• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

කොණ්ඩදෙණිය හිමියන්ගේ අප්‍රකට වික්‍රම

September 10, 2019
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

හොරු කල්ලිය හොයන්න කළුවර කනප්පුව ගම්මැද්ද පීරයි

එදිනද විශාල පිරිසක් කොණ්ඩදෙණියේ පන්සලේ රැස්ව සිටියහ. හිමියන් පිරිස දෙස විපරිමෙන් බලා බණ්ඩාට කතා කළේය.
“දැන් වරුවක් විතර ගත වුණානෙ… බණ්ඩො උඹ ගිහින් බලපන් පෝලිමේ අමාරුවට අපහසුතාවලට ලක්වෙච්ච ඇත්තො එහෙම ඉන්නවද කියලා” සීලරතන හිමියෝ එසේ කියත්ම බණ්ඩා වහාම දේවාලයෙන් පිටතට ගියේ පිරිස ගැන විපරම් කිරීමටය.”
ටික වේලාවකට පසු දේවාලය ඇතුළතට පැමිණි බණ්ඩා…
“අපේ හාමුදුරුවනේ… කිව්වම මොකද අදත් වයෝවෘද්ධ ආච්චි කෙනෙක් ඇවිත් හැරමිටි වාරුවෙන් පෝලිමට වෙලා ඉඳගෙන වටපිට බලමින් ඉන්නවා… මං ඒ ඇත්තිව එක්කගෙන එන්නද?”
“හ්ම්… කොච්චර සෙනඟ හිටියත් ඒ වගේ උදවියට අපි මුලින් සලකන්න ඕනෙ නෙව. හොඳයි උඹ ගිහින් ඒ බවලතීව එක්කගෙන වරෙන්කො” හිමියෝ සිය අතවැසි බණ්ඩාට කීහ.
සැරයටියද බිම ඇන ඇන වෙව්ල වෙව්ලා පැමණි මහලු කත දේව මන්දිරයට පිවිසෙන අයුරු සීලරතන හිමයන් බලාගෙනය.
“ඉතින් මොකටද මේ උපාසකම්ම ආවේ.”
“ඔබ වහන්සේ ගැන අපට ගොඩක් ආඩම්බරයි. ගමේ හැමෝම වගේ කියන්නෙ මතු බුදුවෙන්ට පින් පුරණ උත්තමයෙක්ය කියල. අනෙක් කාරණාව තමා මට වෙච්ච සන්තෑසිය අපේ හාමුදුරුවනේ…”
“ඒ කිව්වෙ උපාසකම්මෙ මට ඒක තේරුම් ගියේ නැහැ…”
“අ…න්…නේ… අපේ හාමුදුරුවනේ” කී උපාසකම්මා එවර කොළයක දවටාගෙන සිටි බුලත් අතක් සීලරතන හිමියන්ට දෑතින්ම පිළිගන්වා දෑත් හිස මත තබාගෙන වැඳ වැටුණාය.
“මට මේ බුලත් අත තිබුණම හොඳටම ඇති… මේව මොකටද? මට සල්ලි ඕනෙ නෑ”යි කී සීලරතන හිමියෝ. බුලත් අත සමඟ තිබූ රුපියල් පහේ කොළය යළි උපාසකමමා අත තැබූහ.
බුලත් අත දුම් කබලට අල්ලා ඉන් මුලින්ම තිබූ කොළ තුන පසෙක තබා හතර වැනි කොළයේ නාරටි පැත්ත ඉතා හොඳින් පරීක්ෂා කළ සීලරතන හිමියෝ…
“මේ අම්මට තිබිච්ච සම්පතක් නැති වෙලා… තිරිසන් ප්‍රාණකාරයෝ හතරක් නෙව” කී සීලරතන හිමියෝ කෙළින්ම උපාසකම්මගෙ මුහුණ බැලූහ.
