• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

අපේ සමහරු සුද්දගෙ නැට්ට අතේ තියන් ඉන්නෙ

November 7, 2020
in Heart
Reading Time: 4 mins read
A A
අපේ සමහරු සුද්දගෙ නැට්ට අතේ තියන් ඉන්නෙ
Share on WhatsAppShare on Facebook

නාකිපාට වුණාට මං තාම තරුණයි…

දෙයියනේ මේ නාකි ගෑනි මුණුපුරාව කසාද බැඳලද කියල සමහරු අහනවා…

විශිෂ්ට ගණයෙහිලා ගත හැකි අති දක්ෂ කලාකරුවන් ගැන අටුවා ටීකා වශයෙන් ලියන්නට උත්සාහ කිරීම, බොහෝ විට අවැඩකි. අන්න ඒ නිසා දුලීකා මාරපන ගැන වැඩකට නැති තෝම්බුවක් දිගහැරීම අප පසෙක ලෑවෙමු. එහෙත්, අමාවකට පෑයූ අහිංසක සඳක ලෙස ටෙලි තිරයට පැමිණ ‘හිම කැටයම’ තුළින් කලා ලොවේ සැකසහිත කැටයමක වූ ඈ ගැන ඔබ නොදත් තව පුංචි පුංචි කතා ලියන්නට ‘හාට්’ දුලීකාට කළ ආරාධනය මත ගෙවී ගිය සොඳුරු මතක සටහන් නම් කෙසේවත් සඟවන්නට නොහැකි තරම් විය. ඉතින්, ඒ ගැන අසන්නට දැන කියාගන්නට ඔබටද ඉතසිතින් මෙසේ ආරාධනා කරන්නෙමු. එන්න රසවිඳින්න. මේ දිගහැරෙන්නේ දුලීකා මාරපන මීට පළමුව ඔබට නොකී තොරතුරු වන්නටද පුළුවන.
ඉන්ටර්නැෂනල් සමඟ ඔබ මේ දවස්වල බොහෝ කාර්යබහුල බවයි ආරංචිය?
ආරංචිය නම් හරියටම හරි. හැබැයි ටෙලි නාට්‍යයෙහි නම ඔබ උච්චාරණය කළ ආකාරය නම් වැරැදියි. මොකද එය ‘ඉන්ටර්නැසනල්’ මිසක ‘ඉන්ටර්නැෂනල්’ නෙමෙයි.
‘ෂ’ යන්න වෙනුවට ‘ස’ යන්න යෙදුවෙ උපහාසයටද දුලීකා?
සත්තකින්ම උපහාසයට තමයි. සුද්දා යන්න ගිහින් දශක ගණනක් ගෙවුණත් තවමත් අපේ සමහර දෙනා සුද්දගේ නැට්ට අතේ තියාගෙන ඉන්නවා. ඒ නැට්ට තවමත් අත්හැර දමන්න එයාලා සූදානමක් නැති පාට තමයි පෙනෙන්නේ.
ඉන්ටර්නැසනල් නිර්මාණය වුණේ සුද්දගේ නැට්ටෙ ආදීනව කියන්නද?
නොකියා කොහොමද? යම් කාරණයකවැදගත්කම ලෝකයාට බෙදාහරින හොඳම මාධ්‍යය වන්නේ කලාවයි. අනික මමත් සුජීවත් හිතුවා මේක බොහෝ කාලෝචිතයි කියලා. හිතලා බලන්න හැම අම්මා තාත්තා කෙනෙක්ම අද පිටරට අධ්‍යාපන ක්‍රමය හරහා තමන්ගේ දරුවව සුද්දකු කරලීමේ මෙහෙවරක යෙදෙනවා. ඉංග්‍රීසි අධ්‍යාපනය දෙන්න, දරුවව පිටරට යවන්න, ඇත්තටම පුදුම උමතුවක් ඔවුනට තියෙන්නේ. හොඳයි එතැන වරදක් නැතිය කියමු. ප්‍රශ්නේ තියෙන්නේ අහස අල්ලන්න හැදුවට මාපියන්ට ඒ සඳහා අවශ්‍ය ආර්ථික තත්ත්වය