• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඇත්ත නැත්ත හරියට කියන නිමිති සහ පෙරනිමිති

November 28, 2020
in Astrology
Reading Time: 1 min read
A A
ඇත්ත නැත්ත හරියට කියන නිමිති සහ පෙරනිමිති
Share on WhatsAppShare on Facebook

විශේෂයෙන් පුරාණයේ ඉහළ පිළිගැනීමක් හිමිවූ නිමිති හා පෙරනිමිතිවල බෙදීම් ගණනාවකි. ඒ කෙසේ මුත් ඇතැම් පෙර නිමිතිවල සුවිශේෂත්වය වනුයේ යම් යම් උපක්‍රම අසුබත්වය යම් පමණ හෝ සම්පූර්ණයෙන්ම හෝ වළකා ගැනීමටත් හැකි වීමයි. එකී තත්ත්වයනට නිදසුන් ලෙස පිරුණු දිය බඳුන් ඉදිරියට ගෙන ඒමට සැලැස්වීම, දර්ශනීය සත්ව රූප මෙන්ම දර්ශන දැකීමට සැලැස්වීම, පිරිත්, ජයමංගල ගාථා, මඟුල් බෙර හඬ, සක් හඬ ඇසීමට සැලැස්වීම ආදිය දැක්විය හැකිය.

බෞද්ධ දර්ශනය, බුදුදහම සේම බෞද්ධ සාහිත්‍යය තුළ නිමිති සම්බන්ධව සඳහන් වන අවස්ථා ගණනාවකි. ඒ අතර මහාමායා දේවිය දුටු සිහින, සිදුහත් කුමරුන්ගේ දුටු ගත ලකුණු, සිදුහත් කුමරුන් දුටු සතර පෙර නිමිති, බුදුන් වහන්සේ බුද්ධත්වයට පෙර දුටු සිහින, කොසොල් මහ රජු දුටු සොළොස් මහා සිහින ආදිය මූලිකය. සිහින පියවි ඇසට නොපෙනුණත් පෙර නිමිති සේ සැලැකේ. එය එසේ වූත්, ‘කිං කරිස්සන්ති තාරකා’ හෙවත් අහසේ තිබෙන තාරකා ආදියට කුමක් කළ හැකිද? යනුවෙනුත් නිමිත්තට මුල් තැන නොදිය යුතුය යනුවෙනුත් බුදුන් වහන්සේ භික්‍ෂුන් වහන්සේ අරබයා දේශනා කොට ඇත්තේ උතුම් වූ නිවනට බාධාවක් වී සසර ඇලෙන නිසාවෙන් විනා ජ්‍යොතිෂය නිමිති ආදී කොට ඇති උතුම් වටිනා දිව්‍යමය ශාස්ත්‍ර අසත්‍ය යැයි, හරසුන් යැයි අර්ථකථනය කිරීමට නම් නොවේ. එසේම ‘බල සුබ නිමිති පෙරමඟ නැකැතටත් වැඩී’ යනුවෙන් සඳහන් වුවද සම්බුද්ධ දේශනාව තුළ ගැබ්ව ඇති ගැඹුරු අරුත නම් නැකැත් බලමින් වැඩ කල් නොදමා අප්‍රමාදීව වීර්යයෙන් කටයුතු කළ යුතු බවයි. එනම් උන්වහන්සේගේ දේශනාව නැකැත යනු වැඩ කිරීම යනුයි.

