• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

සිංහලයන් හිනාවෙවී බලපු පෘතුගීසීන්ගෙ පලායෑම

November 21, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
සිංහලයන් හිනාවෙවී බලපු පෘතුගීසීන්ගෙ පලායෑම
Share on WhatsAppShare on Facebook

1505න් පසු මෙරට මිනිසුන්ට සිය සුපුරුදු සුන්දර ගැමි ජීවිතයේ මිහිරි අත්දැකීම් එලෙසින්ම විඳින්නට ඉඩහසරක් නොවීය. ඊට ප්‍රධානම හේතුව වූයේ 1505 පෘතුග්‍රීසීන්ගේ මෙරට ආක්‍රමණයයි. එතැන් පටන් මෙරට බහුතරයක් ජනයාට ගෙවන්නට සිදුවූයේ පීඩිත ජීවිතයකි. පෘතුග්‍රීසීන් කිසි විටෙකත් මෙරට ජනයාගේ සතුට, සමඟිය හෝ සැප පහසුව ගැන සිතුවේ නැත. ඔවුන්ගේ ප්‍රධාන අරමුණු දෙකකි. ඉන් පළමු වැන්න ආගම් ප්‍රචාරයය. දෙවැන්න මෙරට තිබූ මිල කළ නොහැකි සම්පත් තමන් සතුකර ගැනීමය. ඒ අරමුණු වෙනුවෙන් මෙරට වැසියන් ඕනෑම ආකාරයට තාඩන පීඩනයටත් පත්කරන්නට පෘතුගීසීන් පසුබට නොවීය. මේ හේතුවෙන් අසීමිත පීඩාවට පත්ව ජීවිත ගෙවා දමන්නට මෙරට වැසියාට සිදුවිය.

වසර 150කට අධික කාලයක් මුලුල්ලේ මෙරට ජනයා පීඩාවට පත්කරමින් සම්පත් කොල්ලකෑමේ යෙදුණු ඔවුන්ට හිටිහැටියේ අභියෝග රැසකට මුහුණ දෙන්නට සිදුවූයේ දෛවයේ සරදමකට මෙනි. ඉන් පළමුවැන්න ලන්දේසීන්ගේ මෙරට ආක්‍රමණයයි. එයින් යම් තරමකට පීඩනයටත්, පසුබෑමටත් පත්ව සිටි පෘතුගීසීන්ට 1656 වසරේදී ස්වාභාවික ව්‍යසනයටත් මුහුණපාන්නට සිදුවිය. ඒ එම වසරේ මැද භාගයේදී නොසිතූ වීරූ ආකාරයෙන් කොළඹ ප්‍රදේශය ආශ්‍රිතව ඇතිවූ නියඟයයි. කොළඹ ප්‍රදේශය යනු එවැනි අයහපත් කාලගුණික තත්ත්වයන් ඇති නොවන ප්‍රදේශයක් ලෙස සැලකුණු අතර හිටිහැටියේ ඇතිවූ මෙම නියඟය දෙවියන්ගේ කෝපයෙන් ඇතිවූවක් ලෙස එකල ඇතැම් ජනයා තුළ මතභේද ඇතිවී තිබේ.

කෙසේ නමුදු එම වර්ෂය ගෙවී යන්නටත් පෙරම නියඟය දරුණු තත්ත්වයට පත්ව ඇති අතර, නගරය තුළ වසංගත රෝග පැතිරී යමින් මහත් ව්‍යසනයකට මඟපෑදී ඇත. ජනතාවට කෑම බීම පවා හිඟවීමෙන් පීඩාවට පත්වීමත් සමඟින් ඇතැම් පිරිස් තමන්ට හසුවන ඕනෑම සතකු සිවුපාවකු මරාගෙන කන තත්ත්වයට පත්ව ඇත. මේ තත්ත්වය දරුණු වීමත් සමඟ නගරයේ බල්ලන්, බළලුන් මෙන්ම අලි ඇතුන් පවා මරා ආහාරයට ගත් බවද වාර්තා වෙයි.

