• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

දූ දරුවෝ සමග ඔබට සමීප වූ සුදු ආච්චි

September 9, 2019
in Heart
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

1927 ජුනි 21 වැනි දින රුවන්වැල්ල මුදුගමුව නම් නිස්කලංක සොඳුරු ගම්පියසේ මිද්දෙණිය වලව්වේ උපත ලැබූ ඇය අයිරාංගනී රොක්සානා මීදෙණියයි. කුඩා කල කොළඹ බි්‍රජට් කන්‍යාරාමයෙන් අධ්‍යාපනය ලැබූ ඇය පසුව බිෂොප් විද්‍යාලයෙන්ද, මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙන්ද අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපනය සඳහා ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වූවාය. එහිදී ඇය හෙන්රි ජයසේන හා ධම්ම ජාගොඩ යන මහත්වරු සමඟ කලා කටයුතුවල නියැළුණාය. එයට අමතරව බටහිර රංගනය පිළිබඳවද හදාරමින් වේදිකා නාට්‍යවලටද දායක වූවාය. ලන්ඩනයේද වසර කිහිපයක් කලාව පිළිබඳ හැදෑරූ අයිරාංගනී මහත්මිය අනතුරුව ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදිනියක ලෙසද, මියුසියස් විද්‍යාලයේ ස්වේච්ඡා ගුරුවරියක් ලෙසද සේවය කළාය. ඇය අත්දැකීමෙන් පරිපූර්ණ දක්‍ෂ, උගත්, නිහතමානී රංගන ශිල්පිනියකි. ඇය මේ වන විට 92 වැනි වියේ පසුවන්නීය. වේදිකාව, ටෙලිනාට්‍ය, සිනමාව මේ සියල්ලම ඉතා සාර්ථකව ජයගන්නට සමත් වූ ඇය. මුලින්ම සිනමාවට පාතැබුවේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අධ්‍යක්‍ෂණය කළ රේඛාව චිත්‍රපටයෙනි. ඉන්පසුව “දූදරුවෝ” (ඩල්සි / සුදු ආච්චි), “යශෝරාවය” (සුදු හාමිනේ), “ගම්පෙරළිය” (මාතර හාමිනේ), ටෙලිනාට්‍යවල චරිත අදටත් මිනිසුන්ගේ හිත්වල රැඳී පවතිනවා නොඅනුමානය. ඇය සිංහල සිනමාවේ මවගේ චරිතය රඟපෑවා පමණක් නොව නවක කලාකරුවන්ටද ආදරණීය මවක් වූවාය. ඇගේ රංගනයෙන් හැඩවූ චිත්‍රපට සංඛ්‍යාව 35කට අධිකය. ඇය වෙනුවෙන් රොබට් ඩී නිරෝ කළ මේ ප්‍රකාශය ඇගේ දක්‍ෂතාව මනාව තහවුරු කරන්නට කදිම උදාහරණයකි. “සැබෑ නළුවකු හෝ නිළියක යනු ඒ වෙනුවෙන් කිසිදු ගෙවීමක් නොකොට අන්‍යයන්ගේ ජීවිත තුළ ජීවත් වන්නට ලබන්නා වූ වරමයි” අයිරාංගනී සේරසිංහ ඒ කියමනට කදිම උදාහරණයකි.
ඉතින් අසනීප තත්ත්වයෙන් පසුවුවත් ඇය අපේ සාකච්ඡාවට සම්බන්ධ වීමට පසුබට වූයේ නම් නැත.