නිමිති සම්බන්ධයෙන් බලන කල බුදුන් වහන්සේගේ දේශනාව නිමිතිවල වහලෙකු නොවිය යුතු බවත් කර්මයට මුල් තැන දිය යුතු බවත්ය. එනමුත් ජ්‍යොතිෂයත් නිමිතිත් කරණකොට ලැබිය හැකි සුබ – අසුබ, විපාක නුවණින් සිතා බලා තේරුම් ගෙන යම් දුර්විපාකයක්, අනතුරක් වේ නම් ඉන් නුවණක්කාරීව ආරක්‍ෂා විය යුතු බවත්ය. මේ බව සවිස්තරව සූත්‍ර පිටකයේ උපාසක චණ්ඩාල සූත්‍රයේත්, මහානාම සූත්‍රයේත් සඳහන් වෙයි. එසේම බුදු දහම දිට්ඨ මංගල, සුබ මංගල හා වෘත මංගල ලෙස උදෑසන පළමුව දකින, ඇසෙන, දැනෙන, සිතෙන දේ නිමිති කරනොගත යුතු බව පැහැදිලි කරයි. බුදු දහම අනුව සිල්වත් ශ්‍රමණ දර්ශනය ආදී කොට ඇති මංගල කරුණු 38ක් මංගල සූත්‍රයේ සඳහන්ය. මේ සියල්ලට පරිබාහිර බුදුන් වහන්සේ පිළිබඳ වූ ඉපදීම, බුදුවීම, පිරිනිවීම යන අවස්ථාවන්හිදී විශේෂයෙන් පහළ වන මහපොළොව කම්පා වීම ආදී කොට ඇති පෙර නිමිති 32කි. එපමණක් නොව භාවනානුයෝගීව සිටින යම් යෝග්‍යවරයකුට සිත සමාධිවීම ආසන්නයෙහි ලැබෙන නිමිති තුන් වර්ගයක් සම්බන්ධව බුදුදහමේ සඳහන්ය. ඒ පරිකම්ම, උග්ගහ හා පටිභාන නිමිත්ත යනුවෙනි. එසේම ඉහත සඳහන් වූ පරිදි දිට්ඨ, සුත හා මෘත මංගල යැයි සඳහන් වූයේ සම්මත ක්‍රම තුනකින් ගනු ලැබෙන හිස් කරුණු බව බුද්ධ දේශනාවයි.
නිමිති වර්ගීකරණයේදී සුබ – අසුබ නිමිති සේම පෙර නිමිතිද බොහෝය. ඉහත සඳහන් වූයේ බහුලව අසන්නට, දකින්නට මෙන්ම සිතෙන, දැනෙන දේය. මීට පරිබාහිරව යම් නිමිත්තක් හෝ පෙර නිමිත්තක් වේ නම් එය කවර වර්ගයක අයත් වේද එය සුබද, අසුබද යන්න සිතාගත යුතුය. තවද නිමිති සම්බන්ධ විග්‍රහයේදී පින් – දහම් සිදුකර කුසල් වඩවා ගැනීමට කරනු ලබන අනුබලදීම් වශයෙන් සම්මා සම්බුදුවරයකු ලොව පහළ වීමට අවුරුදු දහසකට පෙර සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයකු සිදුකරන බුද්ධ කෝලාහලයත්, සක්විති රජෙකු බිහිවීමට අවුරුදු සියයකට පෙර කාමාවචර දෙවි කෙනකු සිදුකරනු ලබන දේශනාවත් කල්ප විනාශයට අවුරුදු ලක්‍ෂයක් තිබියදී, කාමාවචර දෙවියකු සිදුකරන දේශනාවන් පූර්ව නිමිති ගණයේ ලා වැටේ.
පෙර නිමිති තව තවත් ගැඹුරින් විග්‍රහ කරන කල මිනිස් ලොවට පමණක් නොව දෙව් ලොවටත් පෙර නිමිති අදාළය. එනම් දෙව් ලොවින් යම් දෙවියෙක් හෝ දෙවඟනක් චුතවීමට මිනිස් ලොව ආයු කාලයෙන් සතියකට පෙර චුත වීමේ පෙරනිමිති ලෙස දිව්‍යමය සළු කිලිටි වීම, පැලැඳි මල්මාලා පරවී යෑම, අතිශයින් ප්‍රභාමත් ශරීර ශෝභාව නැති වීම, දිව්‍ය මාලිගා, දිව්‍ය සැප රිසි නොවීම, දහදිය වැගිරීමට පටන් ගැනීම, අසුන රුචි නොවීම ආදිය දැක්විය හැකිය. තවද අතීතයේ ගැමි නිවෙස්වල වූ ප්ලැටිපස්කරණයට අයත් වන කොල්ලා, බල්ලා, බළලා, කුකුළා ගවයා ආදීන්ගෙන් බහුතරයද සුබ – අසුබ පෙර නිමිති කියා පෑහ. ඒ බොහෝ සතුන් අධි සංවේදී වූ නිසාවෙනි. ඊට හේතු වූයේ ඒ සතුන් සතු වූ ඉව, ශ්‍රවණය හා පෙනීමය. එකල සමාජයේ පැවැත්මට එම පෙර නිමිති බොහෝ සෙයින් උපකාරී විය. කෙසේ නමුත් දුර ඈත අතීතයේ සිට අද දක්වා බහුලව භාවිතාවන අත්දුටු සත්‍ය වූ පෙරනිමිති බොහෝය.

කෙසේ නමුත් නිමිතිත්, පෙරනිමිතිත්, දේශීය වෛi විiාවේ විශේෂයෙන් සර්ප විෂ වෛi විiාවේ දූත ලක්‍ෂණ ලෙස භාවිතය වෙයි. එහිදී දෂ්ඨ කළ සර්පයන් වැදී ඇති දළ ගණන් සුවවේද? නොවේද? අසාධ්‍යයද? මියයාද? යන්නත් පෙර නිමිති හා දූත ලක්‍ෂණ මත තීරණය කරනු ලබයි. ඔබත්, ඔබේ ඉඩමේ, නිවෙසේ හෝ අවට පරිසරයේ සිදුවන වෙනස්වීම්, ලකුණු පෙර නිමිති ලෙස කල්තියා දැක ඒ පිළිබඳ දැනුවත්ව නිවැරැදි අවබෝධයෙන් යුතුව සැලකිලිමත් වීම තුළ සිදුවන විපත් හෝ අවැඩ අවම කර හෝ වළකාගන්න.
ජ්‍යොතිෂවේදී මහේන්ද්‍ර පල්ලෙබැද්ද

SendShareShare
Previous Post

කොරෝනා මරණ 8ක්: දැන් 107යි

Next Post

දැන් නළු නිළියො හොයන්නෙම ඕපදූප

MORE NEWS

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News
Astrology

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.