නෑ. ඉන්ටර්නැෂනල් අධ්‍යාපනය ලබන දරුවන්ගේ හෝම්වර්ක් ටික කරන්න මාපියන්ට අවැසි ඉංග්‍රීසි දැනුම නෑ. ඒ අතර තමාට යන්න බැරිවුණු ඉන්ටර්නැෂනල් තලයට දරුවා ඔසවා තැබුව පසුව දරුවා සහ දරුවා නියෝජනය කරන සමාජය තුළ මාපියන් මැදිවන හෑල්ලුව කොයි තරම් අසරණයිද? ඒ සියල්ල හමුවේ පීඩාවට පත්වන පවුල් ගැන තමයි ‘ඉන්ටර්නැසනල්’ තුළින් පොදුවේ කතාබහ කරන්නේ.
වේලාව සඳහා සවස 6.00 තෝරාගත්තේ ඇයි කියල ඇහුවොත්?
මෙහෙමයි. ස්වාධීන රූපවාහිනී සේවය සඳහා නාට්‍යයක් ඉදිරිපත් කරන විට එය කරන්නන් වාලේ කරන්නට බැහැ. යම් මණ්ඩලයක් විසින් එය නැරැඹූ පසුවයි ඒ සඳහා අවසරය ලබා දෙන්නේ. ‘ඉන්ටර්නැසනල්’ නැරැඹූ පසුව එම කොටස් කිහිපය ගැන ඔවුන් පැහැදුණා. එයට ඉහළ ලකුණු ලැබුණා. ඉන්පසු ඔවුන් අපෙන් ඉල්ලා සිටියා ‘අලුත් බෙල්ට්’ එකක් ටෙලි කලාවට තිළිණ කරන්න ‘ඉන්ටර්නැසනල්’ නාට්‍ය දෙන්න කියලා. ඇත්තෙන්ම වෙනත් වෙලාවක් ගැනීමේ අවස්ථා නොතිබුණු නිසා අපද එම අභියෝගය බාරගත්තා. සවස 6.00 කියන්නේ වෙනස් ටයිම් එකක්. නිවසේ බොහෝ විට කවුරුත් වාගේ අඩුයි. හිටියත් එක එක ගෙදර වැඩ. තවත් අය පාරේ. ඒ වාගේ පසුබිමක තමයි අපි ‘ඉන්ටර්නැසනල්’ පෙන්නන්න 6.00ට අලුත් බෙල්ට් එකක් බාරගත්තේ.
හිතුවාට වඩා අලුත් බෙල්ට් එක ජයග්‍රාහී වුණා?
මොනවද මේ කතා. ඉතාම අසීමිත ප්‍රතිචාර ලැබුණා. හැබැයි හිතුවට වඩා කියා ඔබ යෙදූ වචනය මම මෙතැනදි අනුමත කරන්න කැමැති නැහැ. ‘දුලීකා මාරපන’ කියන්නේ බොහොම ධනාත්මකව සිතන කෙනෙක්. ‘ඉන්ටර්නැසනල්’ රූගත කිරීම් පළමුව ආරම්භ කරන විටම මගේ විශ්වාසයක් තිබුණා එය ප්‍රේක්ෂකයන් අතරට යනවා කියලා. ඒ වගේම මම අදහන තවත් යමක් තියෙනවා. ඒ අපි හොඳ නිර්මාණයක් කරනව නම් ප්‍රේක්ෂකයන් අනිවාර්යයෙන්ම ඒ වටා ඉන්නවාය කියන එකයි. මට තවම මතකයි අපි ‘ලෝරන්ස්ගේ මනමාලි’ නිර්මාණය කළේ වේදිකාව බොහෝ හිස්ව ගොස් තිබූ කාල වකවානුවකයි. හැමෝම අපට නාට්‍යය කරන්න එපා කිව්වා. සත්තකින්ම මට සහ අප දෙදෙනාටම ඕනෑ වුණේ වේදිකාවට නැවැත රසිකයන්ව ගෙන එන්නයි. ඒ අභියෝගය අප ජයගත්තා. ‘ඉන්ටර්නැසනල්’ ටෙලිනාට්‍යයට සිදුවූයේද එයයි. අනික නිර්මාණයක සාර්ථකත්වය කියන්නේ මුදල්ම නෙමෙයි. ප්‍රේක්ෂක පිරිස ආලින්දය වටා පුටු තබා අසුන්ගන්නේද? අන්න එයයි නිර්මාණයක සාර්ථකත්වය. කොහොමත් මට ආඩම්බරයි. හේතුව ‘ඉන්ටර්නැසනල්’ කියන්නේ මගේ කුලුඳුල් ටෙලි නිර්මාණයයි.