“මේක හොරකමක්… සත්ව හොරකමක් නෙවෙද?” හිමියන් කියන විට උපාසක අම්මට එතෙක් සිරකරගෙන සිටි දුක් කන්දරාව සිහිපත්වී කඳුළු වැටෙන්නට විය.
“උපාසක අම්ම දුක් වෙන්ට කාරි නැහැ… සත්ව ප්‍රාණකාරයො හතර දෙනෙක් ඉන්නව… තාම උන්ගෙ ප්‍රාණය නිරුද්ද කරල නැහැ… උපාසකම්ම බය නොවී ඉන්ටකො… මං මේ සතුන් නිදහස් කරල දෙනව… මේ සොරකම හැර ගමේ තවත් හොරකමක් නොවෙන්ටත් මං කටයුත්තක් කොරල දෙන්නම්කො…”
එවර තමන්ට ඇතිව තිබෙන දුක දරාගත නොහැකිව කඳුළු අතරින් උපාසකම්මා කතා කරන්නට වූවාය.
“කිව්වට මොකද හාමුදුරුවනේ අපට එළු ගාලක් තියෙනවා. අපේ මනුස්සය රබර් කිරි කැපීම කළ කෙනෙක්. පස්සෙදි කොරගන්ට බැහැ කියල තමයි මේ එළු ගාල දැම්මෙ… මේකෙ ආදායමෙන් තමයි හාමුදුරුවනේ අපි දරුවො හත් දෙනෙක්ම උස්මහත් කෙරුවෙ” කී උපාසකම්මා එවර දැඩි දුකින් හීල්ලුවාය.
“ඉතින්… අපේ එළුගාලට අවුරුදු ගානක් වෙනව. අපි කවදාවත් මසට එහෙම අපේ සතෙක් විකුණුවෙ නැහැ. එළු කිරි ටික විකුණුවා. උන්ගෙ පොහොර ටික විකුණුවා. අපි ජීවත් වුණෙත් දැනට ජීවත් වෙන්නෙත් ඒකෙ ආදායමෙන් තමා. එහෙම සිටින අතරෙදි පෙරේදා රෑ එක දිගට ගමේ අහල පහළ බල්ලො ටික බිරුව. උදේ බැලින්නම් අපේ එළුගාලෙ අලුතින් පැටව් ඉන්න එළු දෙනුන් දෙන්නකුයි උන්ගෙම ළඟ හිටිය පැටව් දෙන්නයි අරගෙන ගිහින්. හොඳට කිරි තිබුණා. එළු ගාලෙම හිටපු හොඳම එළු දෙන්නවනෙ හාමුදුරුවනේ අරගෙන ගිහින් තිබුණෙ.”
“කලබල වෙන්ට කාරි නැහැ. මං සතුන්ගෙ වගකීම භාරගන්නව උපාසකම්මට මුණුබුරාල එහෙම ඇතිනෙ”
“එහෙමයි.”
“එහෙම නම් එහෙම ගැටව් දෙන්නෙක් හෙට උදේ 9.00 වෙනකොට පන්සලට එවන්නකො උපාසකම්මෙ කරන්ට ඕනෙ එච්චරයි.”
“හ්ම් හොඳයි දැන් එහෙනම් ගමට යන්ට”
තමන් උපන් ගමෙන් පැමිණ සිටි උපාසකම්මා කෙරෙහි උපන් ගමේකම උන්වහන්සේගේ යටි හිතේ ලියලා වැඩෙන්නට වූහ.
මේ සොරකම වෙනත් සොරකම් ඇල්ලූ ක්‍රමයෙන් බැහැරව කලඑළියට කරන්ට ඕනෑ. මම උපන් ගමේ නැවත නැවත මෙහෙම වෙන්ට ඉඩ තියන්ට නරකයි සීලරතන හිමියේ සිතූහ.
හ්ම්… බලමු හොඳ උපායක් කරන්ට ඕනෑ. මේක පොලිසියෙත් ගමේ රටේ කාගෙත් ඇස් ඇරෙන ආකාරයට කරන්ට ඕනෑ සීලරතන හිමියෝ සිතූහ.
