වකුගඩු රෝගයෙන් පීඩාවිදින දිවයින පුරා දිස්ත්‍රික්ක රැසක ජනතාවට තිබූ දීර්ඝ කාලීන අවශ්‍යතාවයක් සපුරාලමින් දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල ලෙස පොළොන්නරුව මහ රෝහලට නුදුරු ව ඉදිකෙරුනු චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල තව නොබෝ දිනකින් ජනතා අයිතියට පත්වනු ඇත.
2018 ජූලි 21 වන දින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් මුල් ගල් තබමින් වැඩ ආරම්භ කළ ජාතික වෘක්කවේද විශේෂිත රෝහලෙහි ඇඳන් 204කින්, රුධිර කාන්දුකරණ යන්ත්‍ර 100කින්, වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යාගාර ඇතුළු ලොව නවීනතම පරික්ෂණාගාර සහ අධිතාක්ෂණික පහසුකම්වලින් සමන්විතය.