වයසට වඩා මුහුකුරා ගිය චරිත නිතරම ලැබෙන එක ගැන හිතට අමාරු නැද්ද දුලීකා ඔබට?
චරිතයක් ලැබෙන විට මම පළමුව බලන්නේ ප්‍රේක්ෂකයාට මතක හිටින යමක් මට එහි කරන්නට තිබෙනවාද කියලා පමණයි. ඉන්පසුව එම චරිතය තුළ වෙනත් අඩුපාඩු නැතිනම් මම එයට හැකි උපරිමය කරනවා. ටෙලි කලාවට පැමිණි මුල් අවදියේ දීග සෝමපාලගේ දේදුණු පාලමෙහි මම ඩග්ලස් රණසිංහ මහත්තයගේ අම්මට රඟපෑවා. එවකට ඔහු මගේ වයසට වඩා දෙගුණයකට වැඩි වයසකයි හිටියේ. හැබැයි එය මට ගැටලුවක් වූයේ නැහැ. හැබැයි අම්මලාට රඟපාන්නට සුදුසු වයසක සිටින ප්‍රවීණ රංගවේදිනියන්ට නම් එය අසාධාරණයක් වුණා. මට වැඩිහිටි චරිත ලැබෙන විට මම අධ්‍යක්ෂවරුන්ට ඒ ගැන කියනවා. ඒත් ඔවුන් කියන්නේ එයට සුදුසු නිසා මාව තෝරාගත් බවයි.
ආත්තම්මා ටෙලිනාට්‍යයෙහි රඟපාන විට කවුරුත් සිතුවේ ඔබ වියපත් කාන්තාවක් කියලයි?
ඔව් අප්පා. කවුරුත් හිතුවෙ එහෙම තමයි. සුජිත්ව බඳින්න යනවා කියලා දැනගත්තාම කීදෙනෙක් මට අපහාස කළාද? මූණටම ඇනුම්පද කිව්වා. ‘දෙයියනේ බලන්නකෝ අර නාකි ගෑනි තමන්ගේ මුණුබුරාට රඟපෑව පොඩි කොල්ලව බඳින්න යනවනේ’ කියලා.
ඔබට තරහක් දැනුණේ නැතිද එතකොට?
අයියෝ නැහැ. මට ඒක හරි අපූරු විහිළුවක් වුණා. අනික රසිකයෝ මට නාකි ගැහැනි කියන්නේ මම වියපත් චරිත තුළ හොඳින් රංගනය කළ නිසානේ. අන්න එතැන තමයි මගේ ආශ්වාදය තිබුණේ. ‘අනේ දුලී නාකි චරිත රඟපෑවට ඔයා හරි තරුණයි’ කියනවට වඩා ‘පෙනෙයිද අර නාකි ගෑනි තරුණ කොල්ලෙක්ව බඳින්න යන අපූරුව’ කියන වචන ටික මගේ හිතට හොඳ උද්දාමයක්.
සුජිත් ගැන ටිකක් කතා කරමු. ඔහු හොඳ සැමියෙක්ද කියා ඇහුවොත් එහෙම?
සුජිත් ප්‍රේමණීයයි. සැමියකු ලෙස පවුල තුළ හොඳ විනෝදකාමී මනුස්සයෙක්. සෙට් එකේදි නම් ඔහු හරිම සියුම් අණදෙන්නෙක්. ඒ වාගේම සූක්ෂ්මයි. ඔහුගේ අධ්‍යක්ෂණය තුළ මා රඟන විට සමහර අවස්ථාවල මට යම් තරහක් ආවත් ඔහු එය හරි අපූරුවට පාලනය කරනවා.
උපාධිධාරිනියක වූ ඔබ රංගනය පමණක් වෘත්තීය ලෙස කරන්නේ ඇයි?