කොළඹ නගරයට උද්ගතව ඇති මේ තත්ත්වය හමුවේ කෑම බීම නොමැතිව ලෙඩ දුක්වලින් හෙම්බත්ව, අඩපණව සිටින පෘතුග්‍රීසීන්ට පහරදීමට හොඳම අවස්ථාව මෙය යැයි සිතන ලන්දේසි හමුදා කොළඹ නගරය අල්ලා ගැනීමේ මෙහෙයුම් දියත් කරන්නේ මේ අතරතුරදීය. මෙහිදී ලන්දේසීන්ගේ ප්‍රථම ඉලක්කය වූයේ සෙන් ජුවාන් නමින් ප්‍රකට අට්ටාලයයි. ඒ අනුව ලන්දේසීන්ගේ ප්‍රථම ප්‍රහාරයෙන් සෙන් ජුවාන් අට්ටාලය බිඳදමා එහි බලය අල්ලා ගත්තේය. ඒ අනුව 1656 අවසන් භාගයේ දිනයක අල්ලාගත් සෙන් ජුවාන් අට්ටාලය මතට නැඟුණු ලන්දේසීන් පෘතුග්‍රීසීන්ට ප්‍රහාර එල්ල කළේය. එහෙත් කොතරම් අඩපණව සිටියද පෘතුග්‍රීසීන් සතුව තිබූ ප්‍රබල යුද බලය හේතුවෙන් ලන්දේසීන්ට අත්වූයේ පසු බැස යෑම පමණකි.

එම ප්‍රහාර හේතුවෙන් සිය සෙබළුන් 76 දෙනකුගේ ජීවිත අහිමි කර ගනිමින් පසුබැස ගිය ලන්දේසීන් පෘතුග්‍රීසීන්ගේ අවි ආයුධ ගබඩා සහ වෙඩි බෙහෙත් ගබඩා විනාශ කර දමන්නට කොතරම් උත්සාහ කළද ඒ සියල්ල නිෂ්ඵල විය. ඒ අතර වාරයේ සිදුවූ වෙඩි හුවමාරුව හේතුවෙන් ලන්දේසීන් සතු වෙඩි බෙහෙත් විශාල ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වීමත් සමඟ නගරය තුළ ගින්නක් පැතිර ගියේය. එයින් පෘතුග්‍රීසීන් සතු විශාල වෙඩි බෙහෙත් ගබඩා සංකීර්ණ ගිනිගත්තේය. ඒ හේතුවෙන් පෘතුග්‍රීසි සෙබළුන් සහ නිලධාරීන් විශාල ප්‍රමාණයකගේ ජීවිතද අහිමි විය.

කොළඹ කොටුව තුළ බලය කෙසේ හෝ රැකගත යුතුය යන හැඟීමෙන් සිය සෙබළුන් සමඟ කටයුතු කළ දමියං චියෙයිරා පියතුමා අවසානයේ කොළඹ කොටුව වටා ලී කොටන් යොදා ආරක්ෂක බැම්මක් ඉදිකරන්නට සමත් වුවද පසුදා උදෑසන වෙද්දී තත්ත්වය මුළුමනින්ම වෙනස්ව තිබුණේය.

කොටුව තුළ ජනතාවගෙන් තොරව තිබූ අතර, පෘතුග්‍රීසී සෙබළුන් පමණක් ඉතිරිව සිටියේය. කොටුවට පිටතින් විශාල ලන්දේසි හමුදාවක් අවි ආයුධ රැගෙන කොටුව අත්පත්කර ගැනීමේ මෙහෙයුමට සූදානමව බලාගෙන සිටියේය. කරන්නට ඉතිරිව ඇත්තේ ලන්දේසි හා සාම ගිවිසුමකට එළැඹීම බව අවසාන වශයෙන් තීන්දු කළ පෘතුග්‍රීසීන් ලන්දේසීන් සමඟ යුද්ධය නිමා කිරීමේ ගිවිසුමකට අස්සන් තැබුණා. එයට ලන්දේසි නිලධාරීන් 6 දෙනෙක් පෘතුග්‍රීසීන් වෙනුවෙන් නිලධාරීන් 7 දෙනකුත් අස්සන් කළහ.

1505 වසරේ දිනක ගාලු වරායෙන් ජවසම්පන්න ලෙස මෙරටට ගොඩබට පෘතුගීසීන් 1656 දිනක කොළඹ නගරයෙන් නික්ම ගියේ අඩපණව වැහිරී ගිය දුර්වලයින් පිරිසක් පරිද්දෙනි. එලෙස දිවි බේරාගෙන නික්ම යන්නටද අවස්ථාව උදාවූයේ පෘතුග්‍රීසීන් 70 දෙනකුට පමණි.

කෙසේ නමුදු මේ මොහොත මෙරට වැසියන්ට ඉමහත් සතුටට හේතු වූ බවත්, එදින පෘතුග්‍රීසීන්ගේ පලායෑම සියැසින් දැකබලා ගන්නට මෙරට වැසියන් කොළඹට පැමිණ සිනාමුසුව බලා සිටි බවද පැවසෙයි.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

Unilever හොරණ නිෂ්පාදන කර්මාන්ත ශාලාව ඇගයීමට ලක් වේ

Next Post

DFCC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට ඩිජිටල් සේවා රැසක්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.