විශේෂයෙන් පුරාණයේ ඉහළ පිළිගැනීමක් හිමිවූ නිමිති හා පෙරනිමිතිවල බෙදීම් ගණනාවකි. ඒ කෙසේ මුත් ඇතැම් පෙර නිමිතිවල සුවිශේෂත්වය වනුයේ යම් යම් උපක්‍රම අසුබත්වය යම් පමණ හෝ සම්පූර්ණයෙන්ම හෝ වළකා ගැනීමටත් හැකි වීමයි. එකී තත්ත්වයනට නිදසුන් ලෙස පිරුණු දිය බඳුන් ඉදිරියට ගෙන ඒමට සැලැස්වීම, දර්ශනීය සත්ව රූප මෙන්ම දර්ශන දැකීමට සැලැස්වීම, පිරිත්, ජයමංගල ගාථා, මඟුල් බෙර හඬ, සක් හඬ ඇසීමට සැලැස්වීම ආදිය දැක්විය හැකිය.
බෞද්ධ දර්ශනය, බුදුදහම සේම බෞද්ධ සාහිත්‍යය තුළ නිමිති සම්බන්ධව සඳහන් වන අවස්ථා ගණනාවකි. ඒ අතර මහාමායා දේවිය දුටු සිහින, සිදුහත් කුමරුන්ගේ දුටු ගත ලකුණු, සිදුහත් කුමරුන් දුටු සතර පෙර නිමිති, බුදුන් වහන්සේ බුද්ධත්වයට පෙර දුටු සිහින, කොසොල් මහ රජු දුටු සොළොස් මහා සිහින ආදිය මූලිකය. සිහින පියවි ඇසට නොපෙනුණත් පෙර නිමිති සේ සැලැකේ. එය එසේ වූත්, ‘කිං කරිස්සන්ති තාරකා’ හෙවත් අහසේ තිබෙන තාරකා ආදියට කුමක් කළ හැකිද? යනුවෙනුත් නිමිත්තට මුල් තැන නොදිය යුතුය යනුවෙනුත් බුදුන් වහන්සේ භික්‍ෂුන් වහන්සේ අරබයා දේශනා කොට ඇත්තේ උතුම් වූ නිවනට බාධාවක් වී සසර ඇලෙන නිසාවෙන් විනා ජ්‍යොතිෂය නිමිති ආදී කොට ඇති උතුම් වටිනා දිව්‍යමය ශාස්ත්‍ර අසත්‍ය යැයි, හරසුන් යැයි අර්ථකථනය කිරීමට නම් නොවේ. එසේම ‘බල සුබ නිමිති පෙරමඟ නැකැතටත් වැඩී’ යනුවෙන් සඳහන් වුවද සම්බුද්ධ දේශනාව තුළ ගැබ්ව ඇති ගැඹුරු අරුත නම් නැකැත් බලමින් වැඩ කල් නොදමා අප්‍රමාදීව වීර්යයෙන් කටයුතු කළ යුතු බවයි. එනම් උන්වහන්සේගේ දේශනාව නැකැත යනු වැඩ කිරීම යනුයි.
නිමිති සම්බන්ධයෙන් බලන කල බුදුන් වහන්සේගේ දේශනාව නිමිතිවල වහලෙකු නොවිය යුතු බවත් කර්මයට මුල් තැන දිය යුතු බවත්ය. එනමුත් ජ්‍යොතිෂයත් නිමිතිත් කරණකොට ලැබිය හැකි සුබ – අසුබ, විපාක නුවණින් සිතා බලා තේරුම් ගෙන යම් දුර්විපාකයක්, අනතුරක් වේ නම් ඉන් නුවණක්කාරීව ආරක්‍ෂා විය යුතු බවත්ය. මේ බව සවිස්තරව සූත්‍ර පිටකයේ උපාසක චණ්ඩාල සූත්‍රයේත්, මහානාම සූත්‍රයේත් සඳහන් වෙයි. එසේම බුදු දහම දිට්ඨ මංගල, සුබ මංගල හා වෘත මංගල ලෙස උදෑසන පළමුව දකින, ඇසෙන, දැනෙන, සිතෙන දේ නිමිති කරනොගත යුතු බව පැහැදිලි කරයි. බුදු දහම අනුව සිල්වත් ශ්‍රමණ දර්ශනය ආදී කොට ඇති මංගල කරුණු 38ක් මංගල සූත්‍රයේ සඳහන්ය. මේ සියල්ලට පරිබාහිර බුදුන් වහන්සේ පිළිබඳ වූ ඉපදීම, බුදුවීම, පිරිනිවීම යන අවස්ථාවන්හිදී විශේෂයෙන් පහළ වන මහපොළොව කම්පා වීම ආදී කොට ඇති පෙර නිමිති 32කි. එපමණක් නොව භාවනානුයෝගීව සිටින යම් යෝග්‍යවරයකුට සිත සමාධිවීම ආසන්නයෙහි ලැබෙන නිමිති තුන් වර්ගයක් සම්බන්ධව බුදුදහමේ සඳහන්ය. ඒ පරිකම්ම, උග්ගහ හා පටිභාන නිමිත්ත යනුවෙනි. එසේම ඉහත සඳහන් වූ පරිදි දිට්ඨ, සුත හා මෘත මංගල යැයි සඳහන් වූයේ සම්මත ක්‍රම තුනකින් ගනු ලැබෙන හිස් කරුණු බව බුද්ධ දේශනාවයි.
