගැන අපිට එකඟ වෙන්න බැහැ. අපි මේ ගැන ජනාධිපතිතුමාව දැනුවත් කරලා තියෙනවා. ඒ ගැන එතුමා ඉක්මනින්ම පියවරක් ගනීවි කියලත් අපි බලාපොරොත්තු වෙනවා.” වීරරත්න මහතා අදහස් දැක්වූයේ එසේය.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ආසියාවෙ ලොකුම එකක්: මෛත්‍රිපාලගෙ වැඩක්

Next Post

ඉරාජ්ගෙ වීඩියෝවකින් පසු මාලිංග වහාම උත්තර දෙයි (VIDEO)

MORE NEWS

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

Load More
යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

‘යසපාලිත නිර්මාණයක්… රස සාගරයක්…’ මේ, අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාරගේ පියා යසපාලිත නානායක්කාර අධ්‍යක්ෂණය කරන චිත්‍රපටවලට දමන ස්ලෝගන් එක නොහොත් ප්‍රචාරක...

Read more
රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.