• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහින්ද ජපානයත් එක්ක කටුනායක ලොකු කරයි (PHOTOS)

November 19, 2020
in Exclusive
Reading Time: 4 mins read
A A
මහින්ද ජපානයත් එක්ක කටුනායක ලොකු කරයි (PHOTOS)
Share on WhatsAppShare on Facebook

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (18) දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල, පර්යන්ත 2 ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්විය.

සෞභාග්‍යයේ දැක්ම යටතේ ගුවන්තොටුපොල ගුවන්සේවා (ශ්‍රී ලංකා) පුද්ගලික ආයතනය ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන්තොටුපොලවල් සංවර්ධනය කිරීම ආරම්භ කිරීමට සමඟාමීව මෙම ව්‍යාපෘතියේ වැඩ ආරම්භ වුණි.

2014 වර්ෂයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හා ජපානයේ අග්‍රාමාත්‍ය ශින්ෂෝ අබේ මැතිතුමාගේ සහභාගීත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ 2වන අදියරේ කටයුතු ඇරඹුණි.

ගුවන් තොටුපොල 2වන අදියර කටයුතු 2014 දී ආරම්භ කෙරුණද, 2015 දී බලයට පත්වූ යහපාලන ආණ්ඩුව එම සංවර්ධන ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක කිරීම විවිධ හේතු දක්වමින් ප්‍රමාද කළේය. ඒ හේතුවෙන් යහපාලන ආණ්ඩුවේ සමස්ත කාලය තුළ මෙහි සංවර්ධන කටයුතු ඇණ හිටි තිබිණි.

නමුත් වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මෙහි ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට අවශ්‍ය පියවර ගත්තේය. ඒ සෞභාග්‍යයේ දැක්ම වැඩ සටහනේ සඳහන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර කඩිනමින් ආරම්භ කරන බවට සඳහන් ප්‍රකාශය ඉටුකිරීම සඳහාය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනයට සමගාමීව හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පදවි ප්‍රාප්තියට සමගාමීව මෙම ව්‍යාපෘතිය ඉදිකිරීම නැවත ඇඹෙන්නේ ඒ අනුවය.

අනාගතය තුළ අපේක්ෂිත සංචාරකයන්ගේ වර්ධනයට අනුකූලව වන අන්දමින් ඊට අදාළ පහසුකම් සැපයීමට මෙන්ම ගුවන් තොටුපොල භාවිතා කරන සෙසු මඟීන්ගේ වර්ධනයට පිළියමක් ලෙස ආරම්භ කළ ගුවන්තොටුපොල හා ගුවන්සේවා ආයතනය ජාත්‍යන්තර ගුවන්සේවා සබඳතාවයන්හි මනා මිත්‍රශීලී පරිසරයක් ගොඩනගමින් ධරණීය ආර්ථිකයක් කරා යන ගමනට මග පාදන්නකි.

වර්තමානයේ මගී මෙහෙයුම් කටයුතු සඳහා ප්‍රමාණවත් පර්යන්ත පහසුකම් නොමැතිවීම ගැටළුවක් වී ඇත්තේ දැනට ඇති මඟී පර්යන්තය මඟීන් 60 ලක්ෂයක මෙහෙයුම් සඳහා ප්‍රමාණවත් ලෙස සකසා ඇති බැවිනි. බණ්ඩාරනායක ගුවන්තොටුපොල 2 අදියර තැනීම් කටයුතුවල සේවා දායක සපයනු ලබන්නේ ගුවන්තොටුපොල හා ගුවන්සේවා අධිකාරියයි. JV , ජපාන ගුවන්තොටුපොල උපදේශ සමාගම් හා නිපොන් කොයි සමාගම එහි උපදේශකත්වය දරනු ඇත. වසර 3 ක කාලයකින් මෙහි වැඩ කටයුතු අවසන් කිරීමට අපේක්ෂිත අතර ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (ජයිකා) මුල්‍ය සැපයුම් කරු ලෙස කටයුතු කරනු ලබයි. ජපානයේ ටායිසේයි සමාගම ව්‍යාපෘති කොන්ත්‍රාත්කරු ලෙස කටයුතු කරයි.

වැඩ නිම වීමෙන් පසු 90 ලක්ෂයක මඟී ධාරිතාවක් ක්‍රියාත්මක කිරීමට නියමිත මෙහි, සම්පූර්ණ ණය මුදල 100%ම ගුවන් තොටුපොල හා ගුවන්සේවා ආයතනය මඟින් ගෙවනු ලබයි. නව තාක්ෂණ භාවිතය තුළින් වැඩ අවසන් කිරීමට නියමිත මෙහි පැමිණෙන හා පිටත්වෙන මගින් වෙන් කිරීම, මධ්‍යගත ආරක්ෂක පාලන ක්‍රමය, බහු මහල් වාහන නැවතුමේ සිට ගුවන්තොටට සෘජු පැමිණීමේ / පිටවීමේ පහසුකම්, විශාල ගුවන් යානා ගමන් සඳහා වෙන් කළ මඟී පිවිසුම් ගේට්ටු (Air bus A380), විශේෂ අමුත්තන්ගේ විවේකාගර, ගුවන්සේවා විවේකාගාර වෙනත් විවේකාගාර – පැමිණීම් හා පිටවීම්, විවෘත සංකල්පය යටතේ ගේට්ටු යාබද විවේකාගර, තීරු බදු රහිත සාප්පු, ආපන ශාලා, ආහාර පාන සැපයීම් රැදවුම් මඟීන්ට මහා පර්යන්තයෙන් පිටත, නැරඹුම් ගැලරිය, යනාදී අංග සම්පූර්ණ සැකැස්මකින් සමන්විතය.

මෙම අවස්ථාව සඳහා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ගුවන්සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඉන්දික අනුරුද්ධ, නිමල් ලන්සා, තාරක බාලසූරිය, නාලක ගොඩහේවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සහන් ප්‍රදීප්, කෝකිලා ගුණවර්ධන, නලීන් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි, සංචාරක අමාත්‍යංශ ලේකම් එස්. හෙට්ටිආරච්චි, ගුවන්සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශ ලේකම් මාධව දේවසුරේන්ද්‍ර මහත්ම මහත්මීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

SendShareShare
Previous Post

සිල්රෙදි නඩුවෙන් ලලිත්-අනූෂ නිදහස්

Next Post

ජනපති පළමු වතාවට පාර්ලිමේන්තු අසුනේ වාඩි වෙයි

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper