කේ සීඞ්ස් ඉන්වෙස්ට්මන්ට්ස් (පුද්) සමාගම විසින් ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත මූල්‍ය සමාගම් වාර්තාවට අනුව, නවතම ජාතික ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට සිංගර් ෆයිනෑන්ස් (ලංකා) සමාගම සමත් වී තිබේ. ශ්‍රී ලංකාවේ දෙවන පෙළ මූල්‍ය සමාගම් අතර හොඳම ක්‍රියාකාරී මූල්‍ය සමාගම ලෙසින් එම සමාගම ශ්‍රේණිගත කර ඇත.
එම වාර්තාවට අනුව, ලැයිස්තුගත මූල්‍ය සමාගම් අතරෙහි සිංගර් ෆයිනෑන්ස් (ලංකා) සමාගම ශ්‍රේණිගත කර ඇත්තේ, (රුපියල් බිලියන 20-100 අතර වත්කම් පදනමක් සහිත) දෙවන පෙළ ලැයිස්තුගත සමාගම් 12 අතරෙහි ප්‍රමුඛයා ලෙසිනි. සිංගර් ෆයිනෑන්ස් සඳහා වන මෙම ශ්‍රේණිගත කිරීම හිමි වන්නේ, ශ්‍රී ලංකාවේ දෙවැනි පෙළ සමාගමක් ලෙසින් 2019 / 20 මූල්‍ය වර්ෂයේ සිව්වන කාර්තුව අළලා, ඔවුන්ගේ විශිෂ්ට ක්‍රියාකාරිත්වය සැලකිල්ලට ගනිමිනි.
මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින්, සිංගර් ෆයිනෑන්ස් (ලංකා) සමාගමේ සභාපති අරවින්ද පෙරේරා මහතා අදහස් දැක්වීය. “මෙම ඉහළම ශ්‍රේණිගත කිරීම, සිංගර් ෆයිනෑන්ස් සමාගමෙහි විශ්වාසනීයත්වය හා ආයෝජන මත ලබාගත් ප්රතිලාභ පිළිබඳ වර්ධනය වන පිළිගැනීම පැහැදිලිව පෙන්නුම් කරන්නක්. මෙය ක්ෂේත්රයෙන් අපට ලැබුණු විශ්වසනීය පිළිගැනීමක්. ඒ නිසා මෙම ශ්‍රේණිගත කිරීමෙන් අපි ඉතාමත් සතුටට පත් වෙනවා. ”











