• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

රඟපෑම නවත්තලා සාත්තර කියන්න ගත්තා

November 22, 2020
in Heart
Reading Time: 3 mins read
A A
රඟපෑම නවත්තලා සාත්තර කියන්න ගත්තා
Share on WhatsAppShare on Facebook

තවම නැටිල්ල අතඇරලා නෑ…

චිත්‍රපට පැත්තෙන් නම් ලොකුවට ආරාධනා ලැබුණෙ නෑ…

එදා මෙන්ම අදටත් ප්‍රසංග වේදිකාවේ හැඩ වැඩ දාන නර්තන ශිල්පිනියක් තමයි නිරෝෂා තලගල. ඉතින් ඇය කාලෙකට පස්සේ නැවැත ටෙලිනාට්‍යවලට යොමුවෙලා. ඇයගේ රඟමඩලේ දිවි පෙවෙත ගැන ඇය සමඟ කතාබහ කිරීමට හිතුවේ මේ විදියටයි.
නිරෝෂාත් මේ දවස්වල ගෙදරට කොටුවෙලාද?
ඔව් ඉතින් මම විතරක් නෙමේ රටේ සියලුම ජනතාවට ගෙදරට වෙලා ඉන්න සිද්ධවෙලා තියෙන්නේ. ලෝකයටම බලපෑව මේ කොරෝනා වසංගතය නිසා මගේ බබත් තවම පොඩි නිසා විශේෂ සැලකිල්ලක් ඇතිව ආරක්ෂාකාරීව ප්‍රතිශක්තිකරණය ගැන වැඩිපුර සිතමින් වැඩකටයුතු කරගෙන යනවා.
මේ දවස්වල ටෙලිනාට්‍ය කිහිපයකම ඔබව දකිනවා. රූගත කිරීම් කටයුතු සිදුවෙන්නේ කොහොමද?
මහවිරු පණ්ඩු, අමාලියා, ඉඟිබිඟි ටෙලිනාට්‍යවලට තමයි මම සම්බන්ධ වෙන්නේ. පසුගිය දින කිහිපයේ රූ ගත කිරීම් නතර කරලා තිබුණේ. ඒත් දැන් රූ ගත කිරීම් කටයුතු නැවැත පටන් ගත්ත නිසා එයට සම්බන්ධ වෙන්න සිදුවෙනවා.
ඔබ සෑහෙන කාලෙකට පස්සෙ නේද ටෙලිනාට්‍යවලට සම්බන්ධ වුණේ?
දරුවා ලැබෙන්න ඉන්න නිසා මම එය ගැන වැඩිදුර හිතුවා. අවුරුදු දෙකකින් විතර තමයි මම නැවැත රඟපාන්න සම්බන්ධ වුණේ. මම රඟපෑවේ නැහැ කියලා එය කාටවත් දැනුණේ නැහැ. මොකද මම සම්බන්ධ වුණ නිර්මාණ ඔය කාලවකවානුව අතර විකාශය වුණා.
‘අමාලියා’ ටෙලිනාට්‍ය හරහා ඔබේ සුවිශේෂී රංගනයක් දකිනවා. එය ගැන කතා කළොත්?
අද සමාජයේ බොරුවෙන් මිනිසුන් රවටන සාත්තරකාරයින් ඕනෑ තරම් ඉන්නවා. එවැනි චරිතයක් තමයි මම ‘අමාලියා’ ටෙලිනාට්‍යයේ රඟපාන්නේ. මම මෙයට කලින් ‘දේවි’ ටෙලිනාට්‍යයෙත් ජ්‍යොතිෂයට සම්බන්ධ චරිතයක් නිරූපණය කළා. ජ්‍යොතිෂය සම්බන්ධව සොයා බලමින් තමයි ඒ නිරූපණය කළේ. නමුත් සාත්තරය පිළිබඳව මම හොයන්න ගියේ නැහැ.
ඉතින් දරුවාගේ වැඩකටයුතු එක්ක රංගන කටයුතු සිදුකර ගන්නේ කොහොමද?
මම මොන තරම් කාර්යබහුල වුණත් මගෙන් වියයුතු යුතුකම් මම මඟහරින්නේ නැහැ. ගෙදර වැඩ කටයුතු වගේම දරුවාගේ වැඩකටයුතු සියල්ලමත් සිදුකෙරෙන්නේ මගේ අතින්.
අද ටෙලිනාට්‍ය නිර්මාණය වෙන්නේ කරන්නම්වාලේටද?
ප්‍රධාන වශයෙන් වෙලාවට වැඩ කරන්නැති වුණාම සියල්ලම අඩාළ වෙනවා. උදේ පාන්දර ගෙදරින් ගිහින් දවල් වෙලා රූපගත කිරීම් සිදුකරන්න ගත්තාම අපි පවා අසරණ වෙනවා. මම මේ ක්ෂේත්‍රයට ආපු කාලේ ප්‍රවීණ ශිල්පීන්ගෙන් ඒ කාල වකවානුවේ ටෙලිනාට්‍ය හැදුණු පිළිවෙළ ගැන අහලා තියෙනවා. ඒත් දැන් ශිල්පීන් මරවලා තමයි වැඩ ගන්නේ. එහෙම වුණාම නිර්මාණයක කිසිම හරයක් දකින්න බැහැ.
ටෙලිනාට්‍ය තුළ නිතර දකින රුවක් නිසා ඔබට සිනමාවේ ඉඩකඩ අඩුද?
චිත්‍රපට පැත්තෙන් නම් මට එහෙම ලොකුවට ආරාධනා ලැබුණේ නැහැ. සමහරු එහෙමත් හිතනවා. මම මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු දොළහක් විතර වෙනවා. මේ වන විට චිත්‍රපට හයක විතර රඟපාලා ඇති මම.
ඔබේ නර්තන වැඩකටයුතු නිසා වේදිකා නාට්‍යවල රඟපෑම අත්හැරියාද?
මම වේදිකාවට ගොඩක් ආදරෙයි. වේදිකා නාට්‍ය කිහිපයකම රඟපෑවා. ඒත් මගේ සිහිනයක් තිබුණේ මගේම කියලා ඩාන්සින් කණ්ඩායමක් හදාගන්න. ඉතින් ඒ සිහිනය සැබෑ වීමත් එක්ක මට ඒ වෙනුවෙන්ම කාලය ගතකරන්න සිද්ධ වුණා.
ඉස්සර වගේම අදටත් හොඳට නටන්න පුළුවන්ද?
මොකද බැරි. මට හොඳට නටන්න පුළුවන්. මගේ කණ්ඩායමත් සමඟ මම ප්‍රසංගවලට සම්බන්ධ වෙනවා. තවම නැටිල්ල අත්හැරලා නැහැ.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

චමල් රාජ්‍ය ඇමැතිකමෙන් ඉවත් වෙයි!

Next Post

පොයින්ට් ඔෆ් සේල් (POS) ජාලයේ මුදල් නොමැති ඉලෙක්ට්‍රෝනික ගෙවීම් 2020 වසරේ අතිවිශාල වර්ධනයක්

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.