එදින රාත්‍රියේ දහයට පමණ සීලරතන හිමියෝ බණ්ඩා සමඟ දේව මන්දිරයට ගොස් අපූරු කාරියකට අතගැසූහ.
“බණ්ඩො… මං අද අලුත් දෙයක් අත්හදා බලන්ටයි ලෑස්තිය. උඹ ගිහින් මගේ සැතපෙන කුටියෙ තියෙන අර කළුවර ලීයෙන් හදල තියෙන කනප්පුව මෙහාට අරගෙන වරෙන්. ඒක උඩ රතු පැහැ කවරයක පුස්කොළ මන්ත්‍ර පොතකුත් ඇති අන්න ඒකත් අරගෙන වරෙන්.”
බණ්ඩාද ලහි ලහියේ ආවාස ගෙයට ගොස් කළුවර කනප්පුවත් මන්ත්‍ර පුස්කොළ පොතත් හිමියන් වෙත ගෙනැවිත් දුන්නේය.
බණ්ඩා ගෙන ආ ගිනි කබලට කට්ටකුමංජල් එක් කිරීමත් සමඟ දේව මන්දිරය සුවඳ දුමින් පිරී ගියේය. කළුවර කනප්පුවට දකුණත තබාගත් හිමියෝ පළමුව බුදුන් වැඳ දේව මණ්ඩලය දෙස කෙළින්ම බලාගෙන ස්තෝත්‍ර කියන්නට වූහ.
ටික වේලාවකින් වෙනත් දිනවල නොමැති ආකාරයට බණ්ඩා ලවා ගෙන්වාගත් පුස්කොළ පොතේ වූ තෝරාගත් මන්ත්‍ර කිහිපයක් එක දිගට ජප කරන්නට වූහ. එසේ මන්ත්‍ර ජපකොට කළුවර කනප්පුව දේව මන්දිරය අබියස තබා ඒ වටා දුම්කබල තුන්විටක් කරකවා ගමන් – බිමන් යන විට ගෙන යන කුඩයද කනප්පුව මත තබා අලුයම දේව මන්දිරය වසා යළි සීලරතන හිමියෝ ආවාස ගෙට වැඩම කළහ.
අලුයම ඉතිරි කාලය හාන්සි පුටුවට වී සිත සැහැල්ලු කරගත් හිමියෝ සිරිත් පරිදි අලුයම දේවාලයේ සුපුරුද චාරිත්‍ර කටයුතුවල නිරත වූහ.
උදේ 9 වන විට කරම්බාවේ සිට පැමිණි කොලු ගැටව් දෙදෙනෙක් හිමි දෙපා වැන්දෝය.
“ඔය දෙන්නට මේ කළුවර කනප්පුව ඔසවන්න පුළුවන් නේද?”
දෙදෙනා කළුවර කනප්පුව එසවූවේ තරමක් බර ඇතිවය. “මේ කනප්පුව ගෙදරට ගෙන යන්ට ඕනෑ ළමයිනේ. මං කීවට කනප්පුවේ බර අඩු වෙනවා.” සීලරතන හිමියන්ගේ කරුණු කාරණා නොදත් කොලු ගැටව් දෙදෙනා උනුන්ගේ මුහුණු බලාගෙන සිනාසුණහ.
කොලු ගැටව් දෙදෙනා සමඟ සීලරතන හිමියෝද සිය උපන් ගම වන කරම්බාවට වැඩම කළහ.
වෙනත් දිනයක නොමැති ආකාරයට කනප්පුවක්ද රැගෙන සීලරතන හිමියන් මහ මඟ වැඩියහ. ආරංචියට තවත් කොල්ලො කුරුට්ටන් රැලක් හිමි පසුපස ඇදෙන්නට වූහ.
සීලරතන හිමියෝ පෙරදා තමන් හමුවට පැමිණි උපාසකම්මාගේ නිවෙසට ගොඩවූහ.
