• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

September 12, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

අපේ ජන සමාජයේ “යක් කුරුල්ලා” හෙවත් “උලමා” යනු මිනිසාට එතරම් ප්‍රියජනක සත්වයකු නොවේ. අතීතයේ ජීවත්වූ ජනතාව උලමා හෙවත් යක් කුරුල්ලා හැඳින්වූයේ යක්ෂණියක ලෙසිනි. විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී එම පක්ෂියාගේ නාදය ඇසීම පවා ඔවුන් සැලකුවේ අවාසනාවන්ත සිදුවීමක පෙරනිමිත්තක් ලෙසිනි. සැබෑවටම එය මිහිරි නාදයක් නොව එක්තරා අප්‍රසන්න භයංකාර නාදයකි. එසේ නැත්නම් කනට වදයක් වන මහත් විලාපයකි. කාන්තාවකගේ ගෙල මිරිකද්දී ඇගේ ළතෝනියට සමාන හඬක් මෙම යක් කුරුල්ලාගේ නාදයෙන්ද පිටවෙයි. සැබෑවටම එය භයංකාර විලාප හඬකි. කෙසේ වුවද මෙම යක් කුරුල්ලාගේ කතාව අදටත් අප්‍රසිද්ධ රහසකි. අප අද සූදානම් වන්නේ එම රහස ඔබ හමුවේ එළිකිරීමටය.

යක් කුරුල්ලාට වඩා අපේ මිනිසුන්ට සමීප වන්නේ උලමා යන නමයි. ඊට හේතුව ඔවුන් මෙම සත්වයා බොහෝ විට හඳුන්වන්නේ උලමා නමින් වීමයි. සැබැවින්ම උලමා යනු නිශාචර පක්ෂියෙකි. එම පක්ෂියා දිවා කාලයට දැකිය නොහැකි අතර රාත්‍රී කාලයටද මෙම පක්ෂියා දැකීම අපහසුය. තවද ගම්මානයක් කිට්ටුවෙන් උලමා හඬ නැඟුවහොත් එය අවමංගල්‍යයක් සිදුවීමේ පෙරනිමිත්තක් බවට ගැමි සමාජයේ විශ්වාසයයි. එම විශ්වාසය තහවුරු කරමින් එවැනි සිදුවීම් ගණනාවක් අතීතයේ සිදුවී තිබේ. කෙසේ වුවද උලමාගේ උපත පිළිබඳ එක්තරා අප්‍රසිද්ධ කතා කිහිපයක් තිබේ. ඒ අතරින් සමාජය පිළිගන්නේ අප පහත දක්වන කතාවයි.

