• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

චීනය පාකිස්තානයේ පුපුරුවන්න යන ජලකර බෝම්බය

November 2, 2020
in News, Politics
Reading Time: 2 mins read
A A
චීනය පාකිස්තානයේ පුපුරුවන්න යන ජලකර බෝම්බය
Share on WhatsAppShare on Facebook

ඇෆ්ගනිස්ථානයේ තිබූ වසර එක්දහස් හත් සියයකට (1700) වඩා පැරණි ඓතිහාසික මහා වටිනාකමකින් යුත් බාමියන් බුද්ධ ප්‍රතිමා වහන්සේලා තලෙයිබාන් කාරයින් විසින් විනාශ කරනු ලැබීම මහ පොළොව නොඋසුලන අපරාධයක් සේම තුච්ඡ නින්දිත පාහර ක්‍රියාවක් බව අන්තගාමීන් හැර සමත්ත ලෝකවාසීහුම එක හඬින් කීහ. ඒ අධම චිරස්ථීන ක්‍රියාවම යළිදු සිහිපත් කිරීමේ සිද්ධි මාලාවක් නැවත පෙළ ගැසෙමින් තිබේ.
ඒ පාකිස්තානයේ පාලන බල ප්‍රදේශයේ ජම්මු සහ කාශ්මීර් දෙපළාතට අයත් ගිල්ගිට්-බැල්ටිස්ටන් ප්‍රදේශයේ පිහිටි බුද්ධ ප්‍රතිමා සහ ශිලා ලේඛන තිස් දහසකට (30,000)වැඩි සංඛ්‍යාවක් විනාශ කර දැමීමේ සූදානමය.
ඉන්දුස් ගංඟාව හරස්කර ඩයමර් බාෂා වේල්ල ඉදිකිරීමෙන් මේ විනාශය සිදුවේ. එහෙත් මේ සුද්ධ වස්තූන් ආරක්‍ෂා වෙතැයි යන්න පිළිබඳව අංශු මාත්‍රයක අබපියැල්ලක තරමේ අපේක්‍ෂාවක් තබා ගත හැකි වෙතැයි සිතිය හැක්කේ ඉදිකිරීම් කර්මාන්තයට චීනයේ කොමියුනිසට් ආණ්ඩුව අරමුදල් යෙදවුවහොත් පමණක් යැයිද අනුමාන කෙරේ. එසේ නොවී ඉදිකිරීම් ව්‍යාපෘතියට පාකිස්ථානය මුදල් ආයෝජනය කළහොත් ලොවේ සිටින්නේ තම දෙවියන් පමණක් යැයි උග්‍ර අන්තවාදී මතයක එල්බ ගෙන සිටින පාකිස්ථානුවන්ගෙන් බුදු පිළිම ඇතුළු බෞද්ධ ඓතිහාසික ලේඛන ඉතුරු වෙතැයි කිසිදු විශ්වාසයක් තැබිය නොහේ.
එතකුදු වුවත් චීන කොමියුනිස්ට් රජයද නුදුරු අතීතයේදී බෞද්ධ ප්‍රතිමා අට සියයකට (800) වැඩි සංඛ්‍යාවක් පෙළොවටම සමතලා කෙළේය. පාකිස්තානයද ඒ ක්‍රියාවට නොදෙවැනිව කයිබර් පක්තුන්කාවා පළාතේ තිබූ වසර එක දහස් හත්සියයක් (1700) තරම් පැරණි බුද්ධ ප්‍රතිමාවක් පසුගියදා විනාශ කෙළේය.
පුරාවිදා්‍යාව පිළිබඳ කීර්තිමත් පර්යේෂකයකු වන පාකිස්ථානු ජාතික මුහමඞ් සාහිර් පවසන්නේ ගිල්ගිට්-බැල්ටිස්ටන් කලාපයේ පුරාවස්තූන් ක්‍රිස්තු පූර්ව පළමු සියවසට අයත් බවය. ඒවා තක්‍ෂිලාවට සහ ගාන්ධාරයේ පිළිම සහ කලාශිල්ප ආදියට නෑකම් කියන බවය.
යෝජිත වේල්ල සහ ජලවිදුලි බලාගාරය ඇතුළු ව්‍යාපෘතියේ ඉදිකිරීම් කරනකොට ගෙන ඓතිහාසික වැදගත්කමින් යුතු ශුද්ධ වස්තූන් ජලාශයට යටවනවා පමණක් නොව, පෞරාණික ශිෂ්ඨාචාරයට සහ සංස්කෘතියට අයත් සම්පත් රැසක් විනාශ වන බවය.