රංගනය පමණක් මම වෘත්තීමය ලෙස කරන බව හිතන ඔබ ඇතුළු හැම කෙනෙකුටම මෙහිදී මම යම් පණිවුඩයක් දෙන්නම්. කලාකරුවකු කියන්නේ හරිම සුවිශේෂී චරිතයක්. රඟන්නට බැරිව ගිය කළ ඔවුන් රජයට අතපෑම කළ යුතු නැහැ. ඔවුන් වැනි විශිෂ්ටයන් එසේ කළයුතුය යන මතය තුළ මම නොසිටින අතර අන් කලාකරුවන්ද එම මතයෙන් බැහැර වන්නේ නම් එය ඉතාම ගෞරවනීයයි. ඒ උතුම් ගෞරවය රැකගනුවස් මම රංගනයට අමතරව බොහෝ ඉසව් කෙරෙහි යොමුව සිටිනවා. මීට පළමුව මම ‘ෆිෂ් ඔයිල්’ මෙරටට ගෙන්වීමේ ව්‍යාපාරයක නියැළී සිටියා. ඩ්‍රග්ස් මාෆියාව ලංකාව ගිලගන්නා පසුබිම තුළ එය නවතා දැමීමට කටයුතු සැලැසුණා. පරිසරවේදිනියක ලෙස ‘සොබා ට්‍රස්ට්’ යන තේමාව යටතේ මම ‘මහරාජා’ සංවිධානය සමඟ කළ වැඩසටහන් මාලාවක වෘත්තීමය වශයෙන් සේවය කළා. කිහිපවිටක්ම සම්මානනීය මෙහෙවරක් වූ එයින් මට සමුගැනීමට සිදුවුණේ රංගන කලාව සඳහා කාලය වෙන්කර ගැනීමට අපහසු නිසයි. දැන් මම ඇඟලුම් ආයතන කිහිපයකම ‘මෝර්ටිවේටර්’ කෙනකු ලෙස ෆ්‍රීලාන්ස් සේවය කරනවා. ඒ අතර ‘ජූඩි’ නම් ඉතාලි කේක් ශිල්පිනියක යටතේ කේක් කලාවේ ප්‍රධානම අංගයක් වූ ‘විල්ටන් මල්’ කලාව ඔන්ලයින් හදාරනවා. ආඩම්බරයි කියන්න ජූඩි මට කියනවා නිතරම මම ඈට හමුවූ හරි අපූරු ගෝලයෙක්ය කියලා. විස්තරය දිග වැඩි වුණාද මන්දා. හැබැයි මම එය කීවේ කලාකරුවන් වන අප රංගනය සඳහා යොමුවන්නට බැරිවූ කල ජීවත් වීමට යමක් ඉතිරිකර ගැනීමට උපායශීලී විය යුතුය කියන නැඟීම මෙතැනදි පහදා දෙන්නටයි. අවම වශයෙන් පවුලේ එකම දුව වශයෙන් මගේ අම්මාව බලාකියා ගන්නට අවැසි පසුබිමක් සකසාගත යුතුය කියන මතය තුළ මම ඉන්න බව මෙහිදී කියනවා.
ඇත්තටම දුලීකා ඔබ ගැන ආඩම්බරයි. පිළිසඳර අවසන් කිරීමට යමක් කියනව නම්?
ජීවිතය සාර්ථක කර ගැනීමට අවැසි බොහෝ දෑ අපට ලැබෙන්නේ අප ජීවත් වන වටපිටාවෙන් සහ අත්දැකීම් තුළිනුයි. ලෝකය දෙස පියවි ඇසින් බලනවා නම් හැදෑරිය යුතු දෑ බොහෝමයි. රංගනය වැනි වෘත්තියක් මුවහත් කරගැනීම සඳහාද අපට අවැසි වන්නේ වටපිටාව සහ අප ගැටෙන යම් සිදුවීම් තුළ වන අත්දැකීම් සම්භාරයයි. ඇකඩමියකින් ලබන ඉගෙනුමට වඩා එය ඉතාම ප්‍රයෝජනවත් බව මගේ හැඟීමයි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

විපක්ෂයේ බැසිල් භීතිකාව (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

Next Post

දරුපල නැති අයට විස්මිත පිළියමක්

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.