අතීතයේ සහෝදර ප්‍රේමයෙන් කල් ගෙවූ වැදි සහෝදරයන් දෙපළක් සිටි බව පැවැසෙයි. ඔවුන් මහ වනයේ ගල් ලෙනක් තුළ ජීවත්වී තිබේ. කාලයත් සමඟ එයින් බාල වැදි සහෝදරයා විවාහවී ඇත. ඔහු විවාහ වූ කාන්තාව ඉතා රූමත් තරුණියක බවද ජනප්‍රවාදයේ දැක්වෙයි. කෙසේ හෝ මෙම විවාහය පිළිබඳ වැඩිමල් වැදි සහෝදරයා පසුවන්නේ අසතුටිනි. මේ අතර දිනක් දෙදෙනා මී වද කඩන්නට මහ වනයට ගොස් ඇති අතර එහිදී වඳුරු රංචුවක් දකින බාල සහෝදරයා එයින් එකකු දඩයම් කිරීමට ගසකට නැඟ තිබේ. තමන්ට සහෝදරයාගේ බිරිය ලබාගැනීමට හොඳම අවස්ථාව මෙය බව සිතූ වැඩිමල් වැදි සහෝදරයා ඔහුට ඊතලයකින් විඳ ඝාතනය කරයි.
මෙම මරණයත් සමඟම පැවැසිය යුතුම එක් කතාවක් ඇත. එනම් වැදි සිරිතකි. එය නම් වැදි සිරිතට අනුව සහෝදරයා මියගිය පසු ඔහුගේ බිරිය හිමිවන්නේ අනෙක් සහෝදරයාටයි. එහෙත් එසේ වීමට නම් සත්‍ය වශයෙන්ම සහෝදරයා මියගිය බවට සාක්ෂි තිබිය යුතුය. එහිදී යොදාගන්නා එකම සාක්ෂිය වන්නේ මියගිය සහෝදරයාගේ ඇඟිල්ලක් ආපසු ගල් ලෙනට රැගෙන යෑමයි. බොහෝ විට එසේ රැගෙන යන්නේ සුළැඟිල්ලයි. එය රැගෙන ගොස් පෙන්වූ විට මියගිය අයගේ බිරිය එම සාක්ෂිය පිළිගෙන අනෙක් සහෝදරයා වෙත පැමිණීම වැදි සිරිතකි.
මේ අතර තම බාල වැදි සහෝදරයාගේ පපුව පසාරු කරගෙන යන ආකාරයට එසේ ඊතලයෙන් විදි වැඩිමල් වැදි සහෝදරයා කරනුයේ මියගිය සහෝදරයාගේ සුළැඟිල්ල කපා තමන්ගේ බුලත් මඩිස්සලයට දමාගෙන ගල් ලෙන වෙත යෑමයි. එසේ යන්නේ කිසි දෙයක් නොවුණු ලෙසටය. බාලයා වනයේදී මියගිය බවට හොඳම සාක්ෂියද වන්නේ එම ඇඟිල්ලයි. මේ අතර තම බාල පුතුගේ පමාව පිළිබඳ වැදි මව සැලකිලිමත් වෙයි. ඇය ඒ පිළිබඳ පසුවන්නේ කනස්සල්ලෙනි. ඇය තම බාල පුතු පිළිබඳ වැඩිමල් පුතුගෙන් ඇසුවද ඔහු ඊට පිළිතුරු දෙන්නේ නැත. එයටද එක්තරා හේතුවක් තිබේ. එනම් තම බාල සහෝදරයා මියගිය බව සිය මවට බුලත් මඩිස්සලයෙන්ම දැනගැනීමට හැරීමයි.

කාලය ගත්වීමත් සමඟ වැඩිමල් පුතු ගල් ලෙනට පැමිණියද තම බාල පුතු පමාවීම නිසා ඔහු එනතුරු අතරමඟ බලා සිටින මවට බුලත් විටක් කන්නට උවමනා වෙයි. ඒ අනුව ඇය කරන්නේ තම ලොකු පුතාගේ බුලත් මඩිස්සලය අවුස්සා විටකට අඩුම කුඩුම සෙවීමයි. මේ අතර ඇයට එහිදී දැකගන්නට ලැබෙන්නේ තමන්ගේ පොඩි පුතුගේ සුළැඟිල්ලයි. එය දකින ඇයට සිදුව ඇති දේ තේරුම් යයි. පසුව ඇය මර ළතෝනි දෙමින් විලාප තියමින් මහ වනයට දිවගිය බව පැවැසෙයි. ඒ අතරමඟදී ඇය මියගිය බවත් පසුව ඇය යක් කුරුල්ලා නම් යක්ෂණිය වී නැවත ඉපදුණු බවත් සඳහන් වෙයි. එදා පටන් යක් කුරුල්ලා රාත්‍රියේ ගම්මාන තුළට ගොස් තම පුතු මියගිය ශෝකයට විලාප තියන බව පැවැසෙයි. එහෙත් අපේ සමාජයේ මිනිසුන් සිතා සිටින්නේ මෙම යක් කුරුල්ලා හෙවත් උලමා එසේ විලාප තියමින් හැඬීම අසුබ පෙරනිමිත්තක් බවයි.
නන්දන සෙනෙවිරත්න

SendShareShare
Previous Post

සන්ධාන සාකච්ජා ඉවරයි: නිමල් සිරිපාලත් ‌පොහොට්ටුවට

Next Post

පීපල්ස් ඉන්ෂුවරන්ස් නව ප්‍රාදේශීය කාර්යාලය පොළොන්නරුවට

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.