ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළමු වතාවට අද (19) දින පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ තමන්ට වෙන් කොට ඇති ආසනයේ අසුන් ගැනීමට කටයුතු කළේය.
යුරෝපීය ඇදුම් කට්ටලයකින් සැරසී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ තිබිණ.
20 වන සංශෝධනය අවස්ථාවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණියද අත් කොට ඇදුමකින් සැරසී සිටීම නිසා සභා ගර්භයට පැමිණියේ නැත.
හිටපු ජනාධිපතිවරු දෙදෙනෙක් සහ ජනාධිපතිවරයකු එකවර පාර්ලිමේන්තු සභාගර්භයක රැදී සිටින පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.










