5G තාක්ෂණයේ පුරෝගාමියෙකු මෙන්ම ගෝලීය ස්මාර්ට් දුරකථන නිෂ්පාදනයේ නවෝත්පාදකයා වන Huawei විසින් පළමු වරට මධ්‍යම මිල මට්ටමේ (Mid Range ) 5G ස්මාර්ට් ජංගම දුරකථනය එළිදක්වන ලදී. 5G නව අත්දැකීම බලාපොරොත්තුවෙන් සිටින ස්මාර්ට්ෆෝන් භාවිතා කරන්නන් සඳහා අසමසම කාර්ය සාධනයක් ලබා දීම සඳහා Huawei Nova 7 SE ඉතාමත් උසස් තත්ත්වයේ Kirin 820 5G SoC චිප් එකක් යොදාගෙන තිබෙනවා.
නව පරිශීලකයාගේ අවධානය දිනා ගන්නා තවත් එක් කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ Huawei Nova 7 SEහි display එකයි. අඟල් 6.5ක Punch Full view display මඟින් ඉතා හොඳ දර්ශන තිරයක් ලබාදෙන අතර එය 90.3% screen-to-body අනුපාතයකින් යුක්ත වේ . ඉතා අනර්ඝ නිමාවකින් යුතු මෙම smart දුරකථනය Space Silver” Crush Green සහ Midsummer Purple යන මෙම ආකර්ෂණීය වර්ණ ත්‍රිත්වයෙන්ම ලබාගත හැක.
Huawei NOVA 7 SE ජංගම දුරකථනයේ ප්‍රධාන කැමරාව 64MP high-resolution lens එකකින්ද, 8MP ultra-wide-angle lens එකකින්ද, 2MP bokeh lens එකකින් සහ 2MP macro lens එකකින් සමන්විතultra-high-resolution AI Quad කැමරාවකින් යුක්ත වේ. මෙම කාච හතරේ සුසංයෝගය නිසා ඉතා උසස් ඡායාරුපකරණ හැකියාවක් පරිශීලකයන්ට හිමිවේ.