නිමිති වර්ගීකරණයේදී සුබ – අසුබ නිමිති සේම පෙර නිමිතිද බොහෝය. ඉහත සඳහන් වූයේ බහුලව අසන්නට, දකින්නට මෙන්ම සිතෙන, දැනෙන දේය. මීට පරිබාහිරව යම් නිමිත්තක් හෝ පෙර නිමිත්තක් වේ නම් එය කවර වර්ගයක අයත් වේද එය සුබද, අසුබද යන්න සිතාගත යුතුය. තවද නිමිති සම්බන්ධ විග්‍රහයේදී පින් – දහම් සිදුකර කුසල් වඩවා ගැනීමට කරනු ලබන අනුබලදීම් වශයෙන් සම්මා සම්බුදුවරයකු ලොව පහළ වීමට අවුරුදු දහසකට පෙර සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයකු සිදුකරන බුද්ධ කෝලාහලයත්, සක්විති රජෙකු බිහිවීමට අවුරුදු සියයකට පෙර කාමාවචර දෙවි කෙනකු සිදුකරනු ලබන දේශනාවත් කල්ප විනාශයට අවුරුදු ලක්‍ෂයක් තිබියදී, කාමාවචර දෙවියකු සිදුකරන දේශනාවන් පූර්ව නිමිති ගණයේ ලා වැටේ.
පෙර නිමිති තව තවත් ගැඹුරින් විග්‍රහ කරන කල මිනිස් ලොවට පමණක් නොව දෙව් ලොවටත් පෙර නිමිති අදාළය. එනම් දෙව් ලොවින් යම් දෙවියෙක් හෝ දෙවඟනක් චුතවීමට මිනිස් ලොව ආයු කාලයෙන් සතියකට පෙර චුත වීමේ පෙරනිමිති ලෙස දිව්‍යමය සළු කිලිටි වීම, පැලැඳි මල්මාලා පරවී යෑම, අතිශයින් ප්‍රභාමත් ශරීර ශෝභාව නැති වීම, දිව්‍ය මාලිගා, දිව්‍ය සැප රිසි නොවීම, දහදිය වැගිරීමට පටන් ගැනීම, අසුන රුචි නොවීම ආදිය දැක්විය හැකිය. තවද අතීතයේ ගැමි නිවෙස්වල වූ ප්ලැටිපස්කරණයට අයත් වන කොල්ලා, බල්ලා, බළලා, කුකුළා ගවයා ආදීන්ගෙන් බහුතරයද සුබ – අසුබ පෙර නිමිති කියා පෑහ. ඒ බොහෝ සතුන් අධි සංවේදී වූ නිසාවෙනි. ඊට හේතු වූයේ ඒ සතුන් සතු වූ ඉව, ශ්‍රවණය හා පෙනීමය. එකල සමාජයේ පැවැත්මට එම පෙර නිමිති බොහෝ සෙයින් උපකාරී විය. කෙසේ නමුත් දුර ඈත අතීතයේ සිට අද දක්වා බහුලව භාවිතාවන අත්දුටු සත්‍ය වූ පෙරනිමිති බොහෝය.
කෙසේ නමුත් නිමිතිත්, පෙරනිමිතිත්, දේශීය වෛi විiාවේ විශේෂයෙන් සර්ප විෂ වෛi විiාවේ දූත ලක්‍ෂණ ලෙස භාවිතය වෙයි. එහිදී දෂ්ඨ කළ සර්පයන් වැදී ඇති දළ ගණන් සුවවේද? නොවේද? අසාධ්‍යයද? මියයාද? යන්නත් පෙර නිමිති හා දූත ලක්‍ෂණ මත තීරණය කරනු ලබයි. ඔබත්, ඔබේ ඉඩමේ, නිවෙසේ හෝ අවට පරිසරයේ සිදුවන වෙනස්වීම්, ලකුණු පෙර නිමිති ලෙස කල්තියා දැක ඒ පිළිබඳ දැනුවත්ව නිවැරැදි අවබෝධයෙන් යුතුව සැලකිලිමත් වීම තුළ සිදුවන විපත් හෝ අවැඩ අවම කර හෝ වළකාගන්න.
ජ්‍යොතිෂවේදී මහේන්ද්‍ර පල්ලෙබැද්ද