ඒ ආරංචියලත් ඇසිල්ලේ ගම්මුද එහි රැස්වූයේ… සීලරතන හිමියන් වැඩම කළා නම් අද මොකක් හරි වේවි යන මතය ගම්මුන් තුළ ඇති වූ හෙයිනි.
මේ එළු හොරුන් කෙළින්ම අල්ලගන්ට නරකයි. ගමේ හැමෝටම කලඑළිකරවලයි මේ වැඬේ කරවන්ට ඕනෑ. එහෙම කළොත් මීට පස්සේ කවුරු කවුරුත් ගමේ හොරකම් කෙරිල්ල නතර කරාවි. සීලරතන හිමයෝ එසේ සිතූහ.
“ම්… කෝ දැන් මගෙත් එක්ක ආපු ළමයි දෙන්නා…”
සීලරතන හිමියෝ එසේ කියත්ම කනප්පුව ඔසවාගෙන පැමණි ළමයින් දෙදෙනා ඉදිරියට ආහ. මේ වන විට උපාසකම්මාගේ නිවෙස අවට ගම්මුද විශාල පිරිසක් එක්රැස්ව සිටියහ.
ඔවුන් කාගෙ කාගෙත් මුහුණුවල ලොකු ප්‍රශ්නාර්ථයකි. රැස්ව සිටියවුන් ඇස් කරකවමින් ඊළඟට සිදුවන්නේ කුමක්දැයි විපිලිසරව බලා සිටියහ.
බණ්ඩා ලවා ගිනි කබලක් ළඟට ගෙන්වාගත් සීලරතන හිමියෝ ඊට කට්ටකුමංජල් ටිකක් ඉස “කළුවර කනප්පුවට” හොඳින් දුම් අල්ලා මන්ත්‍රයක් ජපකර කනප්පුව දිෂ්ටි කරවූයේය.
“කෝ… මේ ළමයි දෙන්නා…” කී හිමියෝ ගැටව් දෙදෙනා ළඟට ගෙන දැන් ඔය දෙන්න දෙපැත්තෙන් ඉඳල කළුවර කනප්පුව උස්සල අල්ලගන්ට ඕනෑ.”
“මේ කළුවර කනප්පුව ගම වටේටම යාවි… උඹල දෙන්නට තියෙන්නෙ කනප්පුව උස්සල අල්ලගන්න එක විතරයි. ඒකත් එක්කම පලයල්ල උඹලට තනියක් නැහැ… මේ කොල්ලො කුරුට්ටොයි ගමේ උදවිය හැමෝමයි උඹලගෙ පස්සෙන් ඒවි.
එහෙම ගම වටේට යන කළුවර කනප්පුව අවසානයේ එක්තරා ගෙයක් ළඟදී නතරවේවි. ඒ කියන්නෙ එතෙන්ට ගියාම… උඹල ආයි පුටුව උස්සගෙන ඉන්ට බැරි විදියට බර වැඩි වෙනව. එහෙම හමුවන ගේ ඉස්සරහ උඹල කනප්පුව බිම තියන්නට ඕනෑ… අන්න එතෙන්ට මමත් එනව තේරුණාද?”
ගැටව් දෙදෙනා හිස සලා හිමියන්ගේ අදහස සනාථ කළහ.
සීලරතන හිමියෝ තමන්ගේ කුඩයේ කෙළවර ඇති විල්ලෙන් තුන්විටක් කළුවර කනප්පුව මතට තට්ටුවක් දැමූහ. ඇසිල්ලකින් ප්‍රාණවත් වූ කනප්පුව මඳක් සෙලවිණි.
“හ්ම්… යමල්ලා පුතාලා” කියත්ම… ගැටව් දෙදෙනා කළුවර කනප්පුව ඔසවාගත්හ. ඔවුන් දෙදෙනාට තිබුණේ අල්ලා ගැනීම පමණි. සීලරතන හිමයන් දිෂ්ටි ගැන්වූ කනප්පුව එවර ගම වටා ගමන ඇරැඹුවේය.
