ක්‍රිකට් ආයතනයේ සිදුව ඇතැයි කියන මහාපරිමාණ වංචා දූෂණ හේතුකොටගෙන ඊට අතුරු කමිටුවක් පත් කිරීම සදහා ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයේ සභාපතිි ශෂාන්ක් මනෝහර් මහතා අනුමැතිය ලබා දී තිබියදීත් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා තවමත් නිහඩව සිටීම ක්‍රීඩා ක්ෂේත්‍රයේ බොහෝ දෙනාගේ විමතියට හේතු වී තිබේ.
ක්‍රිකට් ආයතනයේ සිදුව ඇතැයි කියන මහාපරිමාණ වංචා දූෂණ හේතුවෙන් ඊට ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීම සදහා ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයේ සභාපති ශෂාන්ක් මනෝහර් මහතා සමග සාකච්ජා කිරීමට පසුගිය මස හදිසියේම ඉන්දීය සංචාරයක පවා නිරත වීමට හරීන් ප්‍රනාන්දු මහතා කටයුතු කොට තිබිණ.
ඉන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයේ සභාපතිි ශෂාන්ක් මනෝහර් මහතා ලංකාවේ හදිසි සංචාරයක නිරත වූ අතර එහිදී අගමැතිවරයා මුණගැසීමෙන් අනතුරුව මෙම අතුරු කමිටුව පත්කිරීමට අනුමැතිය ලබා දීමට කටයුතු කර තිබිණ.
එසේ තිබියදීත් හරීන් ප්‍රනාන්දු මහතා එම අතුරු කමිටුව පත් නොකරමින් කල් මරමින් සිටින්නේ ලබන මාර්තු මාසයේ අත්සන් තැබීමට නියමිත බිලියන ගණනක් වටිනා ක්‍රිකට් විකාශන අයිතිය සම්බන්ධ ගිවිසුම නිසාදැයි සැකයක් ක්ෂේත්‍රයේ මතුව ඇති බවක්ද දැනගන්නට ඇත.