සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඉලක්ක කරගත් පාරිසරික හා අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීම වෙනුවෙන් INSEE Ecocycle ආයතනය, දිස්ත්‍රික් 306 ජාත්‍යන්තර සිංහ සමාජය සමඟ පසුගියදා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. සිංහ සමාජයේ හිටපු ජාත්‍යන්තර සභාපතිවරයෙකු වන සිංහ මහේන්ද්‍ර අමරසූරිය සහ INSEE Ecocycle ලංකා පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ සංජීව චූලකුමාර යන මහත්වරු එම ගිවිසුමට අත්සන් තැබූ අතර පරිසර අමාත්‍ය ගරු මහින්ද අමරවීර මහතාද එම අවස්ථාවට සහභාගී වී සිටියේය. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් ඊට එක්ව සිටියහ.