මේ දිනවල කොහොමද කාලය ගතකරන්නේ?
මේ දවස්වල ඇඳට වෙලා ඉන්නවා. මාව වැටිලා ඇඟ රිදෙනවා. ඒක වුණේ සනත් අබේසේකර මහත්මයාගේ “ගුත්තිල” චිත්‍රපටයේ රඟපෑම් කටයුතුවලට සහභාගි වෙන්න දුර පළාතකට ගිය අවස්ථාවේ. රාත්‍රියේදී මට ටිකක් ඇවිදින්න අමාරු වුණා. කවුරුහරි හිටියොත් මාව අල්ලගෙන යනවා. ඒ වෙලාවේ කවුරුවත් හිටියේ නැහැ. අඩියක් දෙකක් තියන කොට මාව විසිවෙලා ගිහින් වැටුණා.
ඔබ රඟපෑව චිත්‍රපට, ටෙලිනාට්‍ය අතරින් වඩාත්ම කැමැති චරිතය මොකද්ද?
එහෙම කියන්න අමාරුයි. චරිතයක් කරනකොට ඒ චරිතයට කැපවෙලා රඟපානවා. මම හැම චරිතයකටම වාගේ කැමැතියි.
ඔබටත් රංගන ජීවිතයේ අමතක නොවන සිදුවීමක් ඇති නේද. ඒ මොනවාද?
වයසත් එක්ක “මට ඒවා මතක නැහැ.”
කොහොමද විශ්වවිද්‍යාල ජීවිතය?
අපේ අප්පච්චි කැමැති වුණේ නැහැ විශ්වවිද්‍යාලයට යනවාට. ඔහු කිව්වේ ගෑනු ළමයි විශ්වවිද්‍යාලයේ යන්න ඕන නැහැ කියලා. ඒකට විරෝධය පාලා මම දවසක් කන්නේ නැතිව හිටියා. ඒ වගේම අපේ පවුලේ ළඟම ඥාතියෙක් ඩී. එස්. සේනානායක අගමැතිතුමා. ඔහුත් කිව්වා මාව යවන්න කියලා. පසුව අප්පච්චි කැමැති වුණා. ඊට පසු විශ්වවිද්‍යාලයේ නාට්‍ය පිළිබඳව අවුරුදු 3ක් අධ්‍යාපනය ලැබුවා. වේදිකා නාට්‍යවල රඟපෑවා. ඒ නාට්‍ය බලන්න ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා එනවා. මගේ රඟපෑම් දුටු ලෙස්ටර් මහත්තයා ඔහු කළ පළමු වාර්තාගත චිත්‍රපටයට මට ආරාධනා කළා. ඉන්පසුව ඔහුගේ “රේඛාව” චිත්‍රපටයෙන් සිනමාවට සම්බන්ධ වෙන්න ලැබුණා. මගේ පළමු විවාහයත් ඒ කාලේ තමයි සිද්ධ වුණේ. ඉන්පසුව අපි එංගලන්තයට ගියා. ඒත් අපි නොගැළපෙන නිසා ලංකාවට ඇවිත් වෙන්වුණා.
ඔබ මියුසියස් විද්‍යාලයේ උගන්වනකොට වෙච්ච අමතක නොවන සිදුවීම් මොනවාද?
මම පොඩි ළමයින්ට ඉගැන්නුවේ. ඒ ළමයින්ට “ස්නෝ” ගැන කිව්වාම එයාලා ඇහුවා ‘ස්නෝ’ කියන්නේ මොනාද කියලා. හිමවලට ස්නෝ කියන්නේ කියලා මම කියලා දුන්නා. සබන් කැට වගයක් පන්තියේ තිබුණා. මම ඒ සබන් පෙන්නලා කිව්වා ස්නෝ වැටෙනකොට හරියට මේ සබන් පෙන වගේ කියලා. ගෙවල්, ගස්කොළන් යටවෙනවා වගේ හරි ලස්සනයි කියලා. ඊළඟ දවසේ ස්නෝ වගේ සබන් පෙන හදලා පුටු උඩ නැඟලා මුළු පන්තියේම ස්නෝවලින් තෙමුවා. එතකොටම ප්‍රින්සිපල් ආවා. ළමයින්ට බැණලා පන්තිය සුද්ද කරන්න කිව්වා. ඉන්ටර්වල් එකේ මාව ඇවිල්ලා හම්බවෙන්න කියලා මට කිව්වා. මම ඉන්ටර්වල් එකේ ගිහින් ප්‍රින්සිපල්ව හමුවුණා. ඔයා ඔය රස්සාව නෙවේ කරන්න ඕනෙ වෙන රස්සාවක්. ඔයාට වැරැදිලා මේ රස්සාව කරන්නේ කියලා කිව්වා.
ඔබ හිතන විදියට සිංහල සිනමාවේ සුන්දරම දශකය මොකද්ද?
මම හිතන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස් යුගය හොඳයි කියලා.
ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා හා දැන් ඉන්න අධ්‍යක්‍ෂවරු අතර වෙනස දැනෙන්නේ කොහොමද?
වෙනසක් කියන්න අමාරුයි. එක එක්කෙනා කටයුතු කරන්නේ එක එක විදයටනේ.
දැන් මිනිසුන්ගේ ජීවිත හරිම අවිවේකියි. කලාව සඳහා යොදවන්න වෙලාවක් නැහැ. ඒ දවස්වල ඔබේ සැමියාගෙන් ලැබුණේ කොයි වගේ සහායක්ද කලා කටයුතු සඳහා?
වින්ස්ටන් සේරසිංහ මහත්තයාත් නළුවෙක් නිසා මට තහංචි දැම්මේ නැහැ.
ඔබතුමිය හිතනවාද නිසි කලට නිසි ඇගයුමක් ලැබුණා කියලා?
සම්මාන නම් ලැබුණා. ඒවා බලාපොරොත්තුවෙන් නෙවෙයි අපි රඟපෑවේ. මහජනයාගේ සතුට වෙනුවෙන්. ඒක ලැබුණාම හොඳටම ඇති.
ලැබුණු සම්මාන ගැන මතකය කොහොමද?
සම්මාන ගොඩාක් තියෙනවා.
2019 වර්ෂයේ ඔබ රඟපෑව “සුළඟ අප රැගෙන යාවි” චිත්‍රපටයේ “ග්‍රැනි”ගේ චරිතය ගැන මොකද හිතෙන්නේ?
මම ඒකේ රඟපාන්න ආසවුණා. මනුස්සයයි සත්තුයි අතර තියෙන සම්බන්ධකම කොච්චරක්ද කියලා වටහාගන්න එයින් පුළුවන් වුණා. අපි සතුන්ට හොඳට සලකන්න ඕනේ කියලා තමයි ඒකේ ආදර්ශය දෙන්නේ.
ඔබ වැනි රංගන ක්‍ෂේත්‍රයේ පළපුරුදු කෙනෙක් විදියට නවකයන්ට දෙන්න පුළුවන් අවවාදය මොකද්ද?
රඟපානවාද, චිත්‍ර අඳිනවාද, නටනවාද, මොන යම් වෘත්තියක වුණත් කරන දේ ඕනකමින්, උනන්දුවෙන් කරන්න ඕනෙ. ලෝකයාට පේන්න නෙවේ.
ඔබ පරිසරයේ ගහකොළ වෙනුවෙන් සටන් කළ කාන්තාවක්. ඒ මතකය ආවර්ජනය කළොත්?
ඔව්. අපි හැදිලා තියෙන්නේ ස්වභාව ධර්මයෙන්නේ. අපේ මුළු ජීවිතයම ගෙනියන්න වෙන්නේ මේ ස්වභාවධර්මයෙන්. ඒක ආරක්‍ෂා කළොත් තමයි අපිව රැකෙන්නේ. ඒක වෙනස් කරන්න හැදුවොත් ඒවා විනාශ වෙනවා. එතකොට අපිට ස්වභාවධර්මය පහර දෙනවා.
පුතාලා ගැන මතක් කළොත්?
ලොකු පුතා මෝටර් සයිකල් අනතුරකින් ජීවිතක්‍ෂයට පත්වුණා. මම ගොඩාක් මානසිකව කඩාවැටුණා ඒ සිද්ධියෙන්. එයා සත්තුන්ට ගොඩාක් ආදරේ කළා. පොඩි පුතා ගාව තමයි මම ඉන්නේ. මුණුබුරන් දෙදෙනා පිටරට ගිහින්. පුතාගේ නෝනාත් මම ගැන හොයනවා බලනවා. මාව බලාගන්නේ හේමා කියලා කෙනෙක්.
ඔබතුමියට වයස අවුරුදු 92ක් ඉක්මවා යමින් සිටින්නේ. ඉදිරියට ආරාධනා ලැබුණොත් භාරගන්නවාද?
ඔව්. හොඳ ලස්සන, ආදර්ශවත් කතාවක් නම් භාරගන්නවා. මම තවත් ආසයි රඟපාන්න. ඒත් පුතා නම් කියන්නේ දැන් ඇති කියලා.
ඔබතුමියට විශේෂයෙන් කියන්න තියෙන්නේ මොනවාද?
ඊර්ෂ්‍යාකම්, කුහකකම් නොකර ජීවත් වෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ගොඩාක් අය ඉරිසියාකම් කරනවා. ඒවායෙන් ලැබෙන දෙයක් නැහැ. ගුණයහපත්කම සල්ලිවලට ගන්න බැහැනේ.
ඉතින් එතුමියට ඉක්මන් සුවය ලැබේවා!යි “හාට්” අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.
නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

