ශුධ වූ බයිබල් අධ්‍යාපනය ප්‍රායෝගික ජීවිතයට හුරු කරවමින් ප්‍රජාව සත්‍යගරුක සහ වගකීම් සහගත පුරවැසියන් බවට පත්කර ලීමේ අරමුණෙන් යුතුව නව ගෝලීය ප්‍රචාරණ වැඩසටහනක් දියත් කිරීමට JW.org කණ්ඩායම පියවර ගෙන ඇත. බයිබලයේ ඉගැන්වීම් සහිත Watchtower සඟරාවේ විශේෂ කලාපයක් නොවැම්බර් මාසයේදී මෙරට ව්‍යාපාරික ප්‍රජාවට, රාජ්‍ය නිලධාරීන්, අධිකරණ නිලධාරීන් ඇතුළුව පොදුවේ මහජනතාව අතට නොමිලේ පත් කිරීම සඳහා JW.org කණ්ඩායම කටයුතු සම්පාදනය කර ඇත. නව සංස්කරණයෙන් සහ අධ්‍යයනයට පහසු ලෙසින් නිමවූ මෙම Watchtower සඟරාව භාෂා 300කට වැඩි සංඛ්‍යාවකින් පළ වන ලොව එකම සඟරාව වේ.
නොවැම්බර් මාසයේ විශේෂ කලාපයක් ලෙස එළිදැක්වූ Watchtower (මුරටැඹ) සඟරාවේ කවරයේ කතාව මෙවර අරුත් ගැන්වූයේ What is God’s Kingdomයනුවෙනි. මෙවර කවරයේ කතාව තුළින් බයිබලයේ ඉගැන්වීමට අනුව ලෝකය පිළිබඳ අනාවැකි ඉදිරිපත් කෙරේ. කෝවිඞ් 19 වසංගතයට මුහුණපා සිටින මුළු මහත් සමාජය පිළිබඳව දයානුකම්පාවෙන් බයිබල් වදන් තුළින් ප්‍රීතිමත් නව ජීවිතයකට ආරම්භයක් ලබා දීම සඳහා බයිබල් ඉගැන්වීම් සරලව සමාජයට ගෙන යෑම මෙම සඟරාවේ පළවූ සියලු ලිපි තුළින් ගෙන හැර දැක්වීමට උත්සාහ කර ඇත. එමෙන්ම දේව රාජ්‍ය පිළිබඳ ගැටලු, මෙහි ජීවන ප්‍රතිලාභය කුමක්ද යන කරුණු පිළිබඳවත් අවධාරණය කෙරේ. නොවැම්බර් මාසයේදී පළ වූ මෙම විශේෂ Watchtower සඟරාව තුළ ශතවර්ස ගණනාවක් පුරා මිනිස් චිත්ත සන්තානයේ කැකෑරෙමින් තිබු ප්‍රශ්න ගණනාවකට පිළිතුරු ලබා දීමත් ඉදිරියේදී ඇතිවන යහපත් කාලය පිළිබඳවත් සමාජයට නිරාවරණය කරයි.