මේ අතරතුරේ පෞරාණික සම්පත් විනාශ කිරීමටද පිරිසක් කටයුතු කරන බව වාර්තා වේ. බෞද්ධ කැටයම් සහිත පර්වත, ස්ථම්භ සහ විශාල ලේඛන සහිත ශිලා ලිපි ආදියේ මේ වන විට තාර වැනි දේ ආලේප කර මකා විනාශ කර ඇති අතර ඇතැම් ඒවා මත්තෙහි පාකිස්ථානු ජාතික කොඩිය පින්තාරු කර ඇත.
චීන, ජපන් සහ කොරියානු ජාතිකයෝ සෑම වර්ෂයකම පාහේ මේ බෞද්ධාගමික සිද්ධස්ථාන නැරඹීමට පැමිණෙන්නාහ.
බෞද්ධ කලා ශිල්ප, කැටයම් කෙටූ ස්ථම්භ, ශිලාලේඛන සහ බුදුපිළිම පිහිටා ඇති ප්‍රදේශයේ වපසරිය කිලෝ මීටර් එකසිය තිස් පහක් (135) බවද එහි ගම්මාන පනහකට (50) වැඩි සංඛ්‍යාවක් ඇති බවද, ඒ සියල්ල යෝජිත වේල්ල නිසා ජලාශයට යටවන බවද පාකිස්තානු රජයෙන් පැවැත් වූ පුරාවිදා්‍යාත්මක සමීක්‍ෂණයකින් අනාවරණය වී තිබේ.
සිදුවන්නට යන මහා විනාශය වළක්වා ගැනීමේ අරමුණින් පාකිස්ථානයේ වෙසෙන බුද්ධිමත් එමෙන්ම මධ්‍යස්ථ මතධාරී විශාල පිරිසක් උද්ඝෝෂණ ගණනාවක්ද පවත්වා ඇත්තාහ.
වේල්ල සහ ජලවිදුලි ව්‍යාපෘතියේ සම්පූර්ණ අයිතිය ඉල්ලමින් ඉදිකිරීමේ කර්මාන්තයට චීනය අත ගසනවාට විරුද්ධ වූ පාකිස්ථානය ඒ කටයුත්ත තමන්ම කිරීමට උත්සාහ දරා තිබේ. එහෙත් ඒ සඳහා අවශ්‍ය මුල්‍ය පහසුකම් සොයා ගැනීමට පාකිස්ථානයට හැකිවී නැත. පාකිස්ථානයේ උත්තමාධිකරණය ඉන් පසු රටේ ධනවත් පිරිසට ව්‍යාපෘතිය ඇරඹීම සඳහා දේශප්‍රේමී අරමුදලක් ආරම්භ කරන ලෙසටද ඉල්ලීමක් කර තිබේ. එහෙත් ඒ ඉල්ලීමද ඉෂ්ට සිද්ධවී නැත. අවශ්‍ය තරම් අරමුදල් සොයා ගැනිමේ දුෂ්කරතාව නිසා පාකිස්තානය වේල්ල ඉදිකිරීමේ අදහස අත්හැර දැමිණි.
ඉන් අනතුරුව පාකිස්ථානයට සිදුවූවේ පොල්කටුව අතින් ගෙන චීනයෙන් හිඟමන් ඉල්ලීමටය.
මේ වන විට ජල විදුලිබල ව්‍යාපෘතිය චීනයේ කන්ස්ට්‍රක්ෂන් කෝපරේෂන් ඔෆ් චයිනා සමග පාකිස්තානු යුද හමුදාවේ ෆ්‍රන්ටියර් වර්ක්ස් ඕර්ගනයිසේෂන් සමග ඒකාබද්ධ ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කෙරේ. ඒ පිළිබඳ ගිවිසුමට අනුව ව්‍යාපෘතියෙන් සියයට හැත්තෑවක් (70%) චීනයට අයත් වේ. එය පාකිස්තානයේ ස්වාධිපත්‍යයට බරපතළ හානියකි. එපමණක් නොව ව්‍යාපෘතියෙන් යථෝක්ත බෞද්ධ ඓතිහාසික සම්පත් සම්භාරයට අත්විය හැකි ඉරණමද ඉතාමත් බරපතළය.
බෞද්ධයන්ගේ ආගමික ස්වාධීනත්වයට හානි කෙරෙන අන්දමින් චීන කොමියුනිස්ට් රජය තහනම් නීති පනවමින් බෞද්ධ සම්පත් (බුද්ධ ප්‍රතිමා කැටයම් සහිත පර්වත ස්ථම්භ සහ විශාල ශිලා ලේඛන) විනාශ කිරීමට මේ වන විට නියෝගද නිකුත් කර ඇත. මේ නියෝගය අන්තවාදීන්ට අඬන්න සිටින එකාගේ ඇහේ කෝටුවක් ඇණුනා සේය.
ජිලියන් :න්‍සකසබ* පළාතට නිරිතදිග කඳුමුදුනක තිබූ මීටර් විසි නමයක් (29) උස බුද්ධ ප්‍රතිමාවක් මේ අනුව පසුගියදා කඩා බිඳ විනාශ කර දැමිණි. බුද්ධ ප්‍රතිමාව විනාශ කිරීමට හේතුව වශයෙන් ඉදිරිපත් කෙරුණේ එය උස වැඩිය යන කරුණය.
