රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ධූරයෙන් චමල් රාජපක්ෂ මහතා ඉවත් වීමට තීරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි.
ඒ අනුව ඉදිරියේදී ‘අභ්‍යන්තර ආරක්ෂක’ අමාත්‍ය ධූරයක් නිර්මාණය කොට එය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාට පැවරීමට තීරණය වී ඇති බව පැවසේ.
එම නව අමාත්‍යාංශයට නව ලේකම්වරයකුද පත්වනු ඇත. බොහෝ විට එම ලේකම්වරයා විශ්‍රාමික ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකි.
රහස් පොලිස් නිලධාරීන් 19 දෙනකු එකවර මාරු කිරීම පිළිබදව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා කිසියම් අමනාපයකින් පසුවූ බවද වාර්තා වේ.