වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් සිය කාඞ්පත් හිමියන්ට නිවෙසේ සිට සාප්පු සවාරි අත්දැකීමක් ලබා ගත හැකි බව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙරට ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළෙඳසැල් සහ මාර්ගගත (online) අලෙවිසැල් සමඟ අත්වැල් බැඳ ගනිමින් විශේෂ ප්‍රතිලාභ රැසක් හා පහසු වාරික ගෙවීමේ සැලසුම් සහිත සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනක් හඳුන්වාදී ඇති බව නිවේදනය කර ඇත.
මේ අනුව, තෝරා ගත් වෙළෙඳ සහකරුවන් සමඟ ගනුදෙනුකාරභවතුන්ට 50%ක් දක්වා සුවිශේෂී වට්ටම් ලබා ගත හැකි බව HNB දන්වා සිටී. 2020 දෙසැම්බර් 31 දක්වා මාස 3, 6 හා 12ක කාලයක් සඳහා සියලුම රක්ෂණ, සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපන ආයතන සමඟ රුපියල් 10,000 සිට රුපියල් මිලියනයක් අතර සිදු කරනු ලබන ගනුදෙනු සඳහා 0% වාරික ගෙවීමේ විකල්පයක් ද බැංකුව හඳුන්වා දී ඇත.
HNB ණයපත් හිමියන්ට www.keellssuper.com වෙතින් රුපියල් 2500/=ට වැඩි වටිනාකමින් යුතු ඇණවුම් හතරක් බෙදා හැරීමේදී අය කරන ගාස්තුව සඳහා ආපසු මුදලක් හිමි වනු ඇත. එමෙන්ම, E-order, වට්ස්ඇප් හා ඇමතුමක් ලබා දී ඇණවුම් කිරීමේ පහසුකම් ඇති ආර්පිකෝ සුපිරි වෙළෙඳසැල් වෙතින් රුපියල් 3000/=කට වැඩි වටිනාකමින් යුතු මිලදී ගැනීමකදී මුළු බිල්පත් වටිනාකමින් 10%ක වට්ටමක්ද PickMe හරහා සිදු කරනු ලබන උපරිම ඇණවුම් පහක් සඳහා රුපියල් 200ක වට්ටමක්ද ණයපත් හිමියන්ට හිමි වනු ඇත. 2020 නොවැම්බර් 30 වැනිදා දක්වා කාලය තුළ මෙම ප්‍රවර්ධනය ක්‍රියාත්මක වේ.