ලොංයූන් විහාර භූමිය ආසන්නයේ කඳු මුදුනක පිහිටා තිබූ අඩි සියයකට (100) වැඩි(මීටර් තිහක්) උසකින් යුත් ගුවන් ප්‍රතිමාව ඇතුළු ප්‍රතිමා රැසක්ද පසුගියදා විනශ කෙරිණි.
බෞද්ධ උරුමයන් විනාශ කර දැමීමේ චීන කොමියුනිස්ට් පක්‍ෂයේ අභිප්‍රාය බෞද්ධාගම යටපත් කර රටවාසීන් කොමියුනිස්ට් නැඹුරුවට ගෙන ඒමය.
ගුවනි බුද්ධ ප්‍රතිමාව විනාශ තිරීමේ සත්‍ය කරුණ නම් බෞද්ධ බැතිමතුන් බුදුගුණ ගයමින් නිති පතා බුදුන් වැඳීම රජයට ඉවැසිය නොහැකි වීමයි. චීන ආණ්ඩු ප්‍රතිපත්තිය අනුව බුදුන් වැඳීම තහනම්ය.
චීන කොමියුනිස්ට් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ ක්‍රියාකාරී සාමාජිකයකු කීවේ ප්‍රතිමා විනාශ කිරීමට එරෙහිව සටනක් ආරම්භ කරන බවයි.
බෞද්ධ පිළිම විනාශ කෙරමින් ක්‍රියාත්මක වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් පාකිස්ථානුවන්ගේ සහ විශේෂයෙන් ජිල්ජිත් වාසීන්ගේ ජීවිතවලට වගවීමට චීනයට සිදුවේ.
වේල්ල ඉදි කෙරෙන ප්‍රදේශය පාරිසරික වශයෙන් මහත් විපත්තිදායක එකකි. පිහිටා තිබෙන්නේ මධ්‍යම ආසියානු භූමි ස්ථරයේය. හඳුනාගනු ලැබ ඇති අන්දමට මේ ප්‍රදේශයේ සෑම මාසයකදීම සිදුවන භූකම්පන සංඛ්‍යාව තුන් සියයකට(300) අධිකය.
එසේ වුවත් ඩයමර් බාෂා වේල්ල හා බැඳුණු ජල විදුලි ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ උත්සවය පැවැති ඉකුත් ජූලි මාසයේ (2020.07) දී පාකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් පැවසුවේ රට සංවර්ධනයේ ඉතිහාසගත වන අවස්ථාවක් උදාවූ බවයි.
එහෙත් එරට ජාතික ජල සම්පත් සංවර්ධන කවුන්සලයේ කැඳවුම්කරු වන සුලේමන් නජිබ් ඛාන්පැවසුවේ ඩයමර් බාෂා වේල්ල පුපුරා යාමට ආසන්න ජලකර බෝම්බයක් බවයි. එසේම අඩි නමසිය අටක් (908) උස වේල්ල යම් හෙයකින් බිඳුණහොත් ඇතිවන තත්ත්වයට මුහුණදිය හැකි අන්දමේ බලවත් වේල්ලක් රෝලර් කොම්පැක්ටඞ් කොන්ක්‍රීට් ක්‍රමයට හෝ මෙතෙක් ලෝකයේ ඉදිකෙරී නැති බවයි.
යෝජිත අඩි නමසිය අටක් උසට ඉදිවූ වේල්ල පුපුරා ගියහොත් අක්කර අඩි අසූ ලක්‍ෂයක් (80,00,000) හෙවත් ගැලුම් කෝටි දෙලක්‍ෂ හැට දහස් අට සියයක් (26,08,00,00,00,000) එක මොහාතින් විදාරණය වීමෙන් ජනිතවන ශක්තිය ජලකර බෝම්බයක් පුපුරා යාමේන් ඇතිවන ශක්තියට සමාන බවය. එසේ වුවහොත් පාකිස්ථානයේ සිට සුක්කූර් දක්වා ඉන්දු ගංඟාවේ දෙපස සම්පූර්ණයෙන්ම මුහුදට සෝදායන බවය.

පරිවර්තනය මාර පුත්‍ර

SendShareShare
Previous Post

අයියෝ බන්දුලට වෙච්ච දෙයක් (රාජ්‍ය රහස්)

Next Post

සිය දිවි නසාගත් තරුණයාට කොරෝනා: 22 වන මරණය

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.