“සීලරතන හිමියෝ කරම්බාව ගමට වැඩලා. එළුවෝ සොරාගත් හොරු අල්ලන්න කළුවර කනප්පුවක් ගම වටේ යැව්වා” යන ආරංචිය කරම්බාව ගමෙන් පිටත ගම් කරාත් ලැව්ගින්නක් සේ පැතිර ගියේය.
කවදාකවත් නුදුටු මේ අපූරු සිද්ධිය දැකබලා ගැනීමට කොල්ලො කුරුට්ටෝ පමණක් නොව වැඩිමහලු පිරිස්ද එදා වැල නොකැඩී කරම්බාව ගමට පැමිණියහ.
කරම්බාව ගමේ පමණක් නොව අවටින් පැමිණි විශාල පිරිසක් පුදුමයටත්, විස්මයටත් පත්කරවමින් පුරා පැය දෙක තුනක් කරම්බාව ගම පුරා ගිය කළුවර කනප්පුව අන්තිමේ පිටතින් පැමිණි තරුණයන් හතර දෙනකු නතරව සිටි ගම කෙළවර නිවෙසක් ළඟ නතර විය.
සීලරතන හිමියෝද ඒ සමඟම එම නිවෙස ළඟට වැඩම කළහ. නිවෙස් හිමියෝ කලබලයට පත්වූහ.
නිවෙස ඇතුළත සිට පැමිණි හැඩිදැඩි තරුණයන් හතර දෙනා තමන් කළ එළු සොරකම රැස්ව සිටි විශාල පිරිස ඉදිරියේ සීලරතන හිමියන්ට සැලකර සිටියේය.
“මේ කරම්බාව ගම යහපත්, ගුණදායක මිනිසුන් සිටින ගමක්. මේ ගමේ ඉන්නෙ දිළිඳු අය බව ඇත්ත. ඒත් මේ කිසිවකුට අතපාල අනුන්ගේ දෙයක් කඩාවඩාගෙන කාල ජීවත් වන අය නෙවෙයි. කුලියක් මලියක් කරල කිරි හරකෙක්, එළුවෙක් හදාගෙන ජීවත් වන අහිංසක මිනිස්සු මේ ගමේ ඉන්නෙ.
මට මීට වඩා දෙයක් කරන්නට තිබුණා. උඹලට හයි හක්තිය තියෙනවනේ… මට ඕනෙ නම් උඹල විනාශ වෙලා යන්නම දෙයක් කරන්න තිබුණා. නමුත් එහෙම කළේ නැහැ… මං උඹලට මේ පවුකාර වැඩවලින් මිදිල හොඳ ජීවිත ගතකරන්න අවවාද කරනව. උඹල ඊයේ රෑ මේ අහිංසක සත්තු මරල මස් කරන්න නේද හැදුවේ…”
සීලරතන හිමියෝ එසේ කියද්දී හැඩිදැඩි තරුණයෝ හතර දෙනා වෙව්ල… වෙව්ලා… හිමි දෙපා අල්ලා වැඳ සමාව ඉල්ලූහ. මීට පසු නැවැත කිසිදු සොරකමක් නොකොට යහපත් ජීවිත ගතකරන බවට ඔවුහු පොරොන්දු වූහ.
ඉන්පසු රැස්ව සිටි ගම්මු සහ අවට ගම්වල පිරිස් සීලරතන හිමි දෙපා වැඳ සමුගෙන නිවෙස් බලා ගියහ.
නන්දන ශ්‍රී දොරකුඹුර

SendShareShare
Previous Post

‘දැඩි තර්ජනයක්-අනතුරු ඇගවීමක්’: ‌මෛත්‍රිට එරෙහිව විරෝධතා

Next Post

සජිත්ගේ මවගෙන් මහ රෑ රනිල්ට ‌කෝල් එකක්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.