ICC ‌ලොක්කා හරි කිව්වත් හරීන් ක්‍රිකට් අතුරු කමිටුව යටගහයි

Next Post

ජපානෙටයි – තායිලන්තෙටයි යුද්ධ කරන්න අපේ රටේ හදපු පාලම

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ලාල්ගේ මෝඩ කතාවලට උත්තර නොදුන්නොත් අපි ගොවියො නෙමෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලාල්ගේ මෝඩ කතාවලට උත්තර නොදුන්නොත් අපි ගොවියො නෙමෙයි! VIDEO I Sri Lanka Latest News

වී කිලෝවකට රුපියල් 120ක මිලක් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත්, කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ගත් එම තීරණයට තමන් දැඩි විරෝධය...

Read more
පාතාල කල්ලිවල ගැටුමක් යන්නේ! ඒකෙන් ජාතික ආරක්ෂාවට බලපෑමක් නෑ! අපි මුලු ලංකාවෙම ජාතික ආරක්ෂාව තහවුරු කරලා තියෙනවා! ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කියපු ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිගෙන් තවත් විශේෂ ප්‍රකාශයක්!  I Sri Lanka Latest News

ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කියපු නියෝජ්‍ය ඇමැති අරුණ තවත් එකක් අතාරියි! එයා ආවෙ දිව්‍යලෝකෙන්ලු! VIDEO I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් ඉරානයම කළුවරේ තියයි! තෙල් පෝලිම කිලෝමීටර් ගණන්! කමේනිට එරෙහිව ජනතා නැගිටීමත් අත ළඟයි!  I Sri Lanka Latest